හෙමිහිට පඩිපෙල බහින ටේහ්‍යුන්ව දැක්ක ඔම්මා එහෙම කියනකොට වෙන අවධානෙක හිටිය ජන්කුක් ඒ පැත්ත බැලුවා.
එයා දැක්කේ තමන්ගේ කළු පාට ඕවර් සයිස්ඩ් හූඩි එකක ගිලිලා ඉන්න ටේව. ඒ හූඩි එක ටේගෙ දණහිස් ලගට ම දිග වුනා. රෝස පාට වුන කම්මුල් එක්ක හරි ම හුරතලේට පෙනුන ටේහ්‍යුන් දිහා බලන් හිටිය ජන්කුක්ටත් තමන්ගේ කම්මුල් රත් වෙනව දැනුනා.ඔම්මා ටේහ්‍යුන්ව ලගින් ඉන්දව ගෙන ටේහ්‍යුන්ට කෑම කවන්න වුනේ ටේහ්‍යුන් තමන්ගේ ඔම්මගෙන් ලැබෙන ආදරේ හරිම ලෝබ විදියට විදින හැටි ජන්කුක් බලන් ඉන්න අතරෙ.
"ඔම්මා...මටත් කටක් ආආ..."
"ඔයා තනියම කන්න ජන්කුකී.."
"යාහ් ඔම්මා මට ආදරේ අඩු වෙලා! "
"ජන්කුකී....ටේ මගෙ පොඩි එකා."
"එහෙනම් මමත් පොඩි වෙන්න එපැයි ඔම්මා.."
"ඒත් ටේ මගේ හුරතල් පොඩි පුතා. කෝ එන්න ටේහ්‍යුනා..ඔම්මා කවන ඔක්කොම කන්න ඕනි හොදද.."
"ඉන්නකො..මම අප්පා ආවම අප්පට කියල කෑම කවා ගන්නවා .හුම්."
"අපෝ ඉරිසියාව ජන්කුකී.."
ටේහ්‍යුන් මේ ඔම්මගෙයි පුතාගෙයි හුරතල් සෙල්ලම දිහා බල බල ඔම්මා කවන කොට කට ඇරියා.
"ඔම්මා දැන්නම් ඇති..හොදටම බඩ පිරිලා.."
ටේහ්‍යුන් එපා කියද්දිම ඔම්මා තව කටවල් කීපයක්ම කැව්වා.
"ඔම්මා ඔය ඇති..ටේ පිපිරිලා යයි. "
"තවම කටවල් කීයද කෑවෙ ටේ..තව ගොඩක් ජාති තියෙනවනේ."
"අනේ ඔම්මා තරහ වෙන්න එපා..දැන්නම් ඇති. මට හුස්ම ගන්නත් අමාරුයි.."
"කෝ එන්න ටේ අපි යමු. ඇවිද්දම ටිකක් ඔය බන්ඩිය බහීවි. "
ජන්කුක් ටේගේ අතින් ඇදන් එලියෙ වත්තෙ ඇවිදින්න එක්කන් යනකොට ඔම්මා ඒ දිහා බලන් ඉදියෙ හිනා වෙවී.
සීතල හුලගත් එක්ක ගාර්ඩ්න් එකේ ඇති තරම් ඇවිදපු ටේහ්‍යුන් ජන්කුක් දෙන්නා ඔම්මගේ මල් උද්‍යානෙ ඔංචිල්ලාවෙන් වාඩි වුනා. අහස පුරාම විසිරිලා තියෙන තරු දිහා බලන් හිටිය ජන්කුක්ට ටේහ්‍යුන්ට දෙයක් කියන්න ඕන වුනා.
YOU ARE READING
𝐎ℕ𝐂𝔼 𝐀𝔾𝐀𝕀𝐍 | 𝕋𝐀𝔼𝐊𝕆𝐎𝕂 √
Romance'Will I see you again?' - "දන්නවද ටේටේ, ඔයා කෙනෙක්ට ආදරේ කරද්දි, ඒ ආදරේ තවත් වැඩි වෙනවා එයාට තනියම කරගන්න පුළුවන් දේවල් වුනත් කරලා දෙනකොට.." - ජියොන් ජන්ග්කුක් - "ඔයාට ආපහු ඈතට දුවන්න ඕන නම්, මාවත් එක්කගෙනම යන්න ජන්කූ...