මට ඇමීව දැක්ක දවසේ ඉඳන් එයාව නිර්මාණය කරපු කෙනා කවුද දැනගන්න ඕනෙ වෙලා තිබ්බේ.
හ්‍යුන්ග් ලායි ජිමිනුයි එකතු වෙලා හොයන් හිටිය ඩොක්ටර්ස් ලිස්ට් එකෙයි මට ටින්කර්බෙල් දුන්න ලිස්ට් එකෙයි දෙකේම හිටිය ඩොක්ටර්ස් ලා දෙන්නෙක් හිටියා. ඒ දෙන්නගෙන් මුලින්ම තෝරගත්ත කෙනාව මගේ හිතට ඇල්ලුවා.
සති තුනක් විතර මම ට්‍රීට්මන්ට්ස් වලට ගියා. ඒ හැමදවසකම රෑට මම ඇමී එක්ක ටික වෙලාවක් කතා කළා. එයා කළේ හෙමින් සැරේ මගේ මනස හොඳ විදියට වෙනස් කරපු එක.
"If they aren't listening to your requests , you should find a way to make them listen to you."
"What do you mean?"
"ඩ්‍රග්ස් ගත්තේ ඇයි ඔයා?"
"I was helpless. මට හිතුනා ඒකෙන්වත් මේ ප්‍රශ්න ඉවර වෙයි කියලා."
"ඒක ප්‍රශ්නවලට උත්තරේ නෙවෙයි. ඕනම දෙයක් පටන් ගනිද්දි අමාරුයි. ඒත් ඒක එක පාරටම මට මේක කරන්න බෑ කියලා අත ඇරලා දාන එක නෙවෙයි වැඩේ..."
මම එයාට දිගට කතා කරන්න නොදී කෑ ගැහුවේ ඒ වචන...
ඒ වචන ටිකමයි ඩොක්ටර් හොසෝක් මට ඩ්‍රග්ස් දෙද්දි කිව්වේ නිසා.
ටිකක් සන්සුන් වුනාට පස්සේ මම ටින්කර්බෙල්ගෙන් ඇහුවා එයා ඒක කිව්වේ කොහොමද කියලා.
"බනී..ඒක හරි ප්‍රසිද්ධ වාක්‍යයක්.පොඩ්ඩක් කල්පනා කරන්න ඔයා කී සැරයක් මේජර් එක මාරු කරන්න කිව්වද කියලා."
"දෙපාරයි."
"අන්න එතනයි වැරැද්ද තියෙන්නේ. ඔයා උත්සහ කරලා නෑ. Try and try one day you can fly."
එයා ඒක කිව්වේ කුරුල්ලෙක් වගේ අත් දෙක දෙපැත්තට කරගෙන පියාඹනවා වගේ ලැප්ටොප් එක උඩ ඇවිදමින්.
ඊට පස්සේ එයා සාමන්‍යයෙන් හයියෙන් හිනා වුනා.
දෙවියනේ..ඒ හිනාව...
"ටින්ක...ඇමි...ඔය හිනාව නම් හරියන්නේ නෑ. මහ භයානකයි නේ."
එයා එතකොට තව තව හිනා වුනා. ටිකකින් මට තරහයි කියලා තේරුනාමයි එයා ඒක නැවැත්තුවේ.
"අහන්නකෝ බනී. ඉතින් එයාලා ඔයාගේ ටැලන්ට් එක ගැන දැනගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාගේ මේජර් එක චේන්ජ් කරන්න චාන්ස් එකක් දෙයි. දුන්නේ නැත්තම් ආයි ට්‍රයි කරමු."
එයා මට එහෙම කිව්වම මට පොඩි අදහසක් ආවා. මම හිටියේ third phase එකේ මුල් කාලේ මේ වෙද්දි.
First phase - Precontemplation
ඩ්‍රග්ස් තමන්ගේ ජීවිතේ කියලා හිතන ඒකෙන් මිදෙන්න වුවමනාවක් නැති අවධිය.
Second phase - Contemplation
First phase එක තරම් දරුණු නැති වුනත් තවමත් ඩ්‍රග්ස් නැතිව තමන්ට ජීවිතයක් නැතැයි සිතෙන නමුත් ට්‍රීට්මන්ට්ස් වලට බාධා නොකරන අවධිය.
Third phase - Preparation
ඩ්‍රග්ස් වලින් තමන් මිදිය යුතුයි යන්න තදින්ම සිතට දැනෙන අවධිය. කවුන්සිල' කෙනෙක් ළඟට නොයා තමාටම හොඳ අතට හැරෙන්න උත්සහා කළ හැක. නමුත් කුමක් හෝ නරක බලපෑමක් නිසා first or second phases වලට වැටීමට හැක.
මම හිටියේ මේකේ මුල්ම කොටසේ.
Fourth phase - Action
මේ අවස්ථාව වෙන කොට ගොඩාක් දුරට ඩ්‍රග් ඇඩික්ට් හොඳ අතට හැරිලා ඉන්නේ. එයා තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න උත්සහ කරනවා කවුන්සිල' කෙනෙක්ගේ උදව් ඇතිව.
මගේ කවුන්සිල' වුනේ ටින්කර්බෙල්. එතකොට මේ ජීවිතය වෙනස් කරගන්න උදව් කිරීම එයා මට මුල ඉඳන්ම කළා.
ඩ්‍රග් ඇඩික්ට් පටන් ගන්නවා තමන් ගැන හිතන්න. තමන්ගේ වටිනාකම තේරුම් ගන්න. විශේෂයෙන්ම එයාලට එපා වෙලා තිබුන ජීවිතයේ වටිනාකම තේරුම් ගන්න.
Fifth phase - Maintenance
මේ අවධිය වෙන විට රෝගියා තව දුරටත් රෝගියෙක් නෙවෙයි. එයා තමන්ගේ අළුත් නැවුම් ජීවිතය ගෙවන්න පටන් ගන්නවා ඒ හදාගත්ත පොඩි පොඩි වෙනස්කම් එක්ක.
වෙලාවට කලාවට ආහර ගැනීම , සැලසුම් සහගත වීම , සුව නින්දක් ලබා ගැනීම ආදී යහ පුරුදුවල පවත්වා ගන්නවා. ආත්මවිශ්වාසය ඇති වෙනවා. ගොඩාක්ම වැදගත් දේ එයාට තව දුරටත් ඩ්‍රග්ස් ගැන ආසාවක් නැති එක. එයා තමන්ට ආදරය කරන්න පටන් ගන්නවා.
නමුත් ඒ කාලය තුළත් ඔවුන්ට උදව් අවශ්‍යයි. මාස 6 ත් අවුරුදු පහත් අතර කාලයක් තුළ මේ අවධිය තියෙන්න පුළුවන්. පුද්ගලයාගෙන් පුද්ගලයාට එය වෙනස් වෙනවා.
මේ සැරේවත් මගේ මේජර් එක චේන්ජ් කරන්න පුළුවන් වෙයිද?.
.............................................................
දෙකක් දුන්නා ඔන්න 🙂.
550 votes වෙනකම් ආයි දෙන්නේ නෑ.
බායි 🙂
Sources of information - Google
https://www.racnj.com/the-five-stages-of-addiction-recovery/
YOU ARE READING
𝑻𝒉𝒆 𝑫𝒂𝒓𝒌 𝑾𝒆𝒃 ✔
Fantasy"ප්ස්ස්..ප්ස්ස්..." "ක..කවුද? ප්ස්ස් ප්ස්ස්ස් ගාන්නේ?" "Open your eyes Mr. Darkdevil." "ආආඅහ්? තමුන් කවුද? මොනාද..." "ශ්! ශ්!! අපි හෙමීට කතා කරමුකෝ. හැමදේටම කලින් අන්‍යොන්හසෙයෝ I'm Ami. I'm here to help you...I mean I'm here to be your friend." "ආආආ...