✿ 05 ✿

1.5K 288 52
                                    

අද රෑ මෙහේ ඉදල හෙට උදේම ජන්කුක්ගෙ ඔම්මලගෙ ගෙදර දවස් තුනක නිවාඩුවකට යන්නයි මම හිතාගෙන ඉන්නෙ. එතනින් පස්සේ සති තුනකට මම ග්‍රීසියට යනවා. ඒ මගේ ස්වේච්ඡා වෛද්‍ය සේවයට.
සමහරවිට... මට එතනටත් යන්න පුලුවන් වෙයි.
අපේ පැරණිම ආදර සටහනක් තියෙන තැනක්. ග්‍රීසියෙ Zakynthos Islands.

මම මගේ කෝට් එකේ සාක්කුවට අත දාල ගත්තෙ එතනදි ජන්කුක් මට දුන්න ගල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම මගේ කෝට් එකේ සාක්කුවට අත දාල ගත්තෙ එතනදි ජන්කුක් මට දුන්න ගල.

"දන්නවද ටේ.. මෙතනින් මේ වගේ ගලක් අරන් ගියොත් ආපහු ජීවිතේ කවදමහරි දවසක මෙතනට එන්න ලැබෙනවලු. එහෙමයි මේ පැත්තෙ මිනිස්සු විශ්වාස කරන්නෙ."

ජන්කුක්ගේ ඒ වචන මගේ මනසේ තවමත් දෝංකාර දෙද්දී මම ආපහු ඒ ගල සාක්කුවට දා ගත්තා.

මට වැඩිය කන්න පිරියක් නොතිබුණත් හෙට උදේ ඩ්‍රයිව් කරන්නත් තියෙන නිසා මම කිචන් එක පැත්තට ගියේ රාමෙන් එකක් හදා ගන්න.

කිචන් එකට ගිහින් උණු වතුර එක රත් වෙනකම් මම පැන්ට්‍රියට හේත්තු වෙලා අත් දෙකත් පපුවට බැදගත්තා. මෙහෙම ඉන්න එකට තමයි මම ආසම නැත්තෙ. මොකද නිකන් ඉන්නකොට මට දුක වැඩියි. පරණ මතක....ඒ දේවල් මතක් වෙනවා...ඒවා කොහොමද මම අමතක කරන්නෙ......

හොස්පිට්ල් එකේ පේෂන්ට්ල එක්ක ,සර්ජරි එක්ක බිසී වෙනකොට ඒ දේවල් මට අමතක කරන්න පුළුවන් වුනා....

ඒත්...අපි දෙන්නගේ හැම ආදරණීය මතක සටහනක් ම තියෙන මේ ගෙදර ම ඉදගෙන මම කොහොමද ඒ මතක වල ගිලෙන්නෙ නැතිව ඉන්නෙ....








.







.







.







මමයි ජන්කුක්නුයි ඩිනර් එක අරගත්තෙ අපේ කතා බහෙන් හිනා හඩින් ඩයිනින් රූම් එක පිරිලා යද්දී. අපි දෙන්නම දවසේ වුන සිදුවීම් හුවමාරු කරගත්තු තැන තමයි මෙතන. අපි දෙන්නගේ බැදීම මෙච්චර ශක්තිමත් වුනේ මේ විදියට. අපි දෙන්නම එකිනෙකාගෙන් කිසිම දෙයක් හැංගුවෙ නෑ. හැම පොඩි කාරණයක් වුනත් අපි දෙන්න බෙදා ගත්තා.

𝐎ℕ𝐂𝔼 𝐀𝔾𝐀𝕀𝐍  | 𝕋𝐀𝔼𝐊𝕆𝐎𝕂  √ Where stories live. Discover now