ඔම්මයි අප්පයි එලියට ගිය වෙලේ ඉදන් ටේ කළේ ලන්ච් එක රෙඩි කරපු එක. ජන්කුක්ගෙත් උදව්වෙන් ටේට ඉක්මනින්ම කෑම ලෑස්ති කරන්න පුළුවන් වුනා. ජන්කුක් නම් බලාගෙන හිටියෙ ටේ වැඩ කරන දිහා. කළු පාට ටී ෂර්ට් එකකට කළු පාටින්ම පොඩි ෂෝර්ට් එකක් ඇදගෙන එහෙට මෙහෙට දුව දුව කඩිසරව කෑම හදන දිහා ජන්කුක් පැන්ට්‍රියට හේත්තු වෙලා අත් දෙකත් බැදගෙන බලන් හිටියා.
හරිම සීරුවට පිලිවෙලට එළවළු කපන දිහා බලන් හිටිය ජන්කුක් දැක්කෙ නිතරම නළලෙ පැත්තකින් ඇහැ ලගට වැටෙන කොණ්ඩෙ පිටි අත්ලෙන් එහාට කරන්න දඟලන ටේව. එයාගේ ලගට ගිය ජන්කුක් ඒ වැටෙන කොණ්ඩෙ හෙමින් සීරුවේ කන පිටිපස්සෙන් රදවල ටේගේ එක කම්මුලකින් පුංචි හාදුවක් තිව්වෙ ටේ කපමින් හිටිය බෙල් පෙපර් වගේම රතු පාට වෙද්දී.
ඒ වගේ පොඩි පොඩි කම්මුල් වලට දෙන හාදු ඒ දෙන්නට සාමාන්‍ය දෙයක්. ඒ වුනත් ඒක දකින කෙනෙක් හිතාවි ටේහ්‍යුන්, ජන්කුක් කපල් එකක් කියල. මොකද ජන්කුක් ටේහ්‍යුන්ගෙ කම්මුලකට හාදු දෙනකොට ටේ ලැජ්ජාවෙන් රතු වුනා. ඒ වගේම ඒ දෙන්නගේ ඇස් දිහා බලන ඕන කෙනෙකුට තේරෙනවා ඒ ඇස් වල එකිනෙකා වෙනුවෙන් තියෙන ආදරේ.
ඒත් ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඒ දෙන්න අතර තිබුණ බැදීම හොදම යාළුවො නැත්නම් සහෝදරයො කියන සීමාවෙන් එහාට ගෙනියන්න බය වුනා. එක්කෙනෙක්වත් නොකිව්වට ඒ දෙන්නම බය වුනා තමන්ගේ හැගීම් කියල ඒකෙන් දෙන්න අතර තියෙන යාළුකම සහෝදර බැදීමත් නැති කරගන්න සිද්ධ වෙයිද කියල.
කැරට් කෑල්ලක් කන ගමන් ටේ උයන දිහා බලන් හිටිය ජන්කුක් දැක්කෙ ටේ උඩ පැන්ට්‍රි කබඩ් එකෙන් ඕන දේවල් ගන්න ඉස්සෙද්දී එයාගේ ටී ෂර්ට් එක ඉස්සිලා පිටතට නිරාවරණය වෙන සියුමැලි ඉන. ජන්කුක් ඉක්මනට අහක බලාගෙන බොරු කැස්සක් පිට කළේ තමන්ට ටිකක් අපහසුතාවයක් දැනුන නිසා.
"ජන්කූ..මොකක් හරි ප්‍රශ්නයක් ද.."
"ආහ්...නෑ..නෑ..මුකුත් නෑ..ම..ම...මේ වතුර එකක් බොන්න හැදුවෙ.."
ජන්කුක්ගේ ඔම්මයි අප්පයි ආසම කෑම ජාති ගොඩක් හැදුව ටේහ්‍යුන් ඊට පස්සේ ජන්කුක් එක්ක කේක් එකකුත් හැදුවා.
ජන්කුක් කේක් එක අයිසින් කරන වැඩේ භාර ගත්තු නිසා ටේ ඒ අතරෙ වොෂ් එකක් දාන් එන්න ගියා. ජන්කුක් අයිසින් එකට ඕන දේවල් ටික ලෑස්ති කරන්නත් කලින් ටේ ඉක්මනට වොෂ් එකක් දාන් ආවේ ඔම්මලත් එන්න ලග නිසා.
YOU ARE READING
𝐎ℕ𝐂𝔼 𝐀𝔾𝐀𝕀𝐍 | 𝕋𝐀𝔼𝐊𝕆𝐎𝕂 √
Romance'Will I see you again?' - "දන්නවද ටේටේ, ඔයා කෙනෙක්ට ආදරේ කරද්දි, ඒ ආදරේ තවත් වැඩි වෙනවා එයාට තනියම කරගන්න පුළුවන් දේවල් වුනත් කරලා දෙනකොට.." - ජියොන් ජන්ග්කුක් - "ඔයාට ආපහු ඈතට දුවන්න ඕන නම්, මාවත් එක්කගෙනම යන්න ජන්කූ...