මාස කීපයක් ගෙවිලා ගියා, එදා ටේහ්‍යුන් ජන්කුක් එකිනෙකාට ආදරය ප්‍රකාශ කර ගත්තු දවසේ ඉදන්. ඒ දෙන්නම දැන් ඉන්ටර්න්ෂිප් ඉවර කරල නවක වෛද්‍යවරු විදිහට වැඩ කරන්න පටන් අරන් තිබුනෙ. ඒ වගේම ටේහ්‍යුන් ජන්කුක් දෙන්න මේ වෙනකොට එන්ගේජ් වෙලයි හිටියෙ. තාම ඩොක්ටර්ස්ල විදියට වැඩ කරන මුල්ම කාලෙ නිසා ජන්කුක් වගේම ටේහ්‍යුනුත් කැමති වුනේ තව ටිකක් පහු වෙලා එයාලගේ වෙඩින් එක ගන්න.
එයාල දෙන්නම තවම හිටියෙ ටේහ්‍යුන්ගෙ ගෙදර. මේ අතරෙ දවසක් ජන්කුක් උදේ හොස්පිට්ල් එකට යද්දී එයාට ඇහුනා ලවර්ස්ල දෙන්නෙක්ගෙ කතාවක්. උවමනාවෙන් ඇහුම්කන් නොදුන්නත් ජන්කුක්ට ඇහුනා ඒ දෙන්නා රණ්ඩු වෙනව.
හේතුව විදිහට ඒ ගර්ල් ,එයාගේ බෝයිට කිව්වෙ එයාව ඩේට්ස් වලට එක්කන් නොයන එක.එතකොට යි ජන්කුක්ටත් මතක් වුනේ එයා ටේ එක්ක ගොඩක්
කාලෙකින් ඩේට් එකකට ගිහින් නෑ කියල. එයාල ඩොක්ටර්ස්ල විදියට වැඩ කරන්න පටන් ගත්තම ටේහ්‍යුන්ට වගේම ජන්කුක්ටත් එයාලගේ පෞද්ගලික දේවල් වෙනුවෙන් වෙන් කරන්න කාලය අඩු වුනා. ඉතින් ජන්කුක් හිතුවෙ වෙනසකටත් එක්ක ටේව ඩේට් එකකට එක්කගෙන යන්න.ටේහ්‍යුන් ගොඩක් ආසයි අයිස් ස්කේටින් වලට. ඒ නිසා ජන්කුක් ටේව අයිස් ස්කේටින් රින්ක් එකකට එක්කන් යන්න හිතුවා.
අනික හිම වැටෙන දවස්වල සීතලේ අයිස් ස්කේටින් කරන්න ටේ හුගක් කැමති වෙයි කියල හිතුව ජන්කුක් එතන එයාටයි ටේහ්‍යුන්ට යි රිසර්ව් කරල ටේහ්‍යුන්ට කෝල් කළා."කුකී...ඇයි හදිස්සියක් ද මේ වෙලාවෙ..
"ඇයි හදිස්සියක් නම් විතරද මගේ ෆියොන්සෙට කතා කරන්න පුළුවන්.."
"අයියෝ එහෙම නෙවෙයි කූ...වෙනදට මේ වෙලාවට ඔයා ගොඩක් වැඩ නිසා ගන්නෙ නෑනේ."
"හරි ඉතින්, ඒක නෙවෙයි ටේ..ඔයාට අද හවස ෆ්‍රී ද? "
"අද...ම්ම්...අද හවස නම් එහෙම විශේෂ වැඩක් මට නෑ කූ... මගේ ෂිෆ්ට් එක අදට තව ටිකකින් ඉවරයි. "
"ග්‍රේට්.. මම අපි දෙන්නට යන්න ඩේට් එකක් ප්ලෑන් කලා. "
"ඩේට්?"
YOU ARE READING
𝐎ℕ𝐂𝔼 𝐀𝔾𝐀𝕀𝐍 | 𝕋𝐀𝔼𝐊𝕆𝐎𝕂 √
Romance'Will I see you again?' - "දන්නවද ටේටේ, ඔයා කෙනෙක්ට ආදරේ කරද්දි, ඒ ආදරේ තවත් වැඩි වෙනවා එයාට තනියම කරගන්න පුළුවන් දේවල් වුනත් කරලා දෙනකොට.." - ජියොන් ජන්ග්කුක් - "ඔයාට ආපහු ඈතට දුවන්න ඕන නම්, මාවත් එක්කගෙනම යන්න ජන්කූ...