✿ 14 ✿

1.1K 255 35
                                    

"ටේටේ!!!.."

ටේහ්‍යුන් ලගට දුවල ගිය ජන්කුක් එයාව ඔසවල උකුලට ගත්තෙ කම්මුල් වලට තට්ටු කරන අතරේ. වෙනදට රෝස පාටට දිලිසුන කම්මුල් , තොල් අද සුදුමැලි වෙලා ගිහින්. ඒ මදිවට හොදටම ඇගත් රස්නෙයි. ටේහ්‍යුන් කතා කරන්නෙත් නැති වෙනකොට ජන්කුක්ගේ ඇස් වලින් උණුසුම් කදුළක් කම්මුල් තෙමාගෙන ඇවිත් ටේහ්‍යුන්ගේ මුහුණට වැටුනා. හෙමිහිට මලානිකව ඇස් ඇරිය ටේහ්‍යුන් ජන්කුක්ගේ නම ඇහෙන නොඇහෙන ගානට මිමිණුවෙ කඳුලින් පිරුණ ජන්කුක්ගේ ඇස් වල සිනහවක් ඇදෙද්දී.

"ටේ....ටේ..ඔයාට හොදටම උණ..බෙහෙත් ගත්ත ද..ආ.."

ටේහ්‍යුන් ඒකට නැහැ කියන්න ඔළුව හෙලෙව්වා.

"බෙහෙත් ගන්නවත් නොයා මෙච්චර උණ වැඩි වෙනකම් මොනවද කළේ ආ..!..මොනවහරි වුනා නම්..මම නාවා නම්!!"

ටේහ්‍යුන් තමන්ව අත් වලට මැදි කරගෙන හිටිය ජන්කුක්ට තවත් තුරුළු වුනේ උණ නිසා ඇගට දැනුන සීතලෙන්.

"ඔයාට..හොදටම අමාරුයි..ටේ..එන්නකෝ අපි බෙහෙත් ටිකක් අරන් එමු හොදද."

"ම..ට..බෑ..ජ්..න්කූ.."

"බෑ කියල බෑ..ඉක්මනට හොද වෙන්න ඕන..කොහෙද ඔයාගේ ඔම්මල ටේ.."

ඒත් එක්කම ටේහ්‍යුන් ජන්කුක්ට තුරුලු වෙලා අඬන්න ගත්තෙ ජන්කුක්ව බය කරල.

"ඔ..ඔයා..ට. ගොඩක් අමාරුද ටේ..එන්නකො..ෂ්..අඩන්න එපා..මම ඉන්නවනේ.."

ටේහ්‍යුන් දුර්වලව මුමුණන ප්‍රතික්ෂේප කිරීම් වලට කන් නොදුන්න ජන්කුක් ටේහ්‍යුන්ව දෙවරක් නොසිතාම අත් අතරට ඔසව ගෙන නිවසින් පිටතට ගොස් ටේව තම කාරයේ ඉදිරිපස අසුනින් හින්දෙව්වා. ටේව හොස්පිට්ල් OPD එකට අරන් ගිය ජන්කුක් ඩොක්ටර් දුන්න බෙහෙතුත් අරගෙන ටේහ්‍යුන්ව ආපහු ඔහුගේ නිවසට අරන් ගියා.

බෙහෙත් නිසා තද නින්දෙ හිටිය ටේහ්‍යුන්ව ඔසවගෙන ගිහින් ඔහුගේ කාමරයේ ඇද මතින් තියපු ජන්කුක් ටේගෙ ලගින්ම ඉදගත්තා. නින්දෙන්ම අතපත ගාල කොට්ටයක් හොයා ගත්තු ටේ ඒක බදාගෙන ගුලි වුනේ මේ හුරතලේ නිසා ජන්කුක්ට හිනත් යද්දී.

 නින්දෙන්ම අතපත ගාල කොට්ටයක් හොයා ගත්තු ටේ ඒක බදාගෙන ගුලි වුනේ මේ හුරතලේ නිසා ජන්කුක්ට හිනත් යද්දී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐎ℕ𝐂𝔼 𝐀𝔾𝐀𝕀𝐍  | 𝕋𝐀𝔼𝐊𝕆𝐎𝕂  √ Where stories live. Discover now