මම කියවමින් හිටිය පොතට යොමු වෙලා තිබුණ මගේ අවධානෙ ලගින් ඇහුන හුරුපුරුදු වගේ කටහඬකට යොමු වුනා.
මම ඔළුව උස්සල බලද්දී එතන හිටියේ ජන්කුක්..මම හිතුව වගේම......
.
3ʳᵈ Person POV
"ටේහ්‍යුන්.."
"ජන්කුක් ඔයා..අදත් හම්බුනා එහෙනම්."
"මම ඒත් බැලුව මේ චෙරි බ්ලෝසම් ගහ යට ඉන්න ඒන්ජල් කව්ද කියල. "
ජන්කුක් කිව්වෙ ටේහ්‍යුන්ගෙ එහා පැත්තෙන් වාඩි වෙන අතරේ.
ඒ කියපු කතාවට නම් ටේහ්‍යුන් රෝස මලක් වගේ රතු වුනා."ඉතින් කොහොමද ටේහ්‍යුන්..මොකද කරන්නෙ මෙතන."
"එක්සෑම් ලගයි නේ..මෙතනට ආව පාඩම් කරන්න..මෙතන හරිම නිදහස්.ඒ වගේම සැහැල්ලුයි.."
ටේ එයාගේ බොක්සි හිනාව දාල වටපිට බලන ගමන් කිව්වෙ දිලිසෙන ඇස් වලින්. ඒකෙන් ජන්කුක්ට තේරුම් ගන්න පුළුවන් වුනා ටේහ්‍යුන් පරිසරයට කොච්චර ලැදි ද කියල.
"ඉතින් ඔයා ගැන කොහොමද ජන්කුක්..තනියම ද ආවෙ.."
"ඔව්..තනියම..මම අදත් ආවෙ ප්‍රොජෙක්ට් එකේ වැඩේට. ඒක ඉවර වෙන්න නම් තව මාස කීපයක්ම යයි.."
"එතනින් පස්සේ අපිට එතකොට මුණ ගැහෙන්න බැරි වෙයිද ජන්කුක්."
"ම්..සමහරවිට..ඒත් ඉන්ටර්න්ෂිප් වලදි ඔයාව ආපහු මට මුණ ගැහෙයි. "
"මමත් එහෙම හිතනවා ජන්කුක්."
දෙන්නම හරියට දැනන් හිටියෙ නැති වුනාට ආපහු හම්බවෙන්න වෙන එකක් නැත්ද කියල දෙන්නටම පොඩි දුකක් තිබුණා.
"ඒක නෙවෙයි ඔයාට නික් නේම් එකක් වගේ නැද්ද ටේහ්‍යුන්.. සම්පූර්ණ නමම කතා කරනකොට දුරයි වගේ."
"දුරයි නම් ඉතින් ලං වෙන්න. "
ටේහ්‍යුන් ජන්කුක්ගේ ඇස් දිහාම බලන් කිව්වෙ ජන්කුක් පුදුමෙන් වගේ ටේ දිහා බලන් ඉදිද්දී.
"අයියෝ..මොකද අනේ බය වෙලා..මම කිව්වෙ යාලුවො ගැන.
Would you like to be my friend? .."ටේ ජන්කුක් දිහාට අත දික් කරගෙන ඇහුවා.
"Sure.Then.. we are friends now.."
YOU ARE READING
𝐎ℕ𝐂𝔼 𝐀𝔾𝐀𝕀𝐍 | 𝕋𝐀𝔼𝐊𝕆𝐎𝕂 √
Romance'Will I see you again?' - "දන්නවද ටේටේ, ඔයා කෙනෙක්ට ආදරේ කරද්දි, ඒ ආදරේ තවත් වැඩි වෙනවා එයාට තනියම කරගන්න පුළුවන් දේවල් වුනත් කරලා දෙනකොට.." - ජියොන් ජන්ග්කුක් - "ඔයාට ආපහු ඈතට දුවන්න ඕන නම්, මාවත් එක්කගෙනම යන්න ජන්කූ...