28

2.6K 453 59
                                    

ජන්කුක් එයාගේ පපුවටත් අත තියන් හිතද්දී එක පාරටම....

"අහ්හ්හ්"

කොහෙන්දෝ ආව ශක්තිමත් අත් දෙකකින් ජන්කුක්ව බිත්තියට තද වුණා.

"බේබී බෝයි ඔයා මන් හිතුවට වඩා ගොඩක් හොට් කෙනෙක්නේ "

"බෝ... බෝගම් "

"ඇයි ඔයා ඩැඩී ලඟට එන්නේ නැතුව වෙන කෙනෙක් ළඟට ගියේ ම්ම්ම් "

බෝගම්ව දකිද්දී ජන්කුක්ගේ මුළු ඇඟම පණ නැති වෙලා ගියත් බෝගම් ඉස්සරහ එයාගේ බය පෙන්නන්නේ නැතුව ඉන්න ජන්කුක් උත්සාහ කළා.

බෝගම් ජන්කුක්ව බිත්තියට තද කරන ගමන් ජන්කුක්ගේ මූනට ලං වෙවී අහද්දී ජන්කුක් අහක බලාගෙන උත්තර දුන්නේ බෝගම්ගේ උණුසුම් හුස්ම ජන්කුක්ගේ මූණේ වැදෙන එකත් අප්පිරියාවක් වුණු නිසයි.

"අපි දෙන්නා ආදරේ කරනවා "

ආදරේ කියන වචනේ ඇහෙනවත් එක්කම මෙච්චර වෙලා සන්සුන්ව කතා කරපු බෝගම්ගේ ඉවසීම නැත්තටම නැති වුණා.

"තමුන් කොහොමද මට ඇරෙන්න වෙන කාටවත් ආදරේ කරන්නේ. තමුන් මට අයිති දෙයක්. මගේ දේවල් වෙන උන්ට දෙන්න කොහෙන් ආපු හයියක්ද."

ජන්කුක්ගේ බෙල්ල තමන්ගේ අත් අතරට තද කරගත්ත බෝගම් පිස්සුවෙන් වගේ කෑ ගැහුවේ ජන්කුක් හුස්ම ගන්න බැරුව වේදනාවෙන් එයාගේ බෙල්ල බෝගම්ගේ අත් වලින් ගලවගන්න දඟලද්දී.

ඊලගට ජන්කුක්ගේ බෙල්ල අතෑරපු බෝගම් ජන්කුක්ගේ දැනටම උඩ බොත්තම් ගලවන් හිටිය කමිසෙ උරහිසෙන් පහත් කරලා ජන්කුක්ගේ බෙල්ල හපනගගමන් රළු විදියට සිපගන්න පටන්ගත්තා. ජන්කුක් තමන්ගේ මුළු ශක්තියම පාවිච්චි කරලා බෝගම්ව එයාගේ අත් වලින් තල්ලු කලත් බෝගම් තව තවත් ජන්කුක්ව එයාගේ යටතට ගත්තා. ජන්කුක්ට කෑ ගහන්න ඕනි වුනත් ජන්කුක්ගේ කටින් වචන පිටවුනේ නෑ. ඒ වෙනුවට ජන්කුක්ගේ ඇස් කඳුළු වලින් පිරිලා කම්මුල් තෙත් වුණා.

බෝගම් ජන්කුක්ගේ බෙල්ලේ ඉඳන් ටිකෙන් ටික නිරාවරනය වෙලා තියෙන පපුවට නැමෙද්දී තවත් ඉවසන්න බැරිවුණු ජන්කුක් ලේ එන තරමටම බෝගම්ගේ බෙල්ල හයියෙන් හැපුවා. ඒ වේදනාවෙන් කෑ ගහන් බෝගම් ජන්කුක්ගෙන් ඈත් වෙද්දී ජන්කුක් ලැබුණු අවස්ථාවෙන් එතනින් පැනගත්තා. ජන්කුක් මේ විදියට කෙලින්ම ගියේ පාර්ටි එක තිබ්බ තැනට.

I Love My Crazy Husband 🐰🐯//𝕋𝕂  [COMPLETED ✔✔]Where stories live. Discover now