#52

2.9K 463 133
                                    



.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ටික දවසක් මෙහෙම යනකොට ටේ ටික ටික වෙනස් උනේ චුට්ට එහෙ මේහෙ වෙන්න බෑ පොඩී එකාට කේන්තී යනවා. ජන්කුක් ටේගෙ මේ වෙනස් වීමට නිකන් පොල්ලෙන් ගහලා වගේ ඉදියේ එකපාරටම මොකද්ද උනෙ කියල හිතාගන්න බැරුව..

"ටේ...චූටියෝ නැගිටින්න දැන් උදේ වෙලා අනේ දහයටත් කිට්ටුයී..."

ජන්කුක්ට අද නිවාඩූ නිසා එයාත් ටිකක් දවල් වෙනකල් නිදාගෙන පස්සෙ ඇහැරිලා ටේව නැගිට්ටවන්න හදනවා...

"ම්ම්හූ...අ..ආනී ඉන්න දෙන්න.."

ටෙ ජන්කුක්ගෙ අත ගසන ගමන් කිව්වා

"ආශ් බබා මොකො මේ...කෝ නැගිටින්න.."

ජන්කුක් ටේව කෙලින් කරලා මූනේ වතුර ටිකක් ගෑවා..

ටේ පස්සේ නාහෙන් අඩ අඩ ජන්කුක්ට හේත්තූ උනේ මූනත් බෙරී කරන්

"මැණික මොකො මේ...ඇයී අවුලෙන් වගේ.."

ජන්කුක් ටේව තුරුල් කරන්ම ඇහුවේ ටේ වෙනස් නිසා...

"ම්ම්හූ...ඔ..ඔලුව සිදෙනවා..."

ටේ ජන්කුක්ගේ පපුව අස්සේ මූන හංගන් කිව්වේ ජන්කුක් ටේව ආයෙ ඇදෙ ඇල කරලා බාම් එකක් අරන් ඔලුවේ ගානකොට

"තව ටිකක් නිදාගන්න එහෙනම් බබා.."

ජන්කුක් ටේගේ ඔලුව අතගගා කිව්වේ බාම් එක පැත්තකින් තියලා..

"මිල්ක්ශේක් ඕලේ.."

ටේ කොට්ටෙකුත් බදාගෙන කිව්වේ තොලුත් පෙරලන්..

"ආව්..කතා කරන විදිහ හුරතලේ...හා අරන් එන්නම්.."

ජන්කුක් හිනා වෙලා ටේගෙ  කම්මුල් දෙක මිරිකලා පහලට ගියේ මිල්ක්ශේක් එක අරන් එන්න....

ජන්කුක් පහලට යනවා එක්කම කෑම කකා ඉදියා මිසිස් ජියෝන් ජින් ජන්වූන් තුන් දෙනාම ජන්කුක් දිහා බලලා ලාවට හිනා උනා

"කෝ සුදූ පපා."

ජන්වුන් ජන්කුක්ගේ දිහා බලන් ඇහුවා

𝑰𝒎 𝒀𝒐𝒖𝒓 𝑯𝒖𝒔𝒃𝒂𝒏𝒅.. (Complete ✔✔)Where stories live. Discover now