21

2.4K 439 43
                                    

හවස් වෙද්දී ජන්කුක් සහ ටේහයුන්ග් දෙන්නම ලෑස්ති වෙලා පහලට ආවේ ජන්කුක්ගේ ගෙදර යන්න කියල හිතාගෙනයි.දෙන්නා එක්ක පහලට බහිද්දී පත්තරයක් කියව කියවා හිටිය යුන්ගි ඒ පත්තරේ අද හෙඩ්ලයින් එක ටේහයුන්ග්ට පෙන්නුවා.

"දැන් හැමෝම දන්නවා කිම් ටේහයුන්ගේ මැරෙජ් එක හදිසියෙම වෙලා කියලා, අද කොරියාවෙම ලොකුම නිව්ස් එක මේක."

යුන්ගි හිනා වෙවී කිව්වා.

ඒ පත්තරේ ටේහයුන්ගේ වෙඩින් ෆොටෝස් වගේම ජන්කුක් ගැන විස්තර පවා තිබුනා.

"මගේ ඔම්මයි අප්පයි මේක දැක්කට පස්සේ මොනවා කියයිද දන්නේ නෑ"

"ඒක හැල්මොනි බලාගනී."

ජන්කුක් ඔලුවත් කස කස අහද්දී ටේහයුන්ග් උත්තර දුන්නා.

"එතකොට ඔයාගේ පවුලේ අය"

"අද අපි යනවනේ මගේ ගෙදරට එතකොට කියමු"

"අපෝ මටනම් බෑ එන්න. එයාලා මාව ගෙදරින් පැන්නුවොත් මොකද කරන්නේ."

" එහෙම වෙන්නේ නෑ දැන් ඔයා මගේ හස්බන් නේ"

"හ්ම්ම්"

ටේහයුන්ග් ජන්කුක් එක්ක කතාකරන අතරේ යුන්ගිට ජින්ගෙන් කෝල් එකක් ආවා.

කෝල් එක ආන්සර් කරපු යුන්ගි ස්පීකර් ඔන් කරලා ෆෝන් එක කන ලඟින් ටිකක් ඈතට වෙන්න අල්ලාගත්තේ ඊළඟට කන්බෙර පුපුරන වොයිස් එකක් ඇහෙන බව දන්න නිසාමයි.

"යා යුන්ගි කෝ අර කකුල් දෙකේ ගොන් කොටියා'

"ටේ වද හොයන්නේ හයුන්ග්"

ටේහ්යුන්ග්ට හීන් දාඩිය දාද්දී යුන්ගි මොකුත් නොදන්නා බාබා වගේ අහිංසකව ඇහුවා.

"ඔව් ඔව් ටේ කියන එකාව තමයි හොයන්නේ.. මන් දන්නවා ඔතන ඉන්නවා කියලා. දෙනවා එයාට ඔය ෆෝන් එක මේ දැන්ම"

ජින් ෆෝන් එක එහාපැත්තෙ ඉඳන් බෙරිහන් දෙන්න ගත්තේ ඒ සද්දෙට යුන්ගිගේ ගෙදර වීදුරු පවා හොල්ලවමින්..

"කූල් ඩවුන් හයුන්ග්"

"අහ්හ් ඔය කතා කරන්නේ පෝතක පැටියා. මෙතන රටම ගිනි තියලා එනවද දැන් කූල් කරන්න. මෙහෙ හිටියනම් ළඟ මන් සෝස් පෑන් එකේ දාලා කූල් කරලා ගන්නවා ඔහේව"

I Love My Crazy Husband 🐰🐯//𝕋𝕂  [COMPLETED ✔✔]Where stories live. Discover now