34

3.1K 487 226
                                    

ටේහයුන්ග් හිටියේ ඔෆිස් යන්න ලෑස්ති වෙවී mirror එක ඉස්සරහට වෙලා.මේ වෙලාවෙම ජන්කුක් ටේගේ ඉස්සරහට ඇවිත් mirror එක පේන්නේ නැති වෙන්න අත් දෙකත් ඉණට තියන් හිටගත්තේ ටේ මූණත් අමුතු කරන් ජන්කුක් දිහා බලද්දියි.ටේ ඇයි කියල ඇස් වලින් ඉඟි කරලා ඇහුවම ජන්කුක් ඩ්බොරුවට තරහ අරන් වගේ කතා කළා.

"කවද්ද මට ඔෆිස් යන්න දෙන්නේ "

"ඔයා ඔෆිස් ගිහින් මොනවා කරන්නද.ගිහින් කරන්න ඉන්නේ වටේම ඉන්න මිනිස්සු ටිකත් එක්ක දවසෙම ජෝක් කරනගමන් කියවන එකනේ.ඒක දැන් ගෙදර ඉඳනුත් කරනවනේ"

ටේ ටයි එක හදාගන්න ගමන් mirror එක ලඟින් එහාට වෙලා කිව්වේ ජන්කුක්ගේ නම්බුව නැති කරලා.ටේ කියපු එක එයාට ලොකු අවමානයක් කියලා හිතපු ජන්කුක් ඇඳ උඩට නැගලා කලින් විදියටම ඉණට අත්දෙක තියන් කතා කලේ ටේහයුන්ගේ අවධානෙ ගන්න සද්දෙන් කතා කරනගමනුයි.

"ඔයා හරියට දන්නේ නැතුව කතා කරන්නේ මේ ජියෝන් ජන්කුක්ගේ දක්ෂතා ගැන "

"පළවෙනියට ඔයා දැන් ජියෝන් නෙමෙයි.ඔයා කිම් ජන්කුක්.එතකොට අද jogging ගිහින් පෙන්නපු දක්ෂතා ටික හොඳටම ඇති... අද දවසට තවත්නම් එපා.කෝ එන්න දැන් මෙහාට "

ජන්කුක් ඇඳ උඩට වෙලා ජාතික වීර මුද්‍රාවෙන් කියවද්දී ටයි එක හදන එකත් පැත්තක තියලා ආපු ටේහයුන්ග් ජන්කුක්ගේ ඉනවටේ අත් යවලා උස්සලා බිමින් තිබ්බා.ටේහයුන්ග් ඒ කරපු දේට ජන්කුක්වත් ටිකක් ෂෝක්වුනා.

"ඔයාට එන්නම ඕනිනම් හෙට ඉඳන් එන්නකෝ."

ජන්කුක්ව තවත් පුදුම කරනගමන් ජන්කුක්ගේ නහයට පොඩි තට්ටුවක් දාන ගමන් ලස්සන හිනාවක් එක්ක කිව්ව ටේ ආපහු mirror එක ඉස්සරහට ගිහින් එයාගේ හැඩ බලන්න ගත්තේ සිංදුවකුත් මුමුණන ගමනුයි.ටේහ්යුග්නේ මූනේ තිබුණු හිනාවත් එක්ක ජන්කුක්ට තේරුණා අද ටේහයුන්ග් ඉන්නේ වෙනදටත් වඩා සතුටින් කියලා.ජන්කුක් දන්නේ නැති වුනාට ඒ සතුටට හේතුවත් ජන්කුක්ම තමයි.මොකද අද උදේ ටේහයුන්ග් හිතුව විදියටම ජන්කුක් ලීසයි එයයි මොකද කරන්නේ කියලා බලන්න පිටිපස්සෙන් ආවා.ටේට ලොකු විශ්වාසයක් තිබුනා ජන්කුක්ට තමන් ගැන හිතේ පොඩි හැඟීමක් හරි තියෙයිනම් අනිවාර්යෙන් ජන්කුක් ලීසා එක්ක එයාව තනි කරන්නේ නැතුව එයාලා පස්සෙන් එයි කියලා.ජන්කුක් මේ විදියට ජෙලස් වෙන්නේ තමන් ගැන ජන්කුක් හිතන නිසා කියන එක ටේහයුන්ග් අද තහවුරු කරගත්තා,ඉතින් අද ටේහයුන්ග්ට ගොඩක් සතුටු දවසක්.

I Love My Crazy Husband 🐰🐯//𝕋𝕂  [COMPLETED ✔✔]Where stories live. Discover now