35

2.8K 512 196
                                    

"හයුන්ග් ඔයාට මං කියන දේ තේරෙන්නේ නෑ "

"මට මොකද තේරෙන්නේ නැත්තේ අපේ ටේට love sick හැදිලා "

"විහිලු නෙමෙයි හයුන්ග්,මට තේරෙන්නේ නෑ ජන්කුක් ඉස්සරහ මට මොනවා වුනාද කියලා."

"උඹට මොනවා වුනත් කමක් නෑ,අර පොඩි එකාව තව පොඩ්ඩෙන්.... දෙයියනේ දෙයියනේ මොනවද ඒ කරලා තිබ්බේ "

"කිස් කළා විතරයි "

"මොකක්ද බන් සේරම පොල්ලෙන් ගහනවා වගේ කරන්නේ ඔහොම ගිහින් හෙට උදේ උඹ අප්පා කෙනෙක් වෙන්න යනවා කියයි "

"නෑ තාම එහෙම ගැහුවේ නෑ "

ටේහයුන්ග්,යුන්ගිගේ ගෙදර ගිහින් අද උදේ ඉඳන් වුනු සේරම දේවල් යුන්ගි එක්ක කියලා.දැන් යුන්ගි එයාගේ උපදේශන සේවාවේ වටිනා සේවය ටේහයුන්ග්ට ලබා දෙනවා.හැබැයි ටේ අන්තිමට කිව්ව දේ එක්ක යුන්ගිට බිබී හිටිය තේ එකත් හිරවුනා.

"කැහැ කැහැ මොකක්ද ඒ කිව්වේ තනිකඩ මටමනේ මෙහෙම කියන්නේ "

"මේ හයුන්ග් වටේ නොයා මට මේකට කරන්න දෙයක් කියනවා "

"මොනවද තව කියන්න තියෙන්නේ දැන් මං එක සැරයක් කිව්වනේ ඔයාට තියෙන රෝග ලක්ෂණ හැටියට ඔයාට ආදරය නම් රෝගය වැළඳිලා"

"කොහොමද මට මෙහෙම වුනේ ජන්කුක් කියන්නේ මගේ type එකේ කෙනෙක් නෙමෙයි.ලෝකේ මෙච්චර කෙල්ලෝ කොල්ලෝ ඉන්නවා ඇයි මේ පිස්සු කොල්ලටම මං ආදරේ කරන්නේ "

ටේ අත් දෙකත් උඩට දික් කරන් අහද්දී යුන්ගිටත් හිනා ගියා.

"luck එක තමයි ඈ "

"ඔව් ඔව් වාසනාව දෝරේ ගලා මුට්ටිය ඉතිරෙනවා"

"දැන් ඉතින් මෙතන මට වද දෙන ගමන් ඉන්නේ නැතුව ජන්කුක්ට කියනවා හිතේ තියෙන දේ.ඊටපස්සේ ලමෙක් දෙන්නෙක් හදාගෙන පාඩුවේ ඉන්නවකෝ වද නොදී "

"ජන්කුක් මේකට කැමති වෙයිද හයුන්ග් "

"මෙහෙම කරමු දෙන්නා honeymoon ගියේ නෑනේ තාම.කොහෙහරි රටකට ජන්කුක්ව එක්කන් ගිහින් කියහන් ආදරෙයි කියලා.හැබැයි මතක ඇතුව ඒකවත් හරියට කියහන් හෙන ගහනවා වගේ කියලා දාන්නේ නැතුව"

I Love My Crazy Husband 🐰🐯//𝕋𝕂  [COMPLETED ✔✔]Where stories live. Discover now