8

2.4K 465 20
                                    

හැමෝම වැඩ ඉවරවෙලා ගෙදරයද්දී office එකේ ඉතුරුවුණේ ජන්කුක් සහ ටේහ්යුන්ග් විතරයි ටේහ්යුන්ග් ගෙදර යන්න හිතාගෙන යනකොට දැක්කේ ජන්කුක් කැබින් එකේ වැඩ කරනගමන් ඉන්නවයි ජන්කුක්ගේ කැබින් එකට ගිහින් ජන්කුක්ට කතා කරපු ටේහ්යුන්ග්,

"මං දැන් ගෙදර යනවා Mr.Jeon. මේ වැඩ ටික සේරම ඉවරකරලා මිසක් එලියට යන්න බෑ ඔයාට "

"හරි හරි කරනවා තමයි. ඕක සැරින් සැරේ ඇවිත් මතක් කරලා දෙන්න ඕනි නෑ "

ජන්කුක් නොරිස්සුම් හඬකින් කියද්දී ජන්කුක් දිහාවට ඇගිල්ලක් දික්කරගත්ත ටෙහ්යුන්ගේ ,

"ඔයාගේ කට ගැන සැලකිල්ලෙන්!! දැන් හොඳටම වැඩි "

"මට මගේ නහයවත් පෙන්නේ නැතිකොට මං කට ගැන සැලකිලිමත් වෙන්නේ කොහොමද සර් "

"අහ්හ්හ් තමුන්ටනම් කියල වැඩක් නෑ "

"මට හෙට උදේ වෙද්දී වෙලාවට මේ සේරම files ඕනි. ඒ වගේම කිසිම වැරැද්දක් වෙලා තියෙන්න බෑ. බැරිවෙලාවත් එහෙම වුනොත් ඔහේව අස් කරනවා "

ටේහ්යුන්ග් තදින් ඒ විදියට කියද්දීනම් ජන්කුක්ට ඉබේම කෙල ගිලුන

ඉන්පස්සේ ටේහ්යුන්ග් එතනින් ගියේ ජන්කුක් ආයෙමත් එයාගේ වැඩ පටන්ගද්දි

රෑ වෙද්දී තද වැස්සක් පටන්ගත්තේ මුළු පරිසරයම මූසල කරමින්. වැඩ කරමින් හිටි ජන්කුක් එළියේ වහිනවා කියල දැනගත්තේ විටින් විට අකුණු ගහද්ද්යි. පුංචි කලේ ඉදන්ම අකුණු වලට බය ජන්කුක්ගේ මේ වෙලාවේ බයටම ගොඩක් වැඩිවෙලා තිබ්බත් කොහොමින් හරි එයාගේ වැඩ ඉවරවෙනකන් ඒ බය යටපත් කරන් ඉන්න ජන්කුක්ට පුළුවන් වුණා අන්තිමට කොහොමහරි වැඩ ඉවරකරපු ජන්කුක් බයෙන් ගැහි ගැහීම එයාගේ බඩුත් අරන් පහලට ආවේ ගෙදර යන්න කියලයි

11p.m

kim house -tae's room

washroom එකෙන් එලියට ආපු ටේහ්යුන්ග් එළියේ හොඳටම වහින බව දැක්කා ඒ වෙලාවේ ජන්කුක්ව මතක් වුනු ඔහු,

"එයා හොඳින් ඇති නේද ප්‍රශ්නයක් වෙලාද දන්නේ නෑ "

ජන්කුක් ගැන හිතමින් ටේහ්යුන්ග් ජන්කුක්ගේ ෆෝන් එක ඇමතුමක් ගත්තත් ඒ වෙනකොටත් ෆෝන් එක battry dead නිසා off වෙලයි තිබ්බේ ජන්කුක්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා මේ වතාවෙනම් ටේහ්යුන්ගේ හිතට පොඩි බයක් දැනුණා

I Love My Crazy Husband 🐰🐯//𝕋𝕂  [COMPLETED ✔✔]Where stories live. Discover now