33

2.6K 474 206
                                    

කලින් එක කියෙව්වේ නැත්තන් කියවලා එන්න
____________________________

ජන්කුක් alarm එකේ සද්දෙට ඇහැරුනේ ලෝක වාසි සියලු දෙනාටම ලුණු ඇඹුල් ඇතුව අමතන ගමන්.

Alarm watch එකටත් පුපුරන්න පාරක් ගහපු ජන්කුක් හැදුවේ ඇඳේ එහා පැත්තේ ඉන්න ටේහයුන්ග්ට ටිකක් තුරුල් වෙන්න. ඇත්තටම ටේ හිතන් හිටියට එයා ජන්කුක්ව තුරුල් කරන් නිදාගන්න එක ගැන ජන්කුක් දන්නේ නෑ කියලා දැනටමත් ජන්කුක් ඒ ගැන දැනගෙන ඉවරයි. ජන්කුක්ටත් ටේහයුන්ගේ තුරුලේ ඉන්න එක ලොකු ආරක්ෂාකාරී හැඟීමක් ගෙනාවා වගේම ඒ දැනෙන උනුහුමටයි අමුතු හැඟීමටයි ජන්කුක් ගොඩක් ආස කරපු නිසා ජන්කුක් ටේට කිසිම විරුද්ධත්වයක් දක්වන්නේ නැතුව ඒ ගැන දන්නේ නෑ වගේම හිටිය.

ඉතින් අදත් ජන්කුක් මේ සුපුරුදු විදියටම හොයන්නේ ටේහයුන්ග්ව. ඒත් ටේට තුරුල් වෙන්න කියලා හිතාගෙන තුරුල් වුණු කෙනා ටේ නෙමෙයි කියලා අඳුරගන්න ජන්කුක්ට වැඩි වෙලාවක් ගියේ නෑ. ඒ ගමන්ම ජන්කුක් ගැස්සිලා පිටිපස්සට වුනේ බය වැඩි කමට.

"Oh ජිමින් හයුන්ග් ඔයා. මං බය වුණා අර බෝගම්ද කියලා."

පපුවට අතකුත් තියාගෙන තමන්ටම මුමුණගත්ත ජන්කුක්ට අද කරන්න තියෙන වැදගත් රාජකාරිය මතක් වුණා.

"පහ පහු වෙලා නේද. ඒයි ජිමින් හයුන්ග් නැගිටිනවා. යන්න පරක්කු වෙනවා. අනේ අර දෙන්නා හඳ පානේ ලොවට හොරා පැනලා ගිහින්ද දන්නෙත් නෑ. අනේ නැගිටින්වකෝ ගස් උරුලෑවා වගේ නිදන් ඉන්න එපා මනුස්සයෝ "

ජන්කුක් ජිම්න්ගේ උරහිස් දෙක ගල්වල අතට ගන්න හදනවා වගේ ඒ තරම් වේගෙන හොල්ල හොල්ලා කතා කලත් වැඩක් වුනේ නෑ ජිමින් කොට්ටෙත් බදාගෙන තනියම හිනා වෙනවා

"මෙයා එක්ක යන්න බෑ. ඉන්නවා හැමදාම පූසෝ අල්ලන ගමන් හීනෙන් කොටා "

ජිමින්ගේ කොට්ටේ උදුරලා ඒකෙන්ම ජිමින්ට දමලා ගහපු ජන්කුක් තාමත් පූස් ලව් එක හීනෙන් දකින ජිමින්ව තනි කරලා දඩිබිඩියට ලෑස්ති වෙලා පහලට ගියා.

ඒත් ඉතින් ඒ වෙනකොටත් පරක්කු වැඩි ටේහ්යුන්ග් ලීසා එක්ක පිටත් වෙලා. ජින්ගෙන ටේ ගිය පැත්ත අහගත්ත ජන්කුක් පාන්දරම එලියට බැස්සේ එයාගේ හස්බන්ව බේරාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්න.

I Love My Crazy Husband 🐰🐯//𝕋𝕂  [COMPLETED ✔✔]Where stories live. Discover now