1

5.4K 557 40
                                    


ජන්කුක් බොහොම අමාරුවෙන් නැගිටලා වෙලාව බලනකොට දැක්කේ උදේ 8.30ත් පහු වෙලා තියෙනවා කියලයි.උදේ 7ට තිබ්බ alarm එක වැදුනේ නැත්තේ ඇයි කියල කල්පනකරන්කොට මතක් වුනේ දැනටමත් පැය භාගයක් අදත් තමන් පරක්කුයි කියල.

"අහෝ දෙවියනේ අද ඔබතුමා මාව සුරලොකෙට පිළිගන්න බලාගෙන ඉන්න මං ඉක්මනට එනව ඔබවහන්සේ ලඟට අදනම් මාව බේරගන්න ඔබවහන්සේටවත් බැරි වෙයි වගේ"

තමන්ටම එහෙම කියගන්නගමන් ඔහු ඊලඟට බැලුවේ alarm clock එක දිහා.

"තමුන් තමයි මේ සේරටම වග කියන්න ඕනි මෝඩ මැටි ගොන් ඔරලෝසුව තමුන් ගැන මං වෙන වෙලාවක බලාගන්නම් ඊටකලින් මං මගේ ජීවිතේ රැකගන්න ක්‍රමයක් හොයාගන්න ඕනි නේ"

තවත් පරක්කු නොවී කලබලෙන් ලෑස්ති වුන ජන්කුක් විනාඩි 20කට විතර පස්සේ පඩිපෙලේ පඩි බහින්නේ නැතුව ඒවා උඩින් පනිමින් පහලට ආවේ කොහොමහරි තමන්ගේ boss එන්න කලින් office එක ඇතුලට පැන ගන්නයි.

"Good morning කුකී"

"Good morning ඔම්මා,අප්පා"

"එන්න කෑම කාල යන්න"

"අනේ ඔම්මා අදනම් කන්න වෙලාවක් නෑ දැනටමත් හොඳටම පරක්කුයි,මං canteen එකෙන් මොනාහරි කන්නම්"

"ඒත්..."

Mrs.jeonට තව මොකුත් කියන්න ඉඩක් නොතියා ජන්කුක් තමන්ගේ bike එකෙන් office එකට පිටත් වුණා.

ජන්කුක් ජෙට් එකකටත් වඩා වේගෙන් bike එකේ ගියත් හදිස්සියේම වාහන තදබදයකට ජන්කුක්ට මුහුණදෙන්න වුණේ ඔහුගේ අවාසනාවක තරම ජන්කුක්ට මතක් කරදෙමින්.

ජන්කුක් bike එකේ හෝන් එක ගහන්න හැදුවත් කිසිම සද්දයක් ආවේ නැත්තේ ජන්කුක්වත් පුදුම කරමින්.හදිස්සියේම වුන අකරතැබ්බයත් එක්ක ජන්කුක්ගේ මොළරාජයට අපූරු අදහසක් පහල වුණා.තමන්ගේ ඉස්සරහින් තියෙන වාහන වලට ඇහෙන්න ජන්කුක් තමන්ගේ හෝන් එකේ සද්දේ කටින් පිටකරන්න ගත්තා.

"පීප් පීප් පීප්"

උදේම මහපාර මැද්දේ මේ විදියට කෑගහන ජන්කුක් දිහා හැමෝම පුදුමෙන් බලන් ඉද්දි එකට හිර වෙලා තිබ්බ වාහනත් ටිකෙන් ටික ඉස්සරහට යන්න ගත්තා. වාහන අතරින් පතරින් තමන්ගේ bike එක ඉදිරියටම අරන් යමින් ජන්කුක් අවසානෙදි office එකට එන්න සමත් වුණා.

I Love My Crazy Husband 🐰🐯//𝕋𝕂  [COMPLETED ✔✔]Where stories live. Discover now