"යකෝ උඹට මන් ඉන්නවා. ඕන ප්රශ්නයක් මට කියපන්. මඟුලක් කතා කරන්නේ නැතුව. අපි ආයි කියලා බලමු major එක මාරු කරන්න ඕනේ කියලා. බැරිනම් තමන් කරන දේ කැමැත්තෙන් කරන්නයි ඕනේ නැතුව ජීවිතේ එපා වෙලා කියලා බයිලා ගහන එක නෙවෙයි."
ඒ මගේ ඒ කාලේ ඉඳන් අද වෙනකම් යාළුවා ජිමින්. ඌ මට ආදරෙයි නම් තමයි, හැබැයි මගේ තත්ත්වය ඌට තේරුනේ නෑ. ප්රශ්නය තමාගේ නොවන තාක්කල් පිළිතුර දාර්ශනිකයි කියනවනේ.
ජිමින් කළේ music. එයාට එයාගේ හ්යුන්ග් හිටියා ගෙදර. දෙන්නම එක කොලේජ් එකට යන නිසා දෙන්නාටම එකට ඉන්න පොඩි ගෙයක් තිබ්බේ. එයා හිටියේ සතුටින්. පාළුවක් නෑ. තනිකමක් නෑ.
ඒත් මට?
මට තිබ්බේ මහා විශාල මන්දිරයක්. ජිමින් එයාගෙ හ්යුන්ග් ජින් එක්ක මගේ පාළු ගෙදරට නිතර ආවත් එයාලා නැති වුනාම මට ආයි ඒ මූසල හැඟීම. පාළුව. තනිකම.බය. දැනෙන්න ගත්තා. එයාලාට මාත් එක්ක නවතින්න එන්න කියලා මන් එයාලට කිව්වත් ජින් හ්යුන්ග් කියන්නේ ආඩම්බරකාර උඩඟු මනුස්සයෙක් නිසා එයා කැමති වුනේ නෑ මගේ ගෙදර ඉන්න.
ගෙදර අයට කෝල් එකක් දීලා ටික වෙලාවක් කතා කර කර ඉන්න මම එහේ ගිය මුල් කාලේ පුරුදු වෙලා හිටියත් ටික කාලයක් යනවත් එක්කම ඒකත් සතියකට සැරයක් එන කෝල් එකක් නැත්තම් හරිම කෙටි මැසේජ් එකක් බවට පත් වුණා.
එයාලා එයාලගේ ලෝකවල කාර්යබහුල වෙද්දි මන් මගේ ලෝකේ තනි වුනා. මට එයාලව ඕනේ. මට මගේ පවුලේ අය එක්ක ඉන්න ඕනේ. කොලේජ් නවත්තලා දාලා ගෙදර යන්න හිතුනු වාර අනන්තයි. ඒත් එහෙම කළොත් ආයි හැරෙන්න බැරි බව මන් දැනන් හිටියා.
ඒ වගේ වැඩක් මට කරන්න බෑ.
"එන්න එන්න දැන් ඔය කල්පනා කළා ඇති. අද අපි මූවි එකක් එහෙම බලල ගෙදර යමු. හ්යුන්ග් කිව්වා කැෆේ එක පැත්තට එන්න කියල ලෙක්චර්ස් ඉවර වෙලා."
මම කොහොමත් කොලේජ් ගිය කාලේ ඉඳන් නිශ්ශබ්ද කෙනෙක්. ඒ නිසා ජිමින් එයා කියන හැමදේටම මගෙන් උත්තර බලාපොරොත්තු වුනේ නෑ. කොටින්ම කිව්වොත් එයා දැනන් හිටියේ නෑ මම කොච්චර විනෝදෙන් හිටිය කෙනෙක්ද කියලා.
ජින් හ්යුන්ග් ව දැක්කම මට හැමදාම ඇති වුනේ අමුතු බයක්. එයාටත් වඩා එයාගේ අතිජාත මිත්රයා යුන්ගී හරිම අමුතු පාටයි.
"ආහ් කොල්ලෝ දෙන්නා..මූ අද තවත් භූත පාටයි බන්. මේ බලහන්කෝ පරවුනු සෝස මලක් වගේ."
මන් කැමති නෑ මාව විහිළුවකට ගන්නවට.
එයාලා හැමදාම මේ කරපු වැඩෙන් වුනේ මට තවත් ජීවිතේ එපා වුනු එක.
"ජන්කුකා උඹට ඔය එපා වෙලා තියෙන ගතියට බෙහෙත් මන් ළඟ තියෙනවා. ඕනෙද?"
යුන්ගි හ්යුන්ග් ගාව තියෙන බෙහෙත මොකක් වුනත් ඒකෙන් මට නිදහසක් දැනෙනවානම් මට ඒක ඕනේ වුනා.
ඒත් මොනාද ඒ බෙහෙත්?
"ඔය පොඩි එකාට ඉන්න දීපන්."
ජින් හ්යුන්ග් මාව එයාගේ පිටිපස්සට කරගෙන යුන්ගි හ්යුන්ග් ට තරවටු කළා.
ඒක ගැන මට පොඩි සතුටක් ඇති වුනා.එයා වැඩිය ආදරේ නොපෙන්නුවට මට ආදරෙයි.
ඒත්
ඇයි මේ යුන්ගි හ්යුන්ග් මට උදව් කරන්න යද්දි එයා මැද්දට පැන්නේ?
YOU ARE READING
𝑻𝒉𝒆 𝑫𝒂𝒓𝒌 𝑾𝒆𝒃 ✔
Fantasy"ප්ස්ස්..ප්ස්ස්..." "ක..කවුද? ප්ස්ස් ප්ස්ස්ස් ගාන්නේ?" "Open your eyes Mr. Darkdevil." "ආආඅහ්? තමුන් කවුද? මොනාද..." "ශ්! ශ්!! අපි හෙමීට කතා කරමුකෝ. හැමදේටම කලින් අන්යොන්හසෙයෝ I'm Ami. I'm here to help you...I mean I'm here to be your friend." "ආආආ...