✿ 18 ✿

1K 235 43
                                    

"ඔම්මා...අප්පා කොහෙද.."

"ජන්කුකී..අප්පා ඉතින් බිස්නස් ට්‍රිප් එකක් ගිහින් නේ දරුවො..හවස් වෙලා එන්නත් පුළුවන්..නැත්නම් හෙට තමයි."

ඒ වෙලාවෙ ජන්කුක් හිටියෙ ගෙනාව දේවල් පිලිවෙලට අස් කරන ගමන්. ඒ වගේම ටේහ්‍යුන් හිටියෙ සාලේ ඔම්මා එක්ක කතා කරන ගමන්.

"ඒක නෙවෙයි ජන්කුකී...ටේහ්‍යුන්ට ඉන්න රූම් එකක් පෙන්නල එන්න. මම රූම්ස් ඔක්කොම අස් කරල ඇත්තෙ. "

ටේහ්‍යුන් කළේ ඇස් දෙකත් ලොකු කරගෙන ඔම්මා දිහා බලන් හිටිය එක. ජන්කුක් ඒක ඇහුන ගමන් සාලෙට දුවන් ආවා.

"ම්..මොන රූම්ස් ද ඔම්මා.."

"ඇයි ජන්කුකී..ඔයා අදම යනවද.."

"ඔහ්..ඔම්මා අපි ආවෙ අදම යන්න නේ. අනික අපි මුකුත් ගෙනාවෙත් නෑ."

"ඒත්..ජන්කුකී..මම හිතුවෙ ටේහ්‍යුන් මෙහෙ ටික දවසක් නවතී කියල.. ඔයා වුනත් ආවෙ කාලෙකට පස්සෙ නේ පුතා. අනික අප්පා එනකම් ඉන්න ඕන නැද්ද.."

"අහ්..ඒත්...මම නවතින්න මුකුත් ගෙනාවෙ නෑනේ ඔම්මා."

"අයියෝ ටේහ්‍යුනා..ඔයාට පුළුවන් නේ ඉතින් ජන්කුකීගෙ ඇදුමක් අදින්න.. ඔය දෙන්නම එකම සයිස් වගේනේ.."

"අ..අනී ඔම්මා.. ජන්කුකීගෙ ඉන මගේ ඉනට වඩා ටිකක් හී....නි.....ආ..ව්...ව්.."

ටේ ඒත් එක්කම ආව් ගෑවෙ ජන්කුක් කකුල පාගපු නිසා.ඔන්න එතකොට යි එයාටත් තේරුනේ තමන් මොකක්ද කිව්වෙ කියල.

"ඔහ්හ්....එහෙමද...ටේහ්‍යුනා...ඔයා ඒකත් හොදට දන්නව වගේ නේ..ජන්කුකීගෙ ඉනේ සයිස් එක..ම්ම්..."

ජන්කුක්ගෙ ඔම්මා හිනාව තද කරන් ඉන්නකොට ජන්කුකීයි ටේයි ඔම්මා ඉස්සරහ ලැජ්ජාවට ඔළුව නමන් හිටියෙ හොර වැඩක් කරල ඔම්මට අහුවුන පොඩි ලමයි දෙන්නෙක් වගේ.

"ඒ..ඒක..එ..එහෙම දෙයක් නෙවෙයි ඔම්මා..මම ඒක දැක්කේ ජන්කුක්ගේ පිට ලග තුවාල වෙලා බෙහෙත් දානකොට. "

"එහෙම දෙයක් නෙවෙයි කිව්වෙ ටේහ්‍යුනා..කොහොම
දෙයක් ද....මම මුකුත් විශේෂයෙන් අදහස් කළේ නෑනේ.."

ජන්කුක්ගෙ ඔම්මා ඇහුවෙ තමන්ගේ හිනාව තද කරගෙන මුකුත්ම තේරුනේ නැති විදියට තාත්වික රංගනයක යෙදෙන ගමන්.

𝐎ℕ𝐂𝔼 𝐀𝔾𝐀𝕀𝐍  | 𝕋𝐀𝔼𝐊𝕆𝐎𝕂  √ Where stories live. Discover now