11

2.3K 455 16
                                    

ජිමින් ජන්කුක් දෙන්නා මේ විදියට කැබින් එක වටේ කැරකි කැරකි ඉන්නවා අද මීටින් එකක් නිසා ඔෆිස් එකට ආපු නම්ජුන් දැක්කා මේක දැක්ක ගමන් නම්ජුන්ටනම් තේරුණා දෙන්නා ලෑස්ති වෙන්නේ හොඳ දේකටනම් නෙමයි කියලා

"දෙන්නා එක්ක මොකෝ මෙතන කරන්නේ "

නම්ජුන්ගේ කටහඩත් එකක් ගැස්සිලා ඒ දිහා බලපු jikook නම්ජුන්ට අහිංසක හිනාවක් දැම්මා

"මොකුත් නෑ හයුන්ගි "

ජන්කුක් එයාගේ සුපුරුදු බනී හිනාව දාගෙනම කිව්වා

"ඇයි මට හිතෙන්නේ දෙන්නා එක්ක ආපහු මොකක්හරි යටිකූට්ටු සැලසුමක් ක්‍රියාත්මක කරන්නයි යන්නේ කියලා ඔන්න මේ සැරේ වැඩ වරද්දන් මාව හොයාගෙන එන්න එපා "

"නෑ නෑ හයුන්ග් අපි දෙන්නා මේ කල්පනා කලේ අපේ කම්පැනි එක ගැන .නෑ නෑ ඔයාලගේ කම්පැනි එක ගැන. අපි ඒක තව ඉස්සරහට දියුණු කරන්න මොනවද කරන්න ඕනි කියල කල්පනා කරා. දන්නවනේ ඉතින් අපි මේ කම්පැනි එකට කොච්චර ආදරෙයිද කියල "

ජිමින් එක හුස්මට කියාගෙන යද්දී ජන්කුක් ජිමින්ට උදව්වට මැද්දෙන් පැන්න

"අපි මේ කතා කලේ... නෑ මං කිව්වේ මේ අපි හිතුවේ... ඒ ගැන තමයි .අපි දෙන්නගෙන් වෙන්න ඕනි දේවල්. ගැනකලගුණ සලකන එක හොඳ දෙයක් කියල ඔම්මා පුංචි කලේ කියල දුන්නා හුම්ම් "

"හරි හරි එහෙනම් කමක් නෑ. මං මේ කිව්වේ ඔය ඔළුගෙඩි ඇතුලේ නිකමටවත් එහෙම දෙයක් තියෙයිනම් ඒ අදහස අතාරින්න කියල "

"හ්ම්ම්"

දෙන්නම බිම බලාගෙන ඔලුව වැනුවා

"ම්ම්ම් ජන්කුක් ඊයේ ටේ අතින් වුන දේට සමාවෙන්න. ඔයාට වුනු දේට කණගාටුයි දන්නවනේ ටේගේ හැටි.. එයාට හැමදේටම වඩා වැදගත් බිස්නස්. ඒ නිසාම මිනිස්සු එක්ක ඉන්න ඕනි විදිය දන්නේ නෑ "

"ඔයා සමාවගන්න ඕනි නෑ හයුන්ග්. මං ඒක අමතක කරලා ඉන්නේ "

"එහෙනම් මං යනවා ඔය දෙන්නත් කැබින් වලට ගිහින් වැඩක් බලාගන්න "

"හරි හ්යුන්ග්"

ඉන්පස්සේ නම්ජුන් එතනින් ගියේ ජන්කුක් ජිමින් දෙන්නම නිදහසේ හුස්මක් පහලට දාද්දි

I Love My Crazy Husband 🐰🐯//𝕋𝕂  [COMPLETED ✔✔]Where stories live. Discover now