31

2.8K 492 144
                                    

පහුවදා උදේ ජන්කුක් ඇහැරෙද්දි ටේහයුන්ග් ඇඳේ හිටියේ නෑ.ජන්කුක් වොෂ් දාගෙන ඇවිත් එලියට ගිහින් බලද්දී දැක්කා maid කෙනෙක් ටේහයුන්ගේ උදේ healthy tea එක Gym එක පැත්තට අරන් යනවා. ඉතින් ඒ නිසා ජන්කුක් ඒ පස්සෙන් ගිහින් gym එක ඇතුලට ගියා.

ජන්කුක් ඇතුලට යද්දිත් ටේහයුන්ග් හිටියේ උඩට ෂර්ට් එකක්වත් නැතුව exercise කරන ගමන්. ටේහයුන්ගේ කොන්ඩේ දාඩියෙන් නෑවිල දාඩිය බින්දු නළල දිගේ බේරෙද්දී ටේහයුන්ග් අතින් කොන්ඩේ පිටිපස්සට කරද්දී ජන්කුක් ඒ දිහා බලන් හිටියේ මීට කලින් කිසිම දවසක මෙහෙම දෙයක් දැකලා නැති කෙනෙක් වගේ.

ටේහයුන්ගේ abs , නහර ඉලිප්පුණු මස්පිඬු පිරුණු අත්, එක්ක ටේට තිබුනේ පරිපූර්ණ ශරීරයක්. ටේහයුන්ගේ දාඩියෙන් තෙත් වුණු උඩුකය ටේහයුන්ග්ට ගෙනාවේ කඩවසම් බවටත් වඩා සරාගී පෙනුමක්.

ජන්කුක් ටේහයුන්ගේ රූපේ දිහා කටත් ඇරගෙන බලාගෙන හිටියේ හරියට එයාගේ බනානා මිල්ක්ෂේක් එක දිහා කෙලගිලින ගමන් බලන් ඉන්නවා වගෙයි. ඒත් ජන්කුක්ගේ වැඩේට බාධා වුනේ එක පාරටම කතා කරන්නේවත් නැතුව ලීසා එතනට කඩාපැනපු හින්දයි

"Hi ටේ "

ලීසගේ කටහඬ ඇහුනු පැත්ත බලපු ටේහයුන්ග් දැක්කේ එයාට පිටුපාල ජන්කුක් ඉනටත් අත් දෙක තියාගෙන ලීසා දිහා බලන් ඉන්නවා කියලයි. ඒත් ලීසගේ ඇස් නම් තිබුනේ ටේහයුන්ග් ළඟ. තමන්ව මේ දැන් තෙලෙන් බැදලා මිරිසට උයලා කන්න සයිස් එකට රවාගෙන බලන් ඉන්න ජන්කුක්වවත් ගණන් ගත්තේ නැති ලීසා ටේහයුන්ගේ ඇඟ පුරාම වේගෙන් ඇස් අරන් ගියා. ලීසා මේ විදියට කිසිම ලැජ්ජාවක් නැතුව එයා දිහා බලන් ඉද්දී ටේහයුන්ග්ටත් ටිකක් අපහසුවක් දැනුනා වගේම ජන්කුක්නම් ඉන්නේ කේන්තියෙන්.මොකද ටේහයුන්ගේ නිරුවත් උඩු කය පුරාම ලීසා බලන් ඉන්න විදිය ජන්කුක් හොඳටම දැක්කා.

ඒ නිසා ලීසගේ දර්ශන පථය අවහිර කරමින් ජන්කුක් අත් දෙකත් දෙපැත්තට විහිදෝගෙන ටේහයුන්ගේ ඉස්සරහින් හිටගත්තේ ටේහයුන්ග් වගේම ලීසවත් අන්දමන්ද කරලයි.

"ඔයා මොකද මෙතන කරන්නේ. ඔය කැහැටු ඇඟ තියාගෙන තව exercise කලොත් හුළඟට ගහගෙන යයි."

I Love My Crazy Husband 🐰🐯//𝕋𝕂  [COMPLETED ✔✔]Donde viven las historias. Descúbrelo ahora