Back To Present - @ Jungkook's home
"ටේහ්‍යුනා...ඔයා නිදිද පුතේ..."
තමන්ගේ ඔඩොක්කුවෙ ඔළුව තියාගෙන පියවුනු ඇස් එක්ක අවුරුදු ගානක අතීතයෙ ගිලිලා හිටිය ටේහ්‍යුන්ගෙන් මිසිස් ජියොන් ඇහුවෙ එයාගේ ඔළුව අතගාන ගමන්.
"ම්හු. නෑ ඔම්මා.."
"කෝ ඔම්මට මූණ පෙන්නන්න. අඩන්න එපා මගෙ පුතේ. දැන් අවුරුදු දෙකක් තිස්සේ ඔයා කොච්චර අඩනවද ටේහ්‍යුනා.. ඔයා මටයි අප්පටයි හැංගුවට ඔයා අඩනව කියල අපි දන්නව පුතා. "
"මට අපේ හැම පරණ මතකයක් ම ආපහු ආපහු මගේ ඉස්සරහ මැවිලා පේනව ඔම්මා... මට හිතෙනව මම මේ වේදනාවෙන් ම මැරිල-...."
"ෂ්..පුතා මොනවද මේ කියන්නෙ. අසුබ දේවල් කියන්න එපා. "
"ටේහ්‍යුනා..මගේ පුතේ. "
ඔම්මගේ තුරුලට වෙලා හිටිය මම ඇස් වල තිබුන කදුළු පිහිදගෙන අප්පා දිහා බැලුවෙ මට කතා කරපු නිසා.
"මමයි ඔයාගේ ඔම්මයි ගොඩක් හිතල මත තීරණය ගත්තෙ ටේ.. ඔයා ඔයාගේ ජීවිතේ ලස්සනම කාලෙ මේ ගෙවන්නේ පුතා. අවුරුදු විසි හයයි තාම ඔයාට. අපි මේ තීරණේ කොච්චර අමාරුවෙන් උනත් ඔයාගේ හොදටමයි ගත්තෙ ටේ.."
"මො..කක්..ද අප්පා..තීරණේ.."
"ඔයාට පුළුවන් වෙන ඕනම කෙනෙක්ව මැරි කරන්න ටේ..අපෙන් කිසිම විරුද්ධත්වයක් නෑ. ජන්කුක් අපේ පුතා තමයි. ඒත් ඇත්ත අපිට පිළිගන්න වෙනව ටේහ්‍යුනා..එයා ආයෙ එන්නෙ නෑ. ඒ නිසා ඔයාගේ ජීවිතේ වෙන කෙනෙක් එක්ක ඉස්සරහට ගෙනියන්න අවස්ථාවක් ගන්න පුතා.."
"අප්පා.."
"අපි ඔයාට බල කරන්නෙ නෑ පුතා. ඒත් ඔයා මෙහෙම විදව විදව ඉන්නව බලන් ඉන්නත් බෑ. තවත් කෙනෙක්ට..ඔයාට ජන්කුක් වගේ ආදරේ කරන කෙනෙක්ට ඔයා ටිකක් ළං-..."
"නෝ අප්පා...ප්ලීස්.. මගෙ ජන්කුකීට වගේ මේ ලෝකෙ කාටවත් මට ආදරේ කරන්න බෑ අප්පා. මට ජන්කුකී ඇර වෙන කිසිම කෙනෙක්ගෙ වෙන්න ඕන නෑ. මම තීරණයක් අරන් ඉවරයි. මට පුළුවන් ඉතිරි ජීවිත කාලෙ තනියම ඉන්න. "
"ටේහ්‍යුනා..."
"ඔම්මා...අනේ කරුණාකරලා..ඒ වගේම අප්පා. ඔයත්.. මම මගේ ජන්කුකීට මගේ මුළු ආත්මයම පවරල ඉවරයි. මගේ හදවත...ඒක ගැහෙන්නෙ ජන්කූක් වෙනුවෙන් විතරමයි. මාව අල්ලන්න පවා පුළුවන් මගේ ජන්කුකීට විතරමයි. මට වෙන කිසි කෙනෙක් වෙනුවෙන් ඒවා ආපහු දෙන්න බෑ. "
YOU ARE READING
𝐎ℕ𝐂𝔼 𝐀𝔾𝐀𝕀𝐍 | 𝕋𝐀𝔼𝐊𝕆𝐎𝕂 √
Romance'Will I see you again?' - "දන්නවද ටේටේ, ඔයා කෙනෙක්ට ආදරේ කරද්දි, ඒ ආදරේ තවත් වැඩි වෙනවා එයාට තනියම කරගන්න පුළුවන් දේවල් වුනත් කරලා දෙනකොට.." - ජියොන් ජන්ග්කුක් - "ඔයාට ආපහු ඈතට දුවන්න ඕන නම්, මාවත් එක්කගෙනම යන්න ජන්කූ...