✿ 03 ✿

1.4K 289 64
                                    

මම හිටියේ මගේ පිටුපසින් වැතිරිලා හිටිය ජන්කුක්ගේ දකුණු අත උඩ ඔලුව තියාගෙන. මම ඒ හැඩි දැඩි ශක්තිමත් අත මගේ අත් දෙකෙන්ම තදින් අල්ලන් හිටියෙ හරියට එයා මාව දාල යයි වගේ. ජන්කුක්ගේ අනිත් අත මගේ ඉන පෙදෙස තද කරද්දී ඒ සියුම් ස්පර්ශයෙන් වුනත් මට කෙඳිරි ගෑවුනේ ඒ තරම් මම ජන්කුක්ට ඇබ්බැහි වෙලා හිටිය නිසා. මම එහෙමම අනිත් පැත්තට හැරුනේ ඈනුමකුත් යවන ගමන්. එවෙලෙයි මගේ ඇස් වලට හසු වුනේ අපි දෙන්නම හිටියේ නිරුවතින් කියල. බ්ලැන්කට් එකකින් විතරක් අපේ යටිකයවල් ආවරණය වෙලා තිබුණා. කලින් අපේ එක්වීමේ සිදුවීම් එකින් එක මගේ මතකයට නැගෙද්දී මම ලැජ්ජාවෙන් හිනා වුනා.

"ගුඩ් මෝනින් මයි ලව්..මොකද ඊයේ රෑ මතක් වුනාද..ම්ම්.."

"ග්..ගුඩ්..මෝනින් කූ..."

"මොකද කියන්නෙ බබා..ලෙට්ස් ගෝ වන් මෝ රවුන්ඩ් ?.."

"කූ..අනේහ්.."

මම ලැජ්ජාවෙන් රතු වුන මූණත් වහගන්න ගමන් කෙඳිරි ගෑවෙ ජන්කුක් දිගටම මගේ නිරුවත් උරහිස සිප ගත්තු නිසා.

"ලැජ්ජ වෙන්න එපා මැණික.. මමනේ.."

ඇහිබමකුත් උස්සන් සරාගී හිනාවක් කට කොනට අරන් කියද්දී මම සම්පූර්ණයෙන්ම ජන්කුක්ගෙ පැත්තට හැරිල ඒ පපුවේ මුහුණ හංග ගත්තා.

"ජන්කුක්....!!!.."

මම ඒ නම කියාගෙන ම අවදි වුනේ ඇදේ ඉදගන්න ගමන්මයි.
මගේ හදවත වේගෙන් ගැහෙමින් තිබුණේ නොදැනුවත්වම ඇස් වලින් කදුළු බේරෙද්දී.

අඩ අදුරේ තිබුණ රූම් එක වගේම මගේ ඇගේ තවමත් දැවටිලා තිබුණ ඇදුම් වලින් ඒ හීනයක් බව මට තේරුම් ගියා. මම ඉක්මනින් නැගිටලා වොෂ් රූම් එකට ගියේ මූණ සෝදගන්න.
සින්ක් එකට වතුර පිරෙන්න දීපු මම ඒ වතුරෙන් මුහුණ එකදිගට තෙමාගන්න උනේ අඩන ගමන්මයි.
වතුරෙන් තෙත් වුන මගේ කම්මුල් අතරින් ගලන් ගිය කදුළු පාරවල් වෙන් කරල හදුන ගන්න තරම් තද කදුළු පාරවල් වුනා.

ඒත් එක්කම සින්ක් එකේ මිරර් එකෙන් පෙනුනෙ නිරුවත් හැඩි දැඩි උඩුකය එක්ක ඇස් සිහින් කරල හිනා වෙන ජන්කුක්ව. එහෙමම මගේ ලගට ආව ජන්කුක් මාව බැක් හග් කරන ගමන් මගෙ උරහිසින් මුහුණ තියාගත්තා. ඒ ශක්තිමත් අත් මගේ ඉන වටේ එතෙනකොට මගේ මුහුණේ කදුළු අතරින් සිනහවක් ඇදුනෙ නිතැතින්ම යි.

"My love..I'm back "





.... To be continued ❥︎❥︎❥︎


┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉✿┉┉┉┉┉┉┉┉┉┉┉┉┉

Sorry if there're any mistakes & Comment what you thought..

Jeon_Kim_Navo
2021.12.25

𝐎ℕ𝐂𝔼 𝐀𝔾𝐀𝕀𝐍  | 𝕋𝐀𝔼𝐊𝕆𝐎𝕂  √ Where stories live. Discover now