20

2.5K 453 98
                                    

@3a.m

මෙච්චර වෙලා ජන්කුක්ගේ කරදරේ ඉවසල ඉවසල ටේහයුන්ග්ට යන්තන් නින්ද ලඟට ආවා විතරයි. ටේහයුන්ග් පාඩුවේ නිදාගෙන ඉද්දී තාමත් නින්දක් අහලකටවත් ආවේ නැති ජන්කුක් ආයෙමත් සැරයක් ටේහයුන්ග්ව ඇහැරවන්න තීරණය කළා.

"හයුන්ග් හයුන්ග්"

ටේහයුන්ග් ගොඩක් තද නින්දක හිටිය නිසා මේසැරේනම් ජන්කුක් කන ළඟ බෙරිහන් දෙනවවත් ඇහුනේ නෑ. ටේහයුන්ග් ඇහැරෙන්නේ නැති නිසා අන්තිම ක්‍රමෙත් අත්හදා බලන්න හිතුව ජන්කුක් ඇඳ උඩ කෙලින් හිටගෙන ඇඳ අයිනට වකුටු වෙලා නිදාගෙන ඉන්න තමන්ගේ අහිංසක සැමියාට ෆුට් බෝලෙකට ගහනවා වගේ පයින් එකක් ගැහුවේ ටේහයුන්ග් රෝල් වෙලා ගිහින් බිමට වැටෙන්නයි.

"අහ්හ් මගේ කොන්ද"

කොන්දත් අල්ලාගෙන නැගිට්ට ටේහයුන්ග් දැක්කේ ජන්කුක් පොඩි එකෙක් වගේ ඇඳ උඩ පැන පැන බම්ප් වෙවී ඉන්නවයි.

"ඒ පාර මොකද"

ටේහයුන්ග් නිදිමතේ ඇස් දෙකත් පොඩි කරමින් ඇහුවා.

"තාමත් දොයිමත නෑනේ "

ජන්කුක් ඇස් ලොකු කරන් කියද්දී ඒ දිහා අමුතුවට බලපු ටේහයුන්ග්,

"දැන් ඒ නිසා මටත් නිදියන්න දෙන්නේ නැද්ද"

"කොහෙත්ම නෑ.තනියම ඉන්නකොට බිල්ලෙක් ඇවිත් උස්සන් ගියොත් මාව මොන දෙයියට කියන්නද"

"ඇරන් යන බිල්ලට තමයි දෙයියෝ සිහිවෙන්නේ"

"මොනවහරි කිව්වද"

"නෑ"

"හ්ම්ම් නිදියන්න එපා ඔයත්"

ජන්කුක් ආයෙමත් උඩ පනින්න ගද්දී ජන්කුක්ගේ අතකින් ඇදල ඇඳේ පෙරලගත්ත ටේහයුන්ග් ජන්කුක්ගේ ඇඟ උඩට ඇවිත් ඇස් වලට එබුනා.

"දැන් නිදියනවද නැද්ද... නින්ද යන්නෙම නැත්තන් මොකද කියන්නේ මේක අපේ ෆස්ට් නයිට් එකනේ එන්ජෝයි කරමුද"

තමන් දිහා ඇස් තඩි කරන් බලන් ඉන්න ජන්කුක්ගෙන් ටේහයුන්ග් කන ලඟට නැමිලා හස්කි වොයිස් එකකින් අහද්දී ඒ ඇස් තවත් ලොකු වුණේ ටේහයුන්ගේ මුහුණේ හිනාවක් මවලයි.

I Love My Crazy Husband 🐰🐯//𝕋𝕂  [COMPLETED ✔✔]Where stories live. Discover now