3.

594 153 16
                                    


"ඈහ්? උඹට මොකෝ වුනේ? කොල්ලා කැමතිද අහලා ඉමු. ඌ කැමති නම් අවුලක් නෑ නේ."

යුන්ගි හ්‍යුන්ග් ගේ හිනාවනම් හැබැයි මට ඇල්ලුවේ නෑ.

"මූ ඕවට පුරුදු වුනොත් ඒකෙ කරදරෙත් මට. දැනුත් මගේ මල්ලිට වඩා මූව හුරතල් කරන්න වෙලා තියෙන්නේ. බබා වගේ ඉන්න නිසා."

එයා එහෙම කිව්වට එයා නම් කවදාවත් මාව මගේ හ්‍යුන්ග් වගේ හුරතල් කරලා නෑ.

"හ්‍යුන්ග්...යුන්ගි හ්‍යුන්ග් මට..මොකක්ද කියන්නකෝ ඒ?"

"ආන්න දැක්කනේ කොල්ලාට බඩු ඕනේ. අහපන්කෝ කොල්ලෝ මුලින් මගේ කතාව. මගේ ඔම්මා මැරිලා අප්පා කියන එකා කොහෙද දන්නේ නෑ. හැබැයි උඹට පේනවද මන් දුකෙන් ඉන්නවා වගේ?"

"න..නෑ."

"ඒකනේ. ඒකට හේතුව ඒ බෙහෙ.."

දෙයියනේ!

ජින් හ්‍යුන්ග් යුන්ගි හ්‍යුන්ග්ට ගැහුවා.

"හ්‍යුන්ග් ඔය ඇති. යමු..යමූ..දැන් ඇති."

ජිමින් අමාරුවෙන් ජින් හ්‍යුන්ග්ව ඇදලා ගත්තේ.

"ජරාව කටේ තියලා තිබ්බොත් මන් උඹව හම ගහනවා දැනගනින්."

මොනාද ජරාව? මට තේරෙන්නෙ නෑ. යුන්ගි හ්‍යුන්ග් වගේ ප්‍රශ්න කොච්චර තිබ්බත් ගානකට ගන්නේ නැතුව ඉන්න ක්‍රමයක් තමයි මාත් හෙව්වේ. මට ඒ බෙහෙත ඕනේ.

"ඔව් ජන්ග්කුකා...ප්ලීස් ඔය යුන්ගි එක්ක කතාවට යන්න එපා."

ජිමින්, 'හ්‍යුන්ග්' කෑල්ලත් හලලම මට කිව්වා. ඒ දෙන්නම කියන්නේ මගේ හොඳටම වෙන්නැති නිසා මම ඒක අමතක කරන්න හිතුවේ.

බෑ මටත් නිදහසේ ඉන්න ඕනි.

ප්‍රශ්න අමතක කරන්න ඕනි.

මම ගෙදර අයගෙන් උත්තරයක් ඉල්ලුවාම එයාලා මන් හරහා එයාලගේ හීන සැබෑ කරගන්න හදන නිසා මට උදව් කළේ නෑ.

ජිමින්ට ජින් හ්‍යුන්ග්ට කාටවත් මාව තේරුම් ගන්න බෑ.

ඒත් යුන්ගි හ්‍යුන්ග් මට උදව් කරන්න ඉදිරිපත් වුනා.

මන් එයාට කතා කරනවා.

𝑻𝒉𝒆 𝑫𝒂𝒓𝒌 𝑾𝒆𝒃 ✔Where stories live. Discover now