මට සති තුන ඇතුළත ජින් හ්යුන්ගෙයි ජිමින්ගෙයි උදව්වෙන් තව ඩ්රග් ඇඩික්ට්ස් ලා දොළොස් දෙනෙක් හොයාගන්න පුළුවන් වුනා.ඒ ගාන මදි වගේ දැනුනත් මට එච්චරයි කරන්න පුළුවන් වුනේ. ඒ සති තුන ඇතුළත ඇමී මාත් එක්ක කතා කරන්න ආවෙත් නෑ.
මම එයාලව drug rehabilitation center එකට බාර දෙන්න හ්යුන්ග් ලා එක්ක ගිය වෙලාවේ කෙනෙක්ව දැක්කා.
ඒ කෙනාගේ මූණ වෙනදා වගේ සුදුමැලි වෙලා තිබ්බේ නෑ. හැබැයි එයා හිටියේ ගැහි ගැහි.
ඒ යුන්ගි හ්යුන්ග්.
එයා ඇබ්බැහි වෙලා ගොඩාක් කාලයක් නිසා එයාව හොඳ කරන්න කල් යනවලු. ඩ්රග්ස් නැතිවලු ඒ ගැහුනේ. හැබැයි එයාගේ තත්ත්වය ඒ වෙද්දි හොඳ අතට හැරෙමින් තිබ්බේ.
මම එයාව දැක්කත් නොදැක්ක ගානට ඉන්න තීරණය කළා. මට ආයි අමිහිරි මතකයන් අවුස්සන්න ඕන වුනේ නෑ.
"අම්මෝ දැනෙන සතුට."
"ඔව් මටත් සතුටුයි. අපි එයාලව මෙහෙම අරන් ඇවිත් දැම්මට එයාලා තරහ වෙන එකක් නෑ කාලයක් යද්දි."
ජින් හ්යුන්ග් කිව්වේ මගේ පිටට දෙපාරක් තට්ටු කරලා.
එයා ඉගෙන ගත්තා ආදරේ පෙන්නන්න.
හැමෝම තමන්ගේ ජීවිතේ තිබුණු අඩුපාඩු හදාගන්න පටන් ගත්තා.
"ඉතින් මට එයා ගැන කියන්නකෝ ඇමී."
"හ්ම්ම්...එයා ආස නෑ වැඩිය තමන්වම වර්ණනා කරගන්න. කෙටියෙන් කිව්වොත් එයා කොරියන් ඉන්නේ ඇමරිකාවේ. වයස ඔයාට වඩා වැඩියි. ම්ම්.."
"එයා මොන වගේද?"
"එයා ඒක ගැන කියලා නෑ බනී."
"නම නම් ඉතින් කොහොමත් කියන්න බෑ නේ."
"ඔව් බනී."
"මට එයාව හම්බෙන්න ඕනේ. එයාට හුස්ම හිර වෙනකම් හග් කරන්න ඕනේ. එයාට ලොකූම ලොකු කිස් එකක් දෙන්න ඕනේ."
ඇමී කළේ හිනා වුනු එක. ඒත් මට ඇත්තටම ඒ දේ ඕනේ වුනා.
" Gomawo my bunny. ඔයාගේ උදව්වෙන් මේකේ approval එක අපිට ළඟදිම ලැබෙයි."
"ඕක මොකක්ද අනේ. ප්ලීස් මට එයාව හම්බෙන්න චාන්ස් එකක් දෙන්න."
" I'm sorry. අද ඉඳන් මටයි ඔයාටයි තිබුන වැඩ ඉවර වෙනවා. මම ඔයාගෙ ඩිවයිස් එකෙන් සදහටම යනවා. ඒත් මම කිව්ව දේවල් අමතක කරන්න එපා බනී..."
"නෑ නෑ..ඒයි ඇමී..ඇයි යන්නේ???"
මම කෑ ගැහුවා.
ඇයි මාව දාලා යන්නේ?
"ඒක තමයි විදිය. මම යන්නේ තවත් අසරණ වෙලා ඉන්න කෙනෙක්ට උදව් කරන්න. මට හැන්ඩ්ල් කරන්න පුළුවන් එක ඩිවයිස් එකක් විතරයි තාම. ඩිවයිසස් පහක්වත් හැන්ඩ්ල් කරන්න හදාගන්න මගේ අයිතිකාරයා උත්සහ කරනවා කිව්වා..."
"අනේ...ඇමී."
"Stay strong my bunny. Never forget my words."
"එක දවසක් මාත් එක්ක කතා කරලා යන්න පුළුවන්ද?"
"හරි එක දවසක්."
එයා ඒ දවස මාත් එක්කම හිටියා. ජිමින් පවා එයා යන එක ගැන දුක් වුනා.
මට එයාට ගුඩ්බායි කියන්න බෑ.
ඒත් මට ආත්මාර්ථකාමි වෙන්නත් බැරි වුනා.
"ඔයාව මට කවදහරි හම්බුනොත් මම එදාට ඔයාට ක්ලූ එකක් දෙන්නම්. එදාට මාව අඳුරගන්න පුළුවන් වුනොත් මාව හග් කරලා කිස් එකකුත් දෙන්න. හැබැයි ඔයා මට කැමති වෙයිද නම් දන්නේ නෑ. Goodbye bunny I'm your best friend forever, Ami."
මුල් ටික එයා programme එකේ ලියලා තිබ්බේ එයා කියන විදියට. ඒ කියන්නේ ඒක කිව්වේ ඇමී මට එයාගේ වචන කියවනවා වගේ නෙවෙයි.
ඇයි මන් එයාට අකමැති වෙන්නේ? පෙනුමෙ ලස්සන නෙවෙයි මට වැදගත් එයාගේ ලස්සන හදවතයි වැදගත්.❤
ඇමී ගිය වෙලාවේ මගේ ඇස්වලින් කඳුළු ගඟක් ගලනවා වගේ ගලන්න ගත්තේ මටත් නොදැනිම.
එයා මට ක්ලික් කරන්න කිව්ව ඒ නිල්පාට බට්න් එක මගේ ඩිවයිස් එකෙන් නැති වෙලා ගිහින්.
මගේ හිත ඒ වෙද්දි ශක්තිමත්. ඒ නිසා මම එයා ගිය දුකට අඬන එක නවත්තලා ජිමින් එක්ක ඔය වගේ technology සම්භන්ධව දේවල් ඉගෙන ගන්න අයව හොයන්න ගත්තා. ඒත් සාර්ථක ප්රතිඵල ලැබුනේ නෑ.
එයා මාව හොයාගෙන එයිද?
නැත්තම් එයා ඉන්නේ මම එයාව හොයාගන්නකම් ද?
මම එයාට ආදරේ වුනාට එයා මට ආදරේ නැත්තම්?
නෑ නෑ එහෙනම් මට එයාව හග් කරලා කිස් කරන්න කියන්නේ නෑ නේ.
YOU ARE READING
𝑻𝒉𝒆 𝑫𝒂𝒓𝒌 𝑾𝒆𝒃 ✔
Fantasy"ප්ස්ස්..ප්ස්ස්..." "ක..කවුද? ප්ස්ස් ප්ස්ස්ස් ගාන්නේ?" "Open your eyes Mr. Darkdevil." "ආආඅහ්? තමුන් කවුද? මොනාද..." "ශ්! ශ්!! අපි හෙමීට කතා කරමුකෝ. හැමදේටම කලින් අන්යොන්හසෙයෝ I'm Ami. I'm here to help you...I mean I'm here to be your friend." "ආආආ...