12

2.4K 467 71
                                    

ටේහයුන්ග් පුදුමෙන් බැලුවේ මුන් දෙන්නා කොහෙන් කඩාපාත් වුනාද කියලයි.

"චිමි නැගිටිනවා අපේ මරණය ඉතිහාසේ රන් අකුරෙන් ලියවෙන්නයි යන්නේ"

ජන්කුක් ජිමින්ගේ කනගාව ඉදන් පොලොව බදාගෙනම කිව්වත් එක්වරම දෙන්නගේ අවධානෙ ගත්තේ ඔවුන් ඉස්සරහ රැඳිලා තිබ්බ සපත්තු දෙකයි. ඔවුන්ගේ ඉස්සරහ තියෙන දර්ශනේ කෙලින් උඩ බලපු දෙන්නා දැක්කේ මේ දැන් දෙන්නවම තැපැල් කරලා මුරුසි දිවයිනට පිටුවහල් කරන්න ඉන්න ලුක් එකෙන් බලන් ඉන්න ටේහයුන්ග්ව

දෙන්නම දත් 32 සේල් දාල හිනවෙද්දී ටේහයුන්ග් ජිමීන්ට නැගිටින්න අත දික් කලේ මොනාවුනත් මේ ඉන්නේ එයාගේ හයුන්ග් නිසා. ටේහ්යුන්ගේ අත අල්ලන් නැගිට්ට ජිමින් ටේහ්යුන්ග් දිහා හොරාට බලද්දී ආයෙමත් කකුල් දෙක ලඟින් ඇහුන සද්දේ නිසා බිම බලපු ටේහ්යුන්ග් දැක්කේ අතත් උඩට උස්සන් ඉන්න ජන්කුක්ව

"සර් මේ මාත් ඉන්නවා නැගිට්ටවන්න "

ජන්කුක් දිහා කේන්තියෙන් බලපු ටේහ්යුන්ග් ජන්කුක්ට අත දීලා ජන්කුක්ව ඇදල ගත්ත පාර ජන්කුක් නැවතුනේ ටේහ්යුන්ගේ පිරුණු පපුවට හේත්තුවෙලා .බයවුණු පාර ජන්කුක් පිටිපස්සට පනිද්දී වැටෙන්න ගියත් ක්ෂණිකව ටේහ්යුන්ගේ අත් ජන්කුක්ගේ ඉණ වටේ එතිලා ජන්කුක්ව වැටෙන්න නොදී අල්ලාගත්තේ දෙන්නගේ ඇස් එකිනෙකට මොහොතක් යාවෙද්දී

මේ නාට්‍ය බලන් ඉන්න බැරිම තැන අන්තිමට ජිමින් උගුර පෑදුවේ වෙනම ලෝකෙක හිටිය දෙන්නා මේ ලෝකෙට ඇවිත් දෙපැත්තට වෙද්දී

ඒ ලැජ්ජාව වහගන්නත් එක්ක ජන්කුක් ජිමින්ගේ පැත්තට හැරිලා දොර ඇරන් හේත්තුවෙලා හිටිය එයාවත් පෙරළන් වැටුන එකට දොස් කිව්වා

"මොනාද චිමි හයුන්ග් කරන්නේ... තව පොඩ්ඩෙන් වැටුණු පාර කොන්ද කැඩිලා එක්තැන් වෙනවා. කොහොමද එතකොට මං මගේ හනිමූන් එකටවත් දෙපයින් ඇවිදන් යන්නේ. මං තාම එක සැරයකවත් හනිමූන් ගිහින් නෑ "

ජන්කුක් මේ කියන විකාර තවත් අහන් ඉන්න බැරිවුණු ටේහ්යුන්ග් අයෙමත් කැබින් එක දෙදරන්න කැගහුවා

I Love My Crazy Husband 🐰🐯//𝕋𝕂  [COMPLETED ✔✔]Where stories live. Discover now