✿ 10 ✿

1.2K 254 14
                                    

"නෑ...!!!...ඔ..යාට මා.ව මේ විදි..යට දාල.. යන්න බෑ ම.ගෙ කූ...!
මට.. ඕන ඔයාගේ උණු...හුමේ එ..ක මොහොත.කට හරි සැන..සෙන්න. ඔයා.ව සි..ප ගන්.න..ආප..හු ඔයා..ගෙම වෙ.න්න..මට ඔයාව ඕන.. කූ..!!!..ප්ලී..ස් මාව දාල යන්න එපා..! ම්..මා.වත් අරන් යන්න..
ඇයි ම..මට..ට ඔයා ඔයාගේ ලග..ටවත් එ..න්න නොදු..න්නෙ ජන්..කුකී..ඒක..ත් ඔයා.. මට තහන..ම් කරල. ජ්..ජන්කු.ක් නැ..තිව මේ ටේ...හ්‍යු.න් අසම්පූ..ර්ණ යි.!.."

මගේ ඔළුව පුපුරන්න වගේ කැක්කුම ගත්තා. ඇස් ඇරල බලන්නවත් බැරි තරමට මගේ ඔළුව උඩ යකඩ ගොඩක් පටවල තරම් බරක් දැනුන අඩපු නිසා. ඉවසගන්නම අමාරු වෙද්දී මම බිම ඉදගෙන ම සෝෆා එකට ඔළුව තියාගත්තා. ඔළුව කැක්කුම නිසා ඇස් පියවීගෙන එනකොට මට හිතුනෙ මේ ඇස් ආපහු නොඇරෙනව නම් කොච්චර හොඳද කියල.

ඉදහිට නින්දෙන් ම හීන් ඉකි ගැහෙද්දී මම ගැස්සිලා අවදි වුනේ මගේ උරහිස උඩ තියපු අතකින්.

"ජන්කූ.."

මම ඉක්මනට ඔළුව උස්සල පිටිපස්සට හැරිල බැලුවෙ මගේ ජන්කුක් බලාපොරොත්තුවෙන්.

"ඔ..ම්මා.."

ඒත් මගේ පිටිපස්සේ මගේ ලග දණ ගහන් හිටියෙ ජන්කුක්ගේ ඔම්මා. ඔම්මගේ ඇස් වගේම මූණත් ඉදිමිල තිබුණේ හොදටම අඩල කියල මට තේරුනා. තවමත් ජන්කුක්ගේ ලියුම මගේ අතේ රැදිල තිබුණා. කලින් ඇහුන කියවපු දේවල් එකින් එක මගේ ඔලුවට ආවම මම ආයෙමත් අඩන්න ගත්තෙ ඔම්මා විනාඩියක්වත් පරක්කු නොකර මාව තුරුල් කර ගනිද්දී. ජන්කුක්ට ලැබිල තියෙන ඒ ආදරණීය උණුහුම උරුම වෙන්න ඇත්තෙ ඔම්මගෙන්. ඔම්මගෙ උණුහුමේ දි මට එක මොහොතකට මට දැනුන මගේ ජන්කුක් තාම ඉන්නව කියල.
මම තවත් ගොඩ වෙලාවක් ඔම්මට තුරුළු වෙලා ඇඩුවා. ඔම්මත් මාත් එක්ක ම ඇඩුව කියල මට තේරුනා.

එදා ජන්කුක්ගේ ඔම්මා මාව එයාලගේ ගෙදර එක්කගෙන ගියා. මේ ගෙදර හිටිය නම් මගේ දුක කවදාවත් අඩු වෙන්නෙ නෑ කියල ඔම්මට වගේම මටත් තේරුනා. මම දවස් ගානක් හොස්පිට්ල් එකට වත් ගියේ නෑ. පේශ්න්ට්ලට බෙහෙත් කරන්න කලින් ඩොක්ටර් හොද මනසකින් යුතු වෙන්න ඕන. මට හිත හදාගන්න බැරි වුනා කොහොමවත්. මම ජොබ් එකෙන් අයින් වෙන්නත් තීරණය කළා.

𝐎ℕ𝐂𝔼 𝐀𝔾𝐀𝕀𝐍  | 𝕋𝐀𝔼𝐊𝕆𝐎𝕂  √ Where stories live. Discover now