✿ 09 ✿

1.1K 259 23
                                    

"ලුතිනන් යූ.. "

මම දොර ලග පඩිපෙළ බහින අතරෙම මගේ ඉස්සරහට ආව ලුතිනන් යූට කතා කලේ ආචාර කරන ගමන්. මම ඒ අතරෙ ජීප් එක දිහා බැලුවෙ මම ජන්කුක්ගෙ පැමිණීමත් බලාපොරොත්තු වුන නිසා.

ඔහුත් ආපසු මට ආචාර කළේ වෙනදට වඩා වෙනස් මුහුණකින්. වෙනදට හැම තිස්සෙම හිනා වෙලා ඉන්න ඔහුගේ ඒ හිනාව අතුරුදන් වෙලා තිබුණා.

"ලුතිනන් යූ.. මම හිතුවෙ ජන්කුක් එන්න ඇති කියල.. එයා ආවෙ නැද්ද.."

"මට සමාවෙන්න. "

"සමාවෙන්න..කිය..න්නෙ..මොකටද.."

මගේ හිත දැඩි බියකින් වෙලා ගනිද්දී උනත් හිතට ධෛර්යය අරන් මම ඇහුවා.

"අපේ මෙහෙයුම අතරතුර දි අන්තිම බිල්ඩින් එක රිසර්ච් කරන්න ගිය හමුදා කණ්ඩායම ඇතුලෙ සිදුවුන හදිසි පිපිරීමකින් මිය ගියා...... ඩොක්ටර් ජන්කුක් ඇතුළුව.

"මො..ම්..මො.කක්ද.."

"සමාවෙන්න. ඒත් ඩොක්ටර් ජන්කුක් දැන් ජීවතුන් අතර නැහැ. කනගාටුයි. "

"මොනවද කියන්නෙ..ම.මට..ඒ..ඒක.."

"ටේහ්‍යුන්..ජන්කුක් අපිව දාල යන්නම ගිහින්.."

"අ..අනී.නෑ..නෑ..!.ඒක ..ඒක..වෙන්න බෑ...එයා..එයාට මැරෙන්න බෑ.. එයාට බෑ මාව තනිකරල යන්න..නෑ..මේ..මේක.. වැරදීමක්..ඔව්...ව්..වැරදීමක්...හරියට වාර්තා කරනව
ලුතිනන් යූ..!..මේක වැරදීමක් නේද..කියනව..!.."

මම එයාගේ නිල ඇඳුමේ කරෙන් අල්ලලා කෑගැහුවෙ ඇස් වලින් එකපිට එක කදුළු වැටෙද්දී. ලුතිනන් යූ වුනත් කිසිම දෙයක් නොකර බලාගෙන හිටියෙ මගේ තත්වෙ තේරුම් ගන්න පුළුවන් වුන නිසා වෙන්නැති. ඒත් ඒ ඇස් අග නලියන කදුළු කැට බිමට නොවැටෙන්න වගබලාගන්න එයා පරිස්සම් වුනා.

"මටත් ගොඩක් කනගාටුයි ටේහ්‍යුන්..ඒත්..ඒක තමයි ඇත්ත..ජන්කුක් අපිව දාල ගිහින් ඉවරයි.."

මම අඩියක් පිටිපස්සට යැවුනෙ එච්චර බර දෙයක් මගේ හදවතට එකසැරේ දරාගන්න බැරි වුන නිසා. මම වැටෙන්න යනව කියල හිතල ලුතිනන් යූ මාව අල්ලගන්න හැදුවත් මම අතින් සන් කළේ එපා කියල. ඒ වෙලාවෙ කාගෙවත් සරණක් මම බලාපොරොත්තු වුනේ නෑ. මට ඕන වුන එකම දේ මගේ ජන්කුක් විතරමයි.එයාගේ ආදරණීය උණුහුම.

𝐎ℕ𝐂𝔼 𝐀𝔾𝐀𝕀𝐍  | 𝕋𝐀𝔼𝐊𝕆𝐎𝕂  √ Where stories live. Discover now