✿ 23 ✿

1K 246 72
                                    

"යාහ් කිම් ටේහ්‍යුන්!!! "

ජන්කුක්ගෙ තමන්ගෙ නම මහ සද්දෙන් කෑගහද්දි හිනාව නවත්තපු ටේහ්‍යුන් හෙමිහිට ඔලුව උස්සල බලල බොක්සි ස්මයිල් එක දාල යන්තම් ෂේප් වෙලා යන්නයි හැදුවෙ.

"ඔයා ඔය මට හිනාවෙනවද ටේ..ඒ කියන්නේ ඔයා හිතාමතාම ද මෙහෙම කළේ මට..!.."

"අ..අනී..කුකී..මම හිතාමතා කළේ නෑ..ඒ..ඒක..වැරදීමකින් මට..මට--

ඒ-ඒයි ම්-මොකද..ඔහොම එ-න්නේ..කූ.."

ජන්කුක් ටේහ්‍යුන් දිහා බලාගෙන ටිකෙන් ටික ලගට එනකොට ටේ ජන්කුක් තමන් දිහාට තියන අඩියක් අඩියක් ගානෙ පස්සෙන් පස්සට ගියා. ටේහ්‍යුන් අවස්ථාවක් ලැබුන ගමන් දුවන්න බලාගෙන හිටියත් ජන්කුක් එකපාරම එක ඇහැකුත් අතින් වහගෙන නැමුණා .

"අහ්..ආව්.."

"ජන්කූ..ම්..මොකද වුනේ..ජන්කුකී.."

"මගේ..අහ්..ඇහැට පිටි ගියා ටේ.."

"කෝ..ඉන්න මෙහෙට එන්නකො..මම පිඹින්නම් ඇහැට...එතකොට හරි යයි.."

ජන්කුක්ට ඕන වුන දේ ටේ විසින්ම කරල දෙන්න හදද්දි ජන්කුක්ත් ටේ දිහාට ලං වුනා. ජන්කුක්ගේ මූණ ලගට ටේ ලං වුනත් පිටි මූණ පුරාම යි ඇසෙයි වැටිල ඉන්න ජන්කුක්ව දැක්කම ටේට ආපහු හිනා ගියත් ජන්කුක් මූණ අමුතු කරල බලනකොට ටේ ඒ හිනාව ඉක්මනින් කැස්සකට හරව ගත්තා.

"ටේ! ඔයා මට හිනාවෙනවා හුම්...මොකද මම මෙහෙම පිටි නාලා ඉද්දි වස කැත ඇති."

"අ..අනේ..නෑ..ඔයා පිටි නාලා හිටියත් ඉතින් ගොඩක් ලස්සනයි කූ.."

ආපහු හිනා යන්න ආවත් ටේ තොල් දෙක තද කරගෙන හිනාව පාලනය කරගෙන ජන්කුක් ලගට ලං වෙද්දිම ටේට හිතන්නවත් වෙලාවක් නොදී ජන්කුක් ටේගෙ ඉන වටේ අත යවල තමන් වෙතට තද කරගත්තා.

"කූ..ඔ..ඔයා..බොරුද..එතකොට ඇහේ..පිටි.."

"ඇයි ටේ... ඔයා මට හිනාවුනා නේ..මේ තමයි ඒකට පනිෂ්මන්ට් එක.."

"ම්..මොන ප..නිෂ්මන්ට් ද කුකී..."

"ඔයාගෙ මූණෙත් මම පිටි ගානවා. "

"ප්..පිටි.."

"ඇයි මොකද...වෙන මොනවහරි පනිෂ්මන්ට් එකක්ද ඔයා බලාපොරොත්තු වුනේ.."

𝐎ℕ𝐂𝔼 𝐀𝔾𝐀𝕀𝐍  | 𝕋𝐀𝔼𝐊𝕆𝐎𝕂  √ Where stories live. Discover now