12.

440 127 12
                                    

"ජන්ග්කුක්...ජන්ග්කුක් කලබල කරන්න එපා."

" ඈත් වෙලා ඉඳපන්...මන් ළඟට එන්න එපා...ආඅර්‍ර්හ් මට බෙහෙත් දීපන්..මට බෙහෙත් විතරයි ඕනේ...අනේ හ්‍යුන්ග් මට..."

මාව ගැස්සිලා ඇහැරුනේ එක පාරටම අවුරුදු ගානක් පරණ ඒ සිද්ධිය මගේ කන්වලට ඇහෙන්න ගත්ත නිසා.

"ජන්ග්කුක්? බය වෙලාද ඉන්නේ?"

මම මේ කොහෙද...ආහ් මට නින්ද ගිහින් නේ.

"ඕහ් නෑ හ්‍යුන්ග් මට මේකප් කරන අස්සෙන් නින්ද ගිහින්. නරක හීනයක් දැක්කා."

"දෙයියනේ. මේ වෙලාවේ නරක හීන දකින්න එපා තව පැය බාගෙකින් පටන් ගන්නවා ශෝ එක. චුට්ටක් රිලැක්ස් වෙලා ඉන්න."

"ඕකේ හ්‍යුන්ග්."

එයා නරක හීන දකින්න එපා කිව්වාට මට ඇයි මේ ඒ මතක අවුස්සන්නම හිතෙන්නේ.

Author's pov.

"මොකද බන් ඔය අත් දෙකෙන්ම ඔලුව බදාගෙන?"

"ජිමිනාආආඅහ් මගේ මිත්‍රයා."

"මේ මොකත මේ."

"මම මේ ඉස්සර වුනු දේවල් මතක් කර කර හිටියේ. නින්ද ගිය ටිකට ඒවා පෙනුනා බන්."

"මොනාද!?"

"උඹට මතකද මම ජින් හ්‍යුන්ග්ට පිහියක් දික් කරන් කරපු ඩ්‍රාමා එක?"

"අයියෝ ඕවා වැඩක් නෑ දැන්. ඒ කාලේ මතක් කරන්නම ඕනේ නෑ."

"මට සාමන්‍යයෙන් ඔය දේවල් මතක් වෙනවා ලොකු වැඩක් ඉස්සරහා තියෙද්දි.  අම්මෝ...මට ට්‍රීට්මන්ට්ස් කරන්න උඹලා වින්ඳ දුකක්."

"ඒ හිටියේ උඹ නෙවෙයි ජන්ග්කුකාහ්...හ්ම්..අපි උදව් කළානම් තමයි..ඒත් අපි එක්ක එකඟ වෙලා බෙහෙත් ගන්න ආවේ වෙන හේතුවකටනේ."

ජන්ග්කුක්ගේ හිනාවේ තිබුනේ ඇත්තටම සතුටද නැත්තම් දුක මිශ්‍ර වූ සතුටක්ද කියලා පිටින් බලන කෙනෙක්ටනම් තේරුම් ගන්න අමාරුයි.

"අපි මේ අවුරුදු ගානටම ඒ දේවල් කතා කළේ නෑ නේ ජිමිනා..මට ඒ වුනු දේවල් එකින් එක මතක් කරන් කාත් එක්ක හරි කතා කරන්න ඕනේ."

ඉස්සර ඉඳන්ම ජන්ග්කුක් ඉල්ලුව දේ වුනේ ඒක.

ජන්ග්කුක්ට හැමදාමත් ඕනේ වුනේ එයා එක්ක කතා කරන්න කෙනෙක්.

ජිමින් සහ ජින් අවුරුදු ගානකට කලින් හරියට කරපු නැති දේ වුනෙත් ඒකමයි.

"හරි අපි කතා කරමු. තව විනාඩි විස්සක් තියෙනවා නේ."

කලින් කරපු වැරැදි ආයි නොවෙන්න ජිමින් හැමදාම වග බලා ගත්තා. ජන්ග්කුක්ට තනිකමක් නොදැනෙන්න හැමදාම එයා ළඟින් ජිමින් හිටියා.

"තෑන්ක්ස් ජිමිනා."

"අනේ පල පල තෑන්ක්ස් ගාන්නේ නැතුව...කෝ දැන් කියන්න බලන්න කියන්න ඕනේ ඒවා."

"නෑ මචන් දැන් මෙහෙමනේ..මම ඒ කරපු කියපු දේවල්වලට උඹලා මගේ මූණ බලන්න වටින්නේ නෑ...ඒත්.."

"ඕක ගැන නම් අපි කතා කරලා තියෙනවා නේ. ඒක වැඩක් නෑ...අපි දැන් උඹේ මූණ බලනවා නේ. ඒ නිසා වෙන එකක් ගැන කියපන්."

ජිමින් ජන්ග්කුක්ගේ පිටට තට්ටුවක් දාලා කිව්වා.

"හරි එහෙනම් මන් මේ අවුරුදු ගානටම කියෙව්ව නැති ඒත් හැමදාම හෙව්ව කෙනා ගැන කතා කරමුද?"

"හ්ම්ම්...උඹට තාමත් හිතෙනවද ඒ වැඩේ පිටිපස්සේ කෙනෙක් ඉන්නවා කියලා?"

"නැතුව! AI එකක් නිකන් හැදෙන්නේ නෑ නේ බන්. ඒක හදපු කෙනෙක් ඉන්න ඕනේ නේ. ඒ කෙනාව මට හම්බවෙන්න තිබ්බා නම්..."

"එතකොට ජන්ග්කුක්...උඹ ආදරේ Ami ට ද ඒක හැදුව කෙනාටද?"

"මට අනුව නම් දෙන්නම එක්කෙනෙක්. ඒ නිසා මම දෙන්නටම ආදරෙයි. එයා නිසයි මම වෙනස් වුනේ. එයා නිසයි තවත් කැලිෆෝනියාවේ මම වගේ අසරණ වෙලා කාලකණ්නි වෙන්න ගිය ජීවිත බේරුනේ. ඒත් එයා තාමත් හැංගිලා."

"මොකද ඔයා කොච්චර කිව්වත් එයා කළෙත් නීති විරෝධි වැඩක්."

"හ්ම්ම්..."

"එයා තාමත් ඒ වගේ ළමයින්ට උදව් කරන් ඇති. මන් නම් හිතන්නේ එයාට එයාගේ පාඩුවේ ඒ වැඩ කරගන්න දීලා අපි අපේ වැඩක් කරගන්න එක හොඳයි කියලා.අපි එයාව හොයන වැඩෙන් හදිස්සියේවත් එයාව ලෝකේම දැනගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්."

"ඇත්ත. මම මාස කිහිපයකට කලින් එයාව හොයන එක නවත්තන්න තීරණය කළෙත් ඔය දේ මටත් හිතුන නිසා."

𝑻𝒉𝒆 𝑫𝒂𝒓𝒌 𝑾𝒆𝒃 ✔Where stories live. Discover now