ලැප්ටොප් එක බලපු ජන්කුක් දැක්කේ ටේ සම්පූර්ණ ප්රසන්ටේෂන් එක හදල තියෙනවා. ඒක සේව් කරල ලැප්ටොප් එක ඕෆ් කරපු ජන්කුක් ඒ ටික රූම් එකෙන් තියල ආපහු පහලට ආවෙ ටේව නැගිට්ටවන්න හිතන්.
ඒත් හුරතල් විදිහට නිදාගෙන හිටිය ටේහ්යුන්ව දැක්කම ජන්කුක්ට ඇහැරවන්න හිත දුන්නෙ නෑ. මේසෙ උඩ ම නිදාගන්න දෙන්නත් බැරි නිසා හෙමිහිට ඔලුව තියාගෙන හිටිය පොත අයින් කරපු ජන්කුක් ඇහැරෙන්නෙ නැති වෙන්න හෙමිහිට ටේහ්යුන්ව අත් අතරට ගත්තා.
"ම්හ්ම්..."
හෙමිහිට කෙදිරි ගෑවත් ටේ අවදි වුනේ නම් නෑ. එයා තව ටිකක් සනීපෙට ජන්කුක්ට තුරුළු වුනේ ඒ ඇඳ කියල හිතාගෙන.
ටේව එයාගේ රූම් එකට අරන් යන්න හෙමිහිට පඩිපෙල නගිනවා, පහල ලයිට් දාල තිබුණ නිසා බලන්න ආව ජන්කුක්ගෙ අප්පත් දැක්කත් එයා හිනාවෙලා ආපහු නිදාගන්න ගියා.ටේහ්යුන්ව හරිම පරිස්සමට ඇදෙන් තියපු ජන්කුක් එයාගේ වටේට කොට්ටත් තිබ්බේ බදාගන්න දෙයක් නැතුව ටේහ්යුන්ට නින්ද යන්නැති බව දන්න නිසා. තාමත් ටේ නින්දෙන්ම ජන්කුක්ගේ ෂර්ට් එක අල්ලන් හිටියෙ හරියට කොහෙවත් යන්න නොදෙන්න වගේ. ටේගෙ ලගට නැමුණ ජන්කුක් රෝස පාට කම්මුලක් හෙමිහිට පිරිමදින ගමන් හුරතලේට නිදාගෙන ඉන්න ඒන්ජල් දිහා බලාගෙන හිටියෙ හරිම සතුටින්.
"මහන්සිත් ඇති නිදි මරල..මම නිසා... දන්නවද ටේ.. ඔම්මට අද මම මගේ හිතේ තිබුණ ඔක්කොම දේවල් කිව්වා. මට ඔයා ගැන යාළුවෙක්, සහෝදරයෙක්ගෙ සීමාවෙ ඉදන් හිතන්න බෑ ටේහ්යුන්. ඊට වඩා මට ඔයාව ගොඩක් වටිනවා. ඔම්මට අප්පට පස්සෙ මට මෙහෙම විශේෂ හැඟීමක් දැනුනෙ ඔයා ලගදි විතරයි. මට ඕනතරම් කලින් යාලුවො ඉදල තියෙනව. ගර්ස්ල වගේම බෝයිස්ලත්. ඒත් ඒ එක්කෙනෙක්ගෙ ලගකදිවත් නොදැනුන දෙයක්....විශේෂයක් මට ඔයා ලගදි දැනෙනවා. "
"ඔව්.....මම ඔයාට ආදරය කරනවා. ඒත් මම ඒකට ආදරය කියන දේ විතරක් කියන්න කැමති නෑ ටේ.
මට ඔයා ගැන තියෙන හැගීම ඇතුලෙ ඔයා ගැන ආදරයක් වගේ ම තවත් ගොඩක් දේවල් තියෙනවා. ""මට ඔයාව පරෙස්සම් කරන්න ඕන.. කිසිම කෙනෙකුට අල්ලන්නවත් නොදී...
ඔයාව රැකබලාගන්න ඕන... අද හෙට විතරක් නෙවෙයි මුළු ජීවිත කාලෙම...
ඔයාගේ ලගින්ම ඉන්න ඕන...ඔයාගේ ලග තියෙන ඇබ්බැහි වෙන උණුසුමට තුරුළු වෙලා...
ඔයාව මගේම කරගන්න ඕන..වෙන කාටවත්ම නොදී...
ඔයා එක්ක ආදරණීය මොහොතවල් ගෙවන්න ඕන... ඔයාගේ මත් වෙන ඇස් අතරෙ අතරමං වෙලා..."
![](https://img.wattpad.com/cover/295859827-288-k895233.jpg)
YOU ARE READING
𝐎ℕ𝐂𝔼 𝐀𝔾𝐀𝕀𝐍 | 𝕋𝐀𝔼𝐊𝕆𝐎𝕂 √
Romance'Will I see you again?' - "දන්නවද ටේටේ, ඔයා කෙනෙක්ට ආදරේ කරද්දි, ඒ ආදරේ තවත් වැඩි වෙනවා එයාට තනියම කරගන්න පුළුවන් දේවල් වුනත් කරලා දෙනකොට.." - ජියොන් ජන්ග්කුක් - "ඔයාට ආපහු ඈතට දුවන්න ඕන නම්, මාවත් එක්කගෙනම යන්න ජන්කූ...