23

2.3K 434 163
                                    

ජන්කුක්වත් ඇදගෙන ටේහයුන්ග් රූම් එකට ආපු ගමන් ටේහයුන්ගේ අත ගසලා දාපු ජන්කුක් ටේහයුන්ගේ ඇඳට පැනලා පෙරලි පෙරලි හිනා වෙන්න ගත්තා.

"ඒ සැරේ මොනවද වෙලා තියන්නේ"

ඇඳේ ඒ කෙලවරටයි මේ කෙලවරටයි පෙරලෙන ජන්කුක් දිහා බලන් හිතපු ටේහයුන්ග් ජන්කුක්ට කතා කලා.

"මොකද ඔය හිනා වෙන්න තරම් දෙයක් වුනාද"

හිනාව නවත්තපු ජන්කුක්,

"මොකක්ද හයුන්ග් අර කලින් කිව්වේ. අපි දෙන්නා ආදරේ කරනවා අපි දෙන්නට අපි දෙන්නව නැතුව ජීවත් වෙන්න බෑ. කොහොමද බොරුවටවත් එහෙම දෙයක් කියන්නේ. මන් නම් හීනෙන්වත් ඔයා වගේ දුෂ්ටයෙක්ට ආදරේ කරන්නේ නෑ."

එහෙම කියපු ජන්කුක් ආයෙමත් ඇඳේ පෙරලෙන ගමන් බඩත් අල්ලන් හිනාවෙන්න ගත්තේ ටේහයුන්ග් ජන්කුක් දිහා සීරියස් ලුක් එකකින් බලන් ඉද්දියි.

"මන් එහෙම කිව්වේ අනිත් අයට හේතුවක් කියන්න ඕනි නිසා. නැත්තං මටත් මොලේ අමාරුවක් නෑ ඔහේ වගේ අමුතු ජීවියෙක්ට ආදරේ කරන්න."

ජන්කුක්ට කෑගහලා කියපු ටේහයුන්ග් වොෂ්රූම් එකට රිංගගත්තා.

"බලාගෙන් හයුන්ග් ඉක්මනට නාගන්න නැත්තං ඔයා පුපුරයි.."

අනිත් පැත්තට කෑ ගැහුව ජන්කුක් ආයෙමත් ඇඳේ පෙරලිලා හිනාවෙන්න ගත්තා.

ටිකවෙලාවකින් ටේහයුන්ග් බාත්රූම් එකෙන් එලියට ආවේ බාත්රොබ් එකත් ඇඳගෙනයි. ඒ එනකොටත් ජන්කුක්ට හොඳටම නින්ද ගිහින් තිබ්බා. ජන්කුක් දිහා ටිකක් වෙලා බලන් හිටපු ටේහයුන්ග් කිසිම සද්දයක් ඇහෙන්නේ නැති වෙන්න ජන්කුක් ළඟට පාත් වෙලා ජන්කුක්ගේ මූණට කිට්ටු වුණා

"නිදාගෙන ඉන්නකොටනම් හා පැටියෙක් වගේ ඒත් ඉතින් ඇහැරිලා ඉන්නකොට පුදුම වදයක් තියන්නේ. අනේ මන්දා වෙලාවකට මේ කරන වැඩ හුරතල් කියලත් හිතෙනවා."

ටේහයුන්ග් ජන්කුක්ගේ මූණට ලං වෙලා ජන්කුක් දිහා බලන් ඉන්න ගමන් හිතුවා. නිදාගෙන ඉද්දී තදින් පියවිලා තියෙන ඇස් පිහාටු, රෝස පාට වෙලා තියෙන නහයත් උඩට අදින ගමන් නින්දෙන් තොලුත් උල් කරන් ජන්කුක් දිහා ටේහයුන්ග් බලන් හිටියේ වශීවෙලා වගේ. ඒ නිසාම තමන්ගේ තෙත කොන්ඩෙන් වැටෙන වතුර බින්දු ජන්කුක්ගේ මූණ තෙමන බව ටේහයුන්ග් දැක්කේ නෑ.

I Love My Crazy Husband 🐰🐯//𝕋𝕂  [COMPLETED ✔✔]Where stories live. Discover now