13

2.4K 455 75
                                    

මේ අතරේ තරුණියක් ගමන් මල්ලකුත් සමග කිම් මැනිෂන් එක ඉස්සරහ හිටගෙන හිටියා.

ding dong!!!!

කිම් මැනිෂන් එකේ ප්‍රධාන දොර එහි සේවකයෙක් විසින් අරිද්දි මන්දිරයේ තුල සිට ආ මිසිස් කිම් ඇවිත් හිටිය කෙනා දැකල ඇය වෙත ගියේ ගොඩක් සතුටින්

"ලීසා ඔයා ආවද පැටියෝ මටනම් අද ගොඩක් සතුටුයි "

මිසිස් කිම් එහෙම කියල ලිසව බදාගත්තේ ලීසත් හිනා වෙලා ආපිට මිසිස් කිම්ව බදගනිද්දී

ටිකකින් මිසිස් කිම්ගෙන් ඈත් වුනු ලීසා,

"හෙලෝ ආන්ටි කොහොමද ඉතින් ඔයාට "

"මං ගොඩාක් හොදින් එන්නකෝ ඇතුලට කෝ ටේ "

"එයා එයාර්පෝර්ට් එකට ඇවිත් හිටියේ නෑනේ ආන්ටි. මං ගොඩක් වෙලා බලන් හිටියා බැරිම තැන ටැක්සි එකක් දාගෙන ආවා "

"ඒකට් එහෙමද එහෙනම් එයාට බිස්නස් වැඩත් එක්ක අමතක වෙන්න ඇති. එයා වෙනුවෙන් මං සමාවගන්නම්කො. අපේ ටේටත් බිස්නස් කිව්වොත් ඊට වඩා දෙයක් නෑ "

"ඒකට කමක් නෑ ආන්ටි මට තේරුම් ගන්න පුළුවන් "

ලීසා ගේ ඇතුලට එන ගමන් කිව්වා

ලීසා සාලෙට එනවත් එක්කම ජින් එතනට ආවේ ජූස් එකකුත් අතේ තියාගෙන

"ලීසා දූ මේ ඉන්නේ මගේ නම්ජුන්ගේ හස්බන් මගේ ලොකු බෑණා ජින් "

"Hii ඔප්පා "

"Hii ලීසා "

ලීසා සිනාවක් සමග ජින්ට අත වන්දී ජින්ද සිනාවකින් ලීසට සංග්‍රහ කළා

"ඇයි මට මේ ලිසව දැක්කම් මහා අමුත්තක් දැනෙන්නේ හරියට මෙයා නිසා මේ පවුලට නපුරක් වෙයි වගේ අනේ මන්දා මාත් හිතනවා වැඩි දැන් "

මිසිස් කිම් එක්ක උඩුමහලට යන ලීසා දිහා බලාගෙන ජින් හිතුවා

Kim Office

ජන්කුක් උදේ සිද්දියෙන් පස්සේ ආපහු එයාගේ කැබින් එකෙන් එලියට අඩියක්වත් තිබ්බේ නෑ. මේ විදියට දවස තිස්සෙම කැබින් එක ඇතුලට වෙලා හූල්ල හූල්ල හිටිය ජන්කුක්ගේ අවධානෙ එයාගේ කැබින් එකේ දොරට යොමු වුනේ එකපාරටම ඒක ඇරෙද්දි. මේ විදියට ජන්කුක්ගේ කැබින් එකට ආවේ ටේහයුන්ග්

I Love My Crazy Husband 🐰🐯//𝕋𝕂  [COMPLETED ✔✔]Where stories live. Discover now