27

2.8K 468 146
                                    

ටේහයුන්ග් ජන්කුක් එක්ක පහළට එද්දී මුළු ගෙදරම ලස්සනට සරසලා තිබ්බා වගේම අමුත්තන්ගෙනුයි මීඩියා වල අයගෙනුයි මැනිෂන් එකම පිරිලා ගිහින්.

අලුත් කපල් එක දකිද්දී ඇවිත් හිටිය ගොඩක් අය පුදුමෙන් මේ හැන්ඩ්සම් කොල්ලෝ දෙන්නා දිහා බලන් හිටියා. පඩිපෙළ මගක් දුරදි ජන්කුක් ටිකක් කලබල වෙලා කියලා තේරුණු ටේහයුන්ග් එයාගේ අත ජන්කුක්ට දික් කරද්දී ජන්කුක් ටේගේ අත තද කරලා බදාගත්තා.

දෙන්නත් එක්කම සෙනග ඉන්න තැනට ගියා විතරයි මීඩියා එකේ අය ජන්කුක්ව වට කරගත්තේ හරියට සීනි ගොඩ වටේ එකතුවෙන කූඹි වගේ.

"සර් අපිට කියන්න ඔයාලා දෙන්නගේ ආදර කතාව කොහොමද පටන්ගත්තේ"

"මේ සම්බන්දෙට දැන් කොච්චර කල්ද"

"මේක මොකක්හරි පවුල් ගිවිසුමක් නිසා සිදුවුණු විවාහයක්‌ද"

"සර් ඔයාලා දෙන්නා හම්බුනේ කොහොමද"

"සර් මේ සම්බන්ධය ගැන කලින් කිසිම විදියක තොරතුරක්‌ සමාජගත වෙන්නේ නැතුව මෙහෙම එක පාරටම ප්‍රසිද්ධ කරලා විවාහයක් ගත්තේ ඇයි. යටි අරමුණක් තියෙනවද"

මේ විදියට මීඩියා එකේ අය පොරකමින් එක එක විදියේ ප්‍රශ්න එක පේළියට අහන් යද්දී ටේහයුන්ගෙනම් ඉවසීමේ සීමාව පැන්නා. ඒත් මෙතන කේන්ති අරන් මොකුත් කරන්න බැරි නිසා ටිකක් රළු විදියට උත්තර දුන්නා.

"මන් හිතන්නේ ඒක අපේ පුද්ගලික දෙයක් ඒක වෙන කවුරුත් දැනගන්න අවශ්‍ය නෑ. අපි ඔයාලට එන්න කිව්වේ මේ පාර්ටි ඉවෙන්ට් එක කවර් කරන්නයි අපේ මැරේජ් එක ගැන දැනුම්දෙන්නයි විතරයි."

"සර්ට අපේ ප්‍රශ්න වලට දෙන්න පුළුවන් මොනවගේ උත්තරයක්ද "

ටේහයුන්ග් එතනින් යන්න හැදුවත් එතන හිටිය කෙනෙක් ජන්කුක්ගෙන් ප්‍රශ්න කලා.

ජන්කුක් ටේහයුන්ග් දිහා බලලා කට කොනෙන් පල් හිනාවක් ටේට දීලා උගුරත් පාදන ගමන් ප්‍රශ්නේ අහපු කෙනා පැත්තට හැරුනා.

"ඇත්තවශයෙන්ම කියනවනම් ඉතින් ඔයාලටත් පේනවනේ මන් කොච්චර ලස්සන කියුට් හොට් කෙනෙක්ද කියලා. ඉතින් මගේ හබී මේ සෙක්සි ලුක් එකට වශී වුණා මාව දැක්ක මුල් දවසෙම."

I Love My Crazy Husband 🐰🐯//𝕋𝕂  [COMPLETED ✔✔]Where stories live. Discover now