කොන්සර්ට් එක පැය එකහමාරක් තිබ්බා.ඒ කෙනාට එහා පැත්තෙන් මගේ හ්‍යුන්ග්ලායි ජිමිනායි වාඩි වුනා. එයා නම් මුළු වෙලාවෙම හිටියේ භාවනාවකට සම වැදිලා වගේ.
පුදුම ලස්සනක් නේ තියෙන්නේ...
කොන්සර්ට් එක ඉවර වුනු ගමන්ම හැමදේම ඉවර නෑ. ෆෑන්ස් ලා එනවා නේ ෆොටෝස් ගන්න එහෙම. ඒත් මට විනාඩි පහළොවක ඉන්ටවල් එකක් ලැබුනා.
"නියමෙට කළා කොල්ලෝ."
"සුපිරියි ආහ්."
මගේ සහෝදරයෝ ටික මාව වට කරගෙන වර්ණනා කරන්න ගත්තා.
"ජිමිනා..."
"ඕ.."
"මේ අර උඹේ එහා පැත්තේ වාඩි වෙලා හිටියේ කෙනෙක්. එයාව උඹට දැකලා පුරුදු නැද්ද?"
ජිමින් කල්පනා කරල කරලා නෑ කිව්වා.
"මට නිකන් ලාවට වගේ මතකයි නේ."
"ඉතින් ජන්ග්කුක් එයා ඔයාගේ ෆෑන් කෙනෙක් වෙන්නැති නිතරම කොන්සර්ට්ස් වලට එන."
ජින් හ්‍යුන්ග් මගේ හ්‍යුන්ග්ට ඇහැක් ගහන ගමන් කිව්වා.
"ඇයි ඇයි ඔයාලා ඇස් ගහගන්නේ ආආහ්? එයාව මම කොන්සර්ට්ස් වල දැකලම නෑ. ඒකනම් ශුවර්. VIP seats වල නම් දැකල නෑම නෑ."
අනිත් අයට ගානක් තිබ්බෙම නෑ ඒක ගැන.
මෙයාලා මොනාහරි හංගනවා වගේ...
"ඒයි..කියනවා මොකද උපාසක බළල්ලු වගේ ඉන්නේ? මොනාහරි දන්නවා නේද?"
එයාලට උත්තරයක් දෙන්න බැරි වුනේ මට ආයි ෆෑන්ස් ලා මීට් වෙන්න යන්න වුනු නිසා. හැමෝම ඇවිත් photos අරගෙන autographs අරගෙන ගියා. ඒත් එයා නෙවෙයි ආවේ. එයා හිටියේ මගේ ඔම්මලා එක්ක කතා කර කර.
කවදාවත් නැතුව මට ෆෑන්ස් ලා ඉක්මනට යනවනම් කියලත් හිතුනා. කොහොමහරි තවත් පැයක් ගත වෙද්දි මගේ ඒ වැඩෙත් ඉවර වුනා.
මම පුළුවන් ඉක්මනට ගියේ backstage හිටිය හොර පූසෝ තුන්දෙනා ළඟට.
"කියන්නකෝ කවුද ඒ? ඔයාලා දන්නවා නේ මගේ මතක drugs වල side effect එකක් නිසා අවුල් කියලා. අනේ කියන්නකෝ..."
YOU ARE READING
𝑻𝒉𝒆 𝑫𝒂𝒓𝒌 𝑾𝒆𝒃 ✔
Fantasy"ප්ස්ස්..ප්ස්ස්..." "ක..කවුද? ප්ස්ස් ප්ස්ස්ස් ගාන්නේ?" "Open your eyes Mr. Darkdevil." "ආආඅහ්? තමුන් කවුද? මොනාද..." "ශ්! ශ්!! අපි හෙමීට කතා කරමුකෝ. හැමදේටම කලින් අන්යොන්හසෙයෝ I'm Ami. I'm here to help you...I mean I'm here to be your friend." "ආආආ...