Epilogue

549 109 89
                                    


තනිකම. විවිධාකාර ප්‍රශ්න. මිනිස්සුන්ගේ දරුණු වචන. මානසික ආතතිය.

මේවාගේ දේවල්වලට පුළුවන් මනුස්සයෙක් ව මානසික ලෙඩෙක් කරන්න.

ජන්ග්කුක්ගේ ජීවිතේ විනාශ වෙන්න ගියා වගේ විනාශයක් වෙන්න.

ඒ නිසා තමන් අවට ඉන්න අය ගැන අවධානය දෙන්න. තමන් ආදරේ කරන මිනිස්සුන්ට තනිකමක් දැනෙන්න ඉඩ හරින්න එපා.

මේ හැමදේටම වඩා තමන් ගැන තමන් අවබෝධයක් ඇති කරගන්න අවශ්‍යයි. තමන්ගේ හැකියාවන් දක්ෂතාවන් පෙන්වන්න බය වෙන්න එපා.

තමන් තමන්වම අවතක්සේරු කරගැනීම නවත්වන්න. ඔබ ඔබ ගැන විශ්වාසය තබාගන්න.

Never give up on your dreams.

මනස දුර්වල ඕනෙම දේකට අහුවෙන කෙනෙක් නොවෙන්න ඔයා පොඩි කාලේ ඉඳන්ම මනස හදාගන්න. පුහුණු වෙන්න.

මානසික සෞඛ්‍යයට හානි වෙන හැමදේකින්ම ඈත් වෙන්න. හැම කෙනෙක්ගෙන්ම ඈත් වෙන්න.

ඔබ ඔබවම ගොඩ නගාගන්න.

වැඩිහිටියෝ පෙන්නවන හරි පාරේ ගමන් කිරීමත් ගමන අතරතුර බාධකවලට මුහුණ දීමත් ගමනාන්තය තෙක් කැපවීමෙන් ගමන් කිරීමත් ඔබ සතු වගකීමකි. එය කිසිවෙක්ට කළ නොහැක.

අද ඔබගේ මහන්සියේ ප්‍රථිඵලයන් වලට හෙට අනාගතයේ ඔබ ඔබටම ස්තූති කරගනීවි.


කතාව ගැන කියන්න දෙයක් නෑ.

අපහැදිලි තැන් තියෙනවා නම් අහන්න.

හැමදේටම වඩා මට ඕනේ පොත ගැන ඔයාලගේ අදහස.

ටේහ්‍යුන්ග් ඇමීව හැදුව කෙනා වෙයි කියලා හිතුවද?

කතාව මෝඩයිද?

මෝඩ ඇති. මොකද මම හරි බොළඳ විදියේ කතා ලියන්නේ. (අවතක්සේරු කරගැනීමක් නොව සත්‍ය පැවසීමකි🙂.)

තව දෙයක් මම මේ උදව්ව කවදාවත් ඉල්ලලා නැහැ මට මතක හැටියට.

ඔයා මේ කතාවට කැමති නම් මේ කතාව අනිත් කෙනෙක්ටත් කියවන්න ශෙයා කරන්න. ❤

ඒක පොඩි ඉල්ලීමක් විතරයි. කරන්නම ඕනි නෑ. 🙃

බොහොම ස්තුතියි අවසානය තෙක් කියෙව්වට. ❤

~නෝරා❤

𝑻𝒉𝒆 𝑫𝒂𝒓𝒌 𝑾𝒆𝒃 ✔Where stories live. Discover now