44

2.4K 477 169
                                    

ජන්කුක් කේන්තියෙන් බලන් හිටියා ටේ නිකන් ජන්කුක් කියලා කෙනෙක්ව දන්නෙවත් නැති ගානට පාඩුවේ එයාගේ වැඩ කරන විදිය. තියෙන සේරම බඩු පොලේ ගහල ටේව ඇදන් යන්න කියලා තමයි මේ වෙලාවෙ ජන්කුක්ගේ ඔලුවේ වැඩ කරන්නේ. ඒත් අද දවසට කරපු මෝඩ වැඩ හොඳටම ඇති කියලා එයාටම හිතුන නිසා ජන්කුක් ඉක්මනින් ඒ අදහස අතෑරලා දැම්මා.

"හයුන්ග් "

තවත් ටික වෙලාවක් ටේගේ කැබින් එක පුරාම ඈනුම් අරින ගමන් ඇවිද්ද ජන්කුක් ආයෙමත් ටේගේ ඉස්සරහින් හිටගත්තා.

"ඒත් ටේනම් සුපුරුදු පරිදි එයාගේ project එකේ සිහියෙන්.

"හයුන්ග් මට‍ බඩගිනි"

"කැන්ටින් එකට යන්න "

ටේ ගානට නොගෙන කිව්වම ජන්කුක්ගේ මූණ බෙරි වෙලා ගියා. වෙනදට බඩගිනි කිව්වම කෑම කවන්නත් ලෑස්ති වෙන කෙනානේ මේ අද සත පහකට ගණන් ගන්නේ නැත්තේ.

"හයුන්ග් "

"ම්ම්ම් "

"මට‍ නිදිමතයි "

ජන්කුක්ගේ කන්කෙඳිරියෙ සීමාවක් නැති තැන ටේහයුන්ග් ජන්කුක් දිහා දැන් හොඳටම ඇති වගේ කේන්තියෙන් බැලුවේ ජන්කුක් ගැස්සිලා යද්දීයි..

ජන්කුක් ඒ බැල්මට පොඩ්ඩක් බය වුනත් ලේසියෙන් පසුබැස්සේ නෑ.

"මේ හයුන්ග් මං ඔතනනින් නිදාගන්නදඔයා දන්නවනේ මට‍ කවුච් එකේනම් නිදාගන්න බෑ "

ජන්කුක් එයාගේ ඇඟිලි එක්ක සෙල්ලම් කරන ගමන් ටේගේ උකුල පෙන්නලා ඇහුවම ටේ දෙපැත්තට ඔලුව වනලා ලොකු හුස්මක් පහතට දැම්මේ ජන්කුක්ට තවත් මොනවත් කියලා වැඩක් නැති නිසා.

"හ්ම්ම් එන්න හැබැයි මට‍ කරදර නොකර නිදාගන්න "

ටේහයුන්ග් තදින් කටහඬ ගැඹුරු කරලා ජන්කුක්ට කිව්වම පොඩි බබෙක් වගේ සතුටෙන් හිනාවුණු ජන්කුක් දුවලා ගිහින් ටේගේ ඔඩොක්කුවෙන් ඉඳගෙන ටේගේ බෙල්ල වටේ අත් පටලන් පපුවෙන් ඔලුව තියාගත්තා.

ජන්කුක් එයාට පහසු විදිහට හැඩගැහුනට පස්සේ ජන්කුක්ගේ නළලින් පොඩි පෙක් එකක් තිබ්බ ටේ ආපහු එයාගේ laptop එකට අවධානය දුන්නා. ජන්කුක් දන්නවා ටේ මෙහෙම නපුරෙක් වගේ හැසිරෙන්නේ එයා මේ project එක වෙනුවෙන් සම්පුර්ණ අවධානය දෙන නිසා කියලා. ඒත් ජන්කුක්ට ඕනි නෑ ටේ එයාට වඩා බිස්නස්වලට තැනක් දෙනවට.

I Love My Crazy Husband 🐰🐯//𝕋𝕂  [COMPLETED ✔✔]Where stories live. Discover now