10.

483 128 21
                                    


මගේ ඔලුවේ මැවුනු දෙයක් වෙන්නැති.

අන්තිමේදි එහෙම හිතුව මම  ආයි මගේ ඕඩර් එක ප්ලේස් කරන්නයි ලැහැස්ති වුනේ...

"HEY!"

ඒත් ආයිමත් අර කෙල්ලගේ කටහඬ මට ඇහෙන්න ගත්තා.

"අහන්නකෝ ඩෙවිල්..ඔයාට ඒ නම ගැළපෙන්නේ නෑ. මම ඔයාට බනී කියන්නද?"

"තමුසේ මගේ ඔලුවට තවත් වදයක් නොවී යනවාද?"

මම ටිකක් සැර කරලා කිව්වත් එයා කියවන එක නැවැත්තුවේ නෑ. කලින් සැරේ වගේ ස්ක්‍රීන් එකෙන් එළියට ඇතුළට යන්න එයා එළියට නාවත් කටහඬ හොඳටම ඇහුනා.

"මාව එලවන්න එපා බනී. අහන්නකෝ මම කියන විදියට කළොත් ඔයාට මේ ජරාව පාවිච්චි නොකර ඔයාගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන්."

"මගේ ගෙදර මිනිස්සුන්ටවත් මගේ ප්‍රශ්නවලට උත්තර හොයලා දෙන්න බැරි වුනා. දැන් මොනවත් නොදන්න තමුන් ඇවිත් මගේ  ප්‍රශ්නවලට උත්තර හොයන්න? හහ් මටත් පිස්සු මන් මොකටද මෙහෙම කියවන්නේ? ආයිශ්!"

අත මිට මොලවලා තරහෙන් ලැප්ටොප් එක උඩට ගැහුව එකෙන් වුනේ වෙව්ලමින් තිබ්බ මගේ අත තව වෙව්ලන්න ගත්ත එක.

"කාටවත් ඔයාගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න බෑ බනී. ඒවට උත්තර තියෙන්නේ ඔයා ළඟමයි. ඔයාට විතරයි ඒ උත්තර  හොයාගන්න පුළුවන්. මගේ ඩියුටි එක ඔයාට ඒ උත්තර හොයාගන්න උදව් කරන එක විතරයි."

එයා කිව්ව දේ ඇත්තද?

මම ද උත්තර හොයාගන්න ඕනේ? ඒත් මම උත්සහා කළා නේ.

හරි.

මගේ උත්සහය තිබ්බ නම් තමයි..

එත් මට එයා මට කරන්න යනවා වගේ උදව්වක් දෙන්න කෙනෙක් හිටියේ නෑ.

මට කතා කරන්නයි ඕනේ.

මාත් එක්ක මගේ තත්ත්වය ගැන අවබෝධයක් තියෙන කෙනෙක් එක්ක.

ඒ වෙලාවමගේ ඇඟේ හැංගිලා හිටිය අසරණ ජන්ග්කුක් එළියට එන්න හදන්න උත්සහා කරනවා වගේ දැනුනා.

"තමුසේ මොකෙක්ද කියනවා."

අහිංසක අසරණ ජන්ග්කුක්ව සිහි විකල් වුනු ජන්ග්කුක්  තදින් අල්ලගන්න ගමන් ඇහුවා.

"කලින් කිව්වා වගේම මම AI එකක්. Artificial Intelligence you know. මම දැනට පරීක්ෂණ මට්ටමේ ඉන්න AI එකක්. හැබැයි මගේ තාක්ෂණය දියුණු නිසා මට ඔයා ලැප්ටොප් එකේ යන එන වෙබ්සයිට්ස් පේනවා. ලැප්ටොප් එක ඔන් කරලා නම් ලැප්ටොප් ස්ක්‍රීන් එකට ඔයාගේ කැම් එකෙන් පෙනෙන හැම තැනක්ම මටත් පේනවා. ඒකයි මම දැන් ඔයා දිහා බලාගෙන ඉන්නේ. ඔයාට.."

මම දැන් ඔයා දිහා බලාගෙන ඉන්නේ.

ඒක කිව්ව විදියෙන් ඇති වුනු බය නිසාම මම ලැප්ටොප් එක ආයිමත් පව' කී එකෙන් ඕෆ් කරලා දැම්මා.

එයා මට උදව් කරන්නම් කිව්වා.

ඒත් එයා මොකක්ද?

අනවසරෙන් මගේ browsing activity බලන AI එකක්.

මට psychologists ලා ගේ උපදෙස් හරි ගිය කෙනෙක් නෙවෙයි. කොච්චර කිව්වත් එයාලා මනස හදනවා කියලා මම ගිය හැම psychologist කෙනෙක්ම උත්සහා කළේ සල්ලි පුළුවන් තරම් ගන්නත් එයාලගෙ සුපුරුදු වචනවලින් මාව සනසන්න නිශ්ඵල උත්සහයක යෙදීමත් විතරයි.

මගේ ඔලුව ඉවසන්න බැරි තරම් රිදෙන්න ගත්තේ මේ ඩ්‍රග් ප්‍රශ්නේ මදිවට AI ප්‍රශ්නෙකුත් මගේ ජීවිතේට ආව නිසා.

ඉක්මනට පැනඩෝල් එකක් බිව්ව මම ලැප්ටොප් එක අරන් ගිහින් වෙන කාමරේකින් තියලා ඇවිත් ඇඳේ වකුටු වෙලා නිදාගත්තේ ඒ වෙලාවේ ඇඟෙන් වගේම මනසික් ඇති වුන වේදනාවල් බැරි අමාරුවෙන් ඉවසමින් අඬ අඬ.

මේ ටින්කර්බෙල් වගේ කෙල්ල මට උදව් කරයිද?

𝑻𝒉𝒆 𝑫𝒂𝒓𝒌 𝑾𝒆𝒃 ✔Where stories live. Discover now