CHAPTER 19❤️

74 18 162
                                    


💟 prov

හැමදේම හුගාඅක් හොදින් සිද්ධ වුනා.... මින් හු ට ඇඩ්වර්ටීස්මන්ට් ව්ලාට එක දිගට ආරාධනා ආවා... ඉස්කෝලේ විභාගත් කලට වෙලාවට පැවැත්තුවා...අපි තුන්දෙනාම හොද ලකුනු අරන් පන්තියේ උඩින් ඉද්දි අනේ කොල්ලො දෙන්නා හැමදාම වගෙ අග ඉදන් එකයි දෙකයි ස්ථාන දෙකම අරන් තිබ්බා.. ඉස්කෝලේ නිවාඩුව හම්බුන නිසා අම්මයි තාත්තයි ලංකාවට ඇවිත් යන්න එන්න කිව්වට අපි හැමෝම කැමති වුනේ කොරියාවේ ඇවිදින්න.. ඒ නිසාම අම්මයි තාත්තයි සීයයි හෙට කොරියාවට එනවා කිව්වා අපිව බලන්න.. ඒගොල්ලෝ ආවම මින් හුගෙයි මගෙයි එෆෙයා එක කියන්න තමා අපි ප්ලෑන් කරන් ඉන්නේ... අද මායි මින් හුයි ඩිනර් එකකට යන්නයි ලෑස්ති වෙලා ඉන්නේ... හේතුව ලොකූ සතුටු හිතෙන නිව්ස් එකක්..මගේ මින් හුට පලවෙනි ටෙලිඩ්‍රාමා එකෙන් ඉන්විටේශන් එකක් ආවා.. ඒක සමරන්න තමයි අපි දෙන්නා එලියට යන්න ලෑස්ති වුනේ... මගේ ජීවිතේ තිබ්බටත් වඩා ලස්සනට ගෙවිලා යනවා.. හිතුවටත් වඩා.... කාලයක් ජීවිතේ ඇතුලෙන් විදවලා එලියට විදිනවා වගේ පෙන්නපු මම අද මුලු හදවතින්ම විදිනවා... ඒ මින් හු නිසා.... එයාගේ ආදරේ නිසා....මගේ කල්පනා ලෝකේ බිදුනේ මින් හු කතා කරාම


😈 - මං ආවා කියලවත් දන්නෑ... කා ගැනද ඔච්චර කල්පනා කලේ...


💟 - වැඩක් නෑනේ යමු...


පයින්ම පාර දිගේ අත් දෙකත් අල්ලන් කියව කියව දෙන්නත් එක්ක ආවා


😈 - ලියා...


💟 - ඔව්ව් කියන්න


😈 - ඇයි හ්‍යුන්ග් ඔයාට දේව් කියන්නේ


මින් හු ඉදිරිපත් කලේ පලවෙනි දවසේ ඉදන්ම ඔලුවේ කැරකි කැරකි තිබ්බ ප්‍රශ්නේ


💟 - ආයිෂ්ෂ්.. තමුසේ නම් මහ හිකනලෙක්


😈 - ඇයි වදේ


💟 - තමන්ගේ කෙල්ලගේ අඩුම යාලුවගේ නම දන්නැති එකෙක් මම දැක්කමයි...

💞THE HEIR OF MY HEART💞Where stories live. Discover now