9

2.5K 481 45
                                    

"ඉතින් මං ඔයාට කිව්වේ නෑනේ "

ජන්කුක්ගේ හැසිරීමත් එක්ක ටේහ්යුන්ගේ කේන්තිය දෙගුණ තෙගුණ වුණා. ඒ මොහොතේම ලොකු හුළඟක් ඇවිත් ටේහ්යුන්ග් අතේ තිබ්බ කුඩේ ගහගෙන ගියත් ඒක ගානකට ගත්තේ නැති ටේහ්යුන්ග් ජන්කුක්ගේ ඉන වටේ අත් යවල ජන්කුක්ව ඇදල ලං කරගෙත්තේ ජන්කුක් ඇදිල ඇවිත් ඒ පිරුණු පපුවේ වැදෙද්දී. ඇස් දෙකත් ලොකු කරන් තමන් දිහා බලන් ඉන්න ජන්කුක් දිහා බලපු ටේහ්යුන්ග්,

"ඔයාගේ ලොකුකම මට පෙන්නන්න එන්න එපා ජන්කුක් "

ටේහ්යුන්ගේ ගැඹුරු කටහඬ මේ තරම් ලගින් ඇහෙද්දී ජන්කුක්ට එයාගේ ඇඟ හරහා විදුලියක් යනවා වගේ දැනුනේ මුළු ඇඟම සීතල කරමින්. ජන්කුක් ටේහ්යුන්ග් දිහා එකදිගට ඇස් පිල්ලම් ගහන ගමන් බැලුවේ ඒ තරු කැට හන්ගන් ඉන්න ලස්සන් ඇස් වල ටෙහ්යුන්ග්ව මොහොතකට අතරමන් කරමින්

ජන්කුක්ගේ කිරිපාට හම වැහි වතුර වලින් දිලිසුනා. ඒ නළල දිගේ බේරෙන වතුර බින්දු මුහුණ දිගේ ඇවිත් බෙල්ලෙන් රූටලා වැටෙද්දී ඒ රෝසපාට තොල් අග වතුර බින්දු රැදිලා පහලට වැටෙන්න පොරකද්දී ඒ දේම ටේහ්යුන්ගේ පාලනය ටේහ්යුන්ගෙන් ඈත් කරන්න ප්‍රමාණවත් වුණා. තමන්ගේ හැගීම් පාලනෙන් ගිලිහුණු ටේහ්යුන්ග් වැහිවතුර බේරෙන ජන්කුක්ගේ hot මූණ දිහා බලාගෙනම තමන්ගේ එක අතකින් ජන්කුක්ගේ ඉන පිරිමැද්දේ දැනෙන අමුතු වින්දනයට ජන්කුක්ට ටේහ්යුන්ගේ ඇස් දිහා බලාගෙනම කෙඳිරි ගෑවෙද්දී,

දෙදෙනා එකිනෙකාගේ ඇස් අතරේ පැටලිලා ඉද්දි එතනින් ඔවුන්ව පහු කරන් ගිහින් ටිකක් එහාට වෙන්න නවත්තපු car එක ඔවුන් සමහරවිට නොදකින්නට ඇති. ටේහ්යුන්ග් ජන්කුක් එක්ක වෙනම ලෝකෙක ඉද්දි අර නවත්තපු වාහනේ ඇතුලෙන් කැමරා එළි කිහිපයක් අඳුරේ වුනත් පැහැදිලිව දර්ශනය වුණා. ඒත් එය ටේහ්යුන්ග් හෝ ජන්කුක් දකින්නට පෙර ඒ වහනය නැවත එතනින් පිටත් වුණා

මේ විදියට ඇස් වලින් බැඳිලා හිටපු දෙන්න පියවි සිහියට ආවේ එවෙලේ ඇතිවුණු අකුණක සද්දෙට බයේ ජන්කුක් ටේහ්යුන්ග්ව බදාගෙන ඒ පපුව අස්සේ මූණ හන්ගත්තමයි. ටේහ්යුන්ග් මුලින් පුදුම වුනත් පස්සේ ජන්කුක්ව තවත් තුරුල්කරගෙන ඔලුව අතගෑව. ඒත් තමන් කරපු දේ ඉක්මනට තේරුම් ගිය ජන්කුක් ටේහ්යුන්ගෙන් ඈත් වුණා

I Love My Crazy Husband 🐰🐯//𝕋𝕂  [COMPLETED ✔✔]Where stories live. Discover now