21.

346 108 11
                                    

"මොකක්ද ඇමී? මන් අනිවාර්යයෙන්ම කරන්නම්."

"Did you know about 37 percent of college students in America are addicted to illicit drugs? ඒ ප්‍රශ්නෙට විසඳුමක් විදියට මේ රටේ programmes ගොඩාක් ක්‍රියාත්මක වෙනවා. අළුත් technology එකත් එක්ක ක්‍රියාත්මක වෙන 'Building self-confidence in an drug addict and guiding to the correct path' කියන එකයි මන් හරහා වෙන්නේ. මම නිකන් ගේම් එකක ඉන්න character එකක් වගේ. දෙන instructions වලටයි වැඩ කරන්නේ. මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ මාව හදපු කෙනා. මේ මම කියන හැම වචනයක්ම එයා programme එකේ ලියපු වචන. එයා තාම මේ ෆීල්ඩ් එකට අළුත්. එයා මාව හැදුවේ එයාගේ ප්‍රොජෙක්ට් එකකට. ඒත් අන්තිමේදි මාව රටේ ප්‍රසිද්ධ තැනක පාවිච්චියට ගත්තා. මන් කලින් කිව්වා වගේ මාව තාම ඔයා හරහා පරීක්ෂා කරන ගමනුයි එයාලා ඉන්නේ."

එයා එක දිගට මෙච්චරකල් ප්‍රශ්න වෙලා තිබ්බ හැමදේටම උත්තර දුන්නා.

"මට approval එක ලැබෙනවා කියන්නේ මාව හැදුව කෙනාගේ ජීවිතේ turning point එක. මමත් ඔයත් එයත් අතිශයින්ම සාර්ථකයි. ඒත් එක ටාස්ක් එකක් කරන්න වෙන්නේ පූර්ණ සුවය ලබපු කෙනා හරහා. ඒ කියන්නේ ඔයා හරහා."

කුතුහලය අවුස්සන්න මෙයාගේ අයිතිකාරයා හරි දක්ෂයි.

"කියන්න."

"ඔයාට වෙනවා සති තුනක් ඇතුළත ඔයාගේ කොලේජ් එකේ ඩ්‍රග් ඇඩික්ට්ස් ලා පුළුවන් උපරිම ප්‍රමාණයක් ඔයාව මේකට යොමු කරපු කෙනාව යවපු තැනට යවන්න. පුළුවන්ද ඒක කරන්න?"

"හ්ම්ම්..පුළුවන්."

මන් ඒ වෙද්දි මට බෑ කියන වචනේ මගේ ශබ්දකෝෂයෙන් කපා හැරලා ඉවරයි.

"බොහෝම ස්තූතියි බනී.ඒක කරලා ඉවර වුනාම මම ඔයාට එයා ගැන විස්තර කියන්නම්."

"ඕකේ ටින්කර්බෙල්. මට කියන්න පුළුවන්ද ඔයාට මගේ ඩිවයිස් එකට ඇක්සස් තියෙන්නෙ කොහොමද කියලා?"

"අන්න ඔතන ප්‍රශ්නේ නිසාමයි අපිට මෙච්චර මහන්සියක් දරන්න වෙලා තියෙන්නේ approval ගන්න. මාව connect වෙන system එකෙන් detect කරන්න පුළුවන් dark web එකට යන එන අය ගැනයි internet එකේ මත්ද්‍රව්‍ය ගැන හොයන අයවයි විතරයි. ඒ system එකෙන් ඒ කෙනා ගැන සම්පූර්ණ විස්තරයක් ගන්න පුළුවන්. ඒක කරන හැටි තේරෙන්නේ ඒ technology එක ගැන දැනුමක් තියෙන අයට විතරයි.හැබැයි මේක හැක් කරනවා හා සමාන දෙයක් නිසා ඒක නීතියෙන් අනුමත කරන්නේ නෑ. හැබැයි මම දියුණු තාක්ෂණයේ ප්‍රතිඵලයක් නිසා මට කෙනෙක්ව මේ ක්‍රමයට සුව කරන්න පුළුවන් නම් ඒකට approval දීම ගැන ඉහළ මට්ටමේ නිලධාරීන් කල්පනා කරන්නම් කිව්වා. මන් ඔයාගෙන් ඉල්ලුව උදව්ව වැඩි හොඳට ගත්ත ක්‍රියාමාර්ගයක්. ඒකෙන් ඔයාගේ උදව්වෙන් තව කීප දෙනෙක්ගේ හරි ජීවිත විනාශ වීම වැළකෙනවා."

"Ooh..."

ඊට වඩා කියන්න දෙයක් මට තිබ්බේ නෑ.

"ඔයාට උදව් කරයි මෙහෙ drug rehabilitation center එකේ කට්ටිය..එයාලා මේ ගැන දන්නවා. හරි නේද බනී?"

"ආහ්..එතකොට බනී කියන්නේ ඔයාගේ programme එකේ තියෙන දෙයක්. එතකොට එයා හැම කෙනෙක්ටම කියන්නේ බනී කියලද?"

"අනේ නෑ බනී. මේ බනී කියන එක ඔයාටමයි එයා හැදුවේ. මම මේ කියන්නේ එයාගේ වචන. එයා කිව්වා ඔයාගේ මූණ හාවෙක්ගේ වගේ කියන්න කියලා. ඔයාගේ ෆොටෝ එකත් එක්ක විස්තරය අපිට ලැබුනම එයාට මුලින්ම හිතුනු දේ ඔයා අහිංසක හා පැටියෙක් වගේ කියලා."

ඒ වෙද්දි නම් රතු වෙන්න අරගෙන තිබ්බේ මගේ මූණ. ඒත් ඇමීට ඒ වගේ දේවල් තේරුනේ නෑ. කොච්චර දියුණු වුනත් එයා මනුස්සයෙක් නෙවෙයි නේ.

"තව ප්‍රශ්නයක්."

"අහන්න බනී."

"ඔයාට language change කරන්න පුළුවන් AI එකක්ද? ඔයාට ඕනම language එකක් කතා කරන්න පුළුවන්ද? එහෙමත් නැත්තම්..."

"ඔව් බනී මට languages change කරන්න පුළුවන් වෙන විදියට හදන්නයි ඉන්නේ. තාම නම් මට පුළුවන් කොරියන්, English and Spanish විතරයි. ඒත් ඔයා අහන්න ගියේ මාව හැදුව කෙනා කොරියන් ද කියලා නම්. ඒකට උත්තරේ ඔව්. ඊට එහා උත්තරයක් දෙන්නේ නෑ එයා සම්බන්ධ ප්‍රශ්නවලට අර වැඩේ කරනකම්."

"හිහී හරී."

එහෙනම් එයා කොරියන් කෙනෙක්...


..........................................................

මහන්සියි 😓
ඔලුව කචල් වුනේ නෑ නේද?

කියන්නකෝ ඔයාලට හිතෙන්නේ කවුද මේක හදන්න ඇත්තේ?

𝑻𝒉𝒆 𝑫𝒂𝒓𝒌 𝑾𝒆𝒃 ✔Where stories live. Discover now