14

2.4K 460 54
                                    

ජන්කුක් ගබඩා කාමරයේ නියමිත තැනින් ෆයිල් තියල ආපහු යන්න හැරුණත් එතන රාක්කයක් අස්සෙන් ඇදිල ආපු අතක් එකපාරට ජන්කුක්ව ඇදල අරන් බිත්තියට තද කරගත්තා

එකපාරටම වුනු දේත් එක්ක ෂොක් වුනු ජන්කුක් ටිකවෙලාවක් ඒ කෙනා දිහා බලන් ඉඳල කතා කළා

"බෝගම් සර් "

බෝගම් තව තවත් ජන්කුක්ව බිත්තියටයි එයාගේ අත් අතරටයි තද කරගන්න ගමන් බෝගම්ගේ හුස්ම ජන්කුක්ගේත් ජන්කුක්ගේ හුස්ම බෝගම්ගේත් මුණු වල වැදෙන තරමට ජන්කුක්ගේ මූනට ලං වුනා

"සර්.. මොන...වද මේ...... ක...රන්නේ "

බෝගම්ගේ එක අතක ඇඟිලි ජන්කුක්ගේ තොල් උඩ එහාමෙහා යද්දී අනිත් අත ජන්කුක්ගේ උරහිසේ ඉදන් ඉන ලඟට වෙනකන් ගියා

තමන් කවදාවත් බලාපොරොත්තු නොවුණු බෝගම්ගේ මේ හැසිරීමත් එක්ක ජන්කුක්නම් හිටියේ ගොඩක් බය වෙලා. කොච්ච්රබය වෙලාද කියනවනම් මේ වෙනකොටත් ජන්කුක්ට දාඩිය දාල උගුර හිරවෙනවා වගේ දැනුනා

"තව දවස් කීයක් ඉතුරුවෙලා තියෙයිද ඔයාගේ උපන්දිනේට බේබි බෝයි "

"25"

බෝගම්ගේ මේ අමුතු ප්‍රශ්න වලට ජන්කුක් වෙවුලමින් උත්තර දුන්නා

"ම්ම්ම් ඒ කියන්නේ තව දවස් 25කින් ඔයා මගේ වෙනවා "

බෝගම් ජන්කුක්ගේ බෙල්ලෙන් නහය තියල ලොකු හුස්මක් ගන්න ගමන් කියද්දී ජන්කුක්ට හිතාගන්න බැරි වුනා මොනවද මේ කියන්නේ කියලා

"පුදුමයිද බේබිබෝයි.. ඔයාගේ දෙමවුපියෝ ලොකුරහසක් ඔයාගෙන් හංගනවා... මං ඔයාට ඒකෙන් දැනට වැදගත් වෙන දේ විතරක් කියන්නම් ම්ම්ම්... ඔයාගේ 24වෙනි උපන්දිනෙන් පස්සේ ඔයාව මට සදහටම අයිති වෙන විදියට ඔයාගේ අප්පා ඔයාව මට විකුණලයි තියෙන්නේ "

බෝගම් ඒ විදියට කියද්දී ඇහෙන දේ විශ්වාස කරගන්න බැරුව පුදුමෙන් බලන් හිටිය ජන්කුක්ගේ ඇස් වලට ඉබේම කඳුළු පිරුණේ දුකටද බයටද කියල එයාවත් දන්නේ නෑ

"ඔයා කියන්නේ බොරු එයාලා මට එහෙම කරන්නේ නෑ "

ජන්කුක් කදුළු අතරින්ම එහෙම කිව්වේ බෝගම් හය්යෙන් හිනා වෙද්දී

I Love My Crazy Husband 🐰🐯//𝕋𝕂  [COMPLETED ✔✔]Where stories live. Discover now