හරියටම අද මගෙයි ජන්කුක්ගෙයි තුන්වෙනි වෙඩින් ඇනිවසරි එක. අපි දෙන්නට අවුරුදු දෙකක වගේ කාලයක් තමයි විවාහ වෙලා එකට ගත කරන්න ලැබුනෙ. අඩුම තරමේ ජන්කුක් බලාපොරොත්තුවෙන් හිටිය දේවත්...ඒ සතුටවත් මට දෙන්න ලැබුනෙ නෑ...ඔව්..එයාගෙම දරුවෙක්...එතනින් පස්සෙ ජන්කුක් මාව සදහටම දාල යන්න ගියා.
මේ ඇනිවසරි එකත් මම විතරක්...මේ මම තනියම ගෙවන දෙවෙනි ඇනිවසරි එක..
මෝටර් බෝට් එකකින් Zakynthos Islands වල navigo beach එකට ආවෙ මම හැන්දෑවෙ පහටත් ලං වෙද්දී. මොකද රෑ වෙන්න වෙන්න තමයි මෙතන ගොඩක්ම ලස්සන.
"හ්ම්ම්ම්..ආයෙමත් ආවා එහෙනම්.......තනියම..."
දිග සුසුමක් හෙලපු මම මෝටර් බෝට් එකෙන් බැහල ඒ පරණ නැව දිහාට ඇවිදන් ගියේ කෝට් එකේ සාක්කුවට අත් දෙකත් දාගෙන. ටර්ටල් නෙක් ස්වේටර් එක බෙල්ල ලගින් තව ටිකක් උඩට කර ගත්තෙ හැන්දෑවේ මුහුදු හුලග සීතල වුන නිසා.
මම කියවපු වෙබ් ආර්ටිකල් එකක තිබුනු විදියට මේ නැවේ නම 'MV Panayiotis (Piraeus හි අංක 4512) නැව. අයහපත් දේශගුණ තත්ව වගේම නැවේ යාන්ත්‍රික දෝෂ නිසා මේ වෙරළ තීරයෙන් නෞකාවෙ ගමන අවසන් කරල තියෙනව. නැවේ කැප්ටන්ගෙ වාර්තාවට අනුව ඔහුගෙ මේ නැවේ බොහොමයක් කොටස් සොරකමට ලක් වෙලා තියෙනව. ඒ ගැන බලධාරීන්ට වාර්තා කලාට පස්සේ ඒ නැති උන භාණ්ඩ තොගය මත අවට ගම්මාන වලින් හොයාගෙන තියෙනව. කැප්ටන් චෝදනා වලින් නිදහස් වුනාට පස්සේ ඔහුට මේ යාත්‍රාව ඉවත් කරන්න පැවසුවත් මෙතනට ආවට පස්සේ මලකඩ කාපු නැව් මළකඳේ අලංකාරය නිසා මේ නැව මෙතනම තියෙන්න දීල.
⬆ The shipwreck ⬆
මට ඒත් එක්කම මතක් උනේ ටයිටැනික් නැවේ කතාව. ඒත් එක්කම ජැක් රෝස් ආදර කතාව. ජැක් මැරුනට පස්සේ රෝස් විවාහ වුනා කියනවනේ. ඒත් මට කවදාවත් රෝස් වගේ වෙන්න බැරි වෙයි. මට බෑ ජන්කුක්ගෙන් තොර වෙන කෙනෙක් ගැන හිතන්න.
YOU ARE READING
𝐎ℕ𝐂𝔼 𝐀𝔾𝐀𝕀𝐍 | 𝕋𝐀𝔼𝐊𝕆𝐎𝕂 √
Romance'Will I see you again?' - "දන්නවද ටේටේ, ඔයා කෙනෙක්ට ආදරේ කරද්දි, ඒ ආදරේ තවත් වැඩි වෙනවා එයාට තනියම කරගන්න පුළුවන් දේවල් වුනත් කරලා දෙනකොට.." - ජියොන් ජන්ග්කුක් - "ඔයාට ආපහු ඈතට දුවන්න ඕන නම්, මාවත් එක්කගෙනම යන්න ජන්කූ...