16.

392 114 19
                                    


මම ඉතින් ආයි අර බට්න් එක ක්ලික් කළා අතුරුදහන් වුන කෙනාව ගෙන්න ගන්න.

"හෝලි මෝලි මොකක්ද ඒ වුනේ?"

එයා ස්ක්‍රීන් එකෙන් එළියට පනින ගමන් මගෙන් ඇහුවා.

"මන් දන්නේ කොහොමද?"

එයා ඒකට උත්තරයක් නොදී ආයි කැරකෙන්න ගත්තා කලින් වගේම.

ආහ්..අර පාට අකුරු ටික එයා අතුරුදන් වුනත් එක්ක නැති වුනා නේ.

"ඕකේ බනී...let's get back to the topic.."

"හ්ම්."

"ඩ්‍රග් ඇඩික්ට් රිකවරි ප්‍රෝගෑම් එකේ අදියර පහයි..."

ඔව්. එයා තමයි මට ඒක ගැන කියලා දුන්නේ.

"මේ..ඔක්කොටම කලින් ඔයාගේ ලැප්ටොප් එක වෝල් එක ළඟට ළං කරන්නකෝ. මට අඩි පහකට වඩා දුරට යන්න බෑ. වෝල් එක දුර වැඩියි."

"හරි තෑන්ක්ස්..මෙන්න මේ තියෙන්නේ ඒ ස්ටෙප්ස්.

1 - Precontemplation
2-  Contemplation
3-  Preparation
4-  Action
5-  Maintenance

Now i'll explain you what these terms means."

"ඉක්මනට කියනවා ඕක...මට මෙහෙම ඉන්න බෑ..."

"ජන්ග්කුකාහ්හ්...එළියට එන්න කෑම කමු."

ජින් හ්‍යුන්ග් කතා කළා.

"එන්නම් හ්‍යුන්ග්...ඉක්මනට කියනවා!!!"

"එහෙම බෑ. මේක මන් පැහැදිලි කරන්න ඕනේ. ඔයාට හදිස්සියක් නම් පස්සේ කතා කරමු. "

"දැන් ඇහුනේ නැද්ද මට කන්න එන්න කිව්වා?"

"මට අඩි පහක් ඇතුළත සද්ද විතරයි ඇහෙන්නේ. ලිසන් ජන්ග්කුක් මට පේනවා ඔයා දැනට ට්‍රීට්මන්ට්ස් යම්තාක් දුරට අරන් බව. ඒ නිසා මන් මේ ප්‍රශ්නේ අහන්නම්..ඔයාට තාමත් අර කලින් ගත්ත බෙහෙත් ඕනෙද?"

මම ටික වෙලාවක් කල්පනා කළා. ඊට ටික දවසකට කලින් ඔය ප්‍රශ්නෙට උත්තරේ මන් දෙපාරක් නොහිතා ඔව් කියලා දෙනවා.

ඒත් එදා මන් කල්පනා කරලා කරලා අන්තිමේදි ,

"ඔව්..මට..ඕනේ."

"හ්ම්ම්...විනාඩි දෙකයි. ඔයා විනාඩි දෙකක් දෙන්න ඕන උත්තරේ ගැන හිතුවා කියන්නේ ඔයා first phase එක පහු කරලා. එහෙනම් දැන් අපිට තියෙන්නේ second phase එකේ වැඩ."

"මොනාද ඔය කියවන්නේ?"

"දැන් මන් කියන දේ අහන් ඉන්න වෙලා තියෙනවද බනී?"

"ඔව්..ඉක්මනට කියන්න."

"ඉක්මනට කියන්න වෙන්නේ නෑ බනී. ඔයා මට විනාඩි තිහක් දෙන්න. මම මේ වෝල් එකේ තියෙන හැමදේම explain කරන්නම්.අද තමයි ඔයාට මන් කියන දේවල් ගොඩාක් වෙලා අහන් ඉන්න වෙන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් මාත් එක්ක කතා කරන්න. මන් අහන් ඉන්නම්."

"මාව මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ. ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයිද?"

"පුළුවන්. මාව හදලා තියෙන්නෙ ඔයාව තේරුම් ගන්න."

ඒ වචන ටිකත් වටිනවා.

ඊට පස්සේ එයා මට හරියටම විනාඩි තිහක් අරගෙන හැමදේම explain කළා.

"හරි ඉවරයි."

එයාට හිනා වෙන්න පුළුවන්!?
ඔව් එයා හිනා වුනා. වාව් ටින්කර්බෙල්ව හදපු කෙනා..එයා නියම මනුස්සයෙක්.

"ඔයාව හැදුව කෙනා ගැන කවුද කියන්න පුළුවන්ද?."

"මාව එයා ගැන කතා කරන්න ප්‍රෝග්‍රැම් කරලා නෑ. ඒ ෆීචස් ඇඩ් වෙන්න ඕන කියලා හිතෙනවනම් ඔයාගේ suggestions add කරන්න අර blue button එක click කරලා."

"හ්ම්."

"එහෙනම් බනී...අපි ඔයා කැමති දවසක මේ වැඩේ පටන් ගමු."

"හෝව් පොඩ්ඩක් ඉන්න..."

"ඔව්?"

"මොකක්ද ඔයාගේ නම කිව්වේ?"

"I'm Ami. I am your friend from today."

"ඕහ් okay. ආහ් පොඩ්ඩක් ඉන්න."

"කියන්න බනී."

"ඇයි ඔයා මට බනී කියන්නේ?"

"I don't know. ඒක මගේ ප්‍රෝග්‍රැම් එකේ තියෙන්නේ."

"වට්?"

"බායි බනී."

මට මොනවත් කියන්නවත් දෙන්නෙ නැතුව එයා ගියා.

බනී...එතකොට ඒක ටින්කර්බෙල් ව හැදුව කෙනා මට දුන්න නමක්ද?

............................................................

මන් තරහයි ඔයාලා එක්ක. ඒ නිසා දෙන්නේ නෑ ඊළඟ චැප්ටර් එක.🙂

𝑻𝒉𝒆 𝑫𝒂𝒓𝒌 𝑾𝒆𝒃 ✔Where stories live. Discover now