නෑ නෑ ඔම්මා මම හොඳින්...ඒත් පුතා කෝල් එකක්වත් දෙන්නේ නෑ නේ දැන්..අපි කෝල් කලාමත් වැඩ වැඩ කියනවා..දැනුත් මට අසනීපයි කිව්ව නිසා නේ කතා කරන්නේ. මොකක්ද කූ ප්‍රශ්නේ? ඔයාට ඔහේ ඉන්න බැරිද?
එහෙම එකක් නෑ..මම මෙහෙ සතුටින් ඉන්නවා..
ඔයාට විශ්වාසද කූ? ඔයාට උදව් කරන්න මේ ඔම්මා ඉන්නවා හරිද?
මොන වදයක්ද මේක? මට ප්‍රශ්න තියෙන කාලේ ඕවාට මුහුණ දෙන්නයි අරකයි මේකයි කියලා ප්‍රශ්න නැති කාලෙට උදව් කරන්න කතා කරනවා.
ජන්ග්කුක්!?
මට කතා කරන්න බෑ...බායි.
මම මගේ ඔම්මට අවසිහියෙන් හිටිය කාලේ කතා කරපු විදිය ගැන මට කිව්වේ පස්සේ කාලෙක ඔම්මා මයි. මගේ පපුවට පිහියකින් ඇන්නා වගේ දැනුනා ඔම්මා මගෙන් සමාව ගනිද්දි.
මගේ ප්‍රශ්න හරියට තේරුම් නොගත්තාට සමාවෙන්න කියලා ඔම්මා මාව හයියෙන් බදාගෙන අඬ අඬ කිව්වම මට වචනයෙන් විස්තර කරන්න බැරි දුකක් දැනුනා.
මගේ යාළුවා ජිමින් ගේ මාර්ගයෙනුයි ගෙදර අය මගේ වෙනස් වීම සහා ඒකට හේතුව දැනගත්තේ එයාලත් උත්සහා කළා මාව හරි මාර්ගෙට ආයිමත් ගන්න. හ්‍යුන්ග් ඇමෙරිකාවටත් ආවා සති කිහිපයකට.
ඒ දවස්වල මාව හොස්පිටල් එකක නවත්තලා මොන මොනාදෝ කළත් හ්‍යුන්ග්ට ඒ අතරේ ආයි කොරියාව යන්න වුන නිසා ඒ වැඩෙත් අසාර්ථක වුනා.
මම මට ආදරේ හැම කෙනෙක්ටම දුකක් දුන්න එක ගැන තාමත් හුඟක් පසු තැවෙනවා.
මාස දෙක අවසානයේ මම මත්ද්‍රව්‍ය නැතිව බැරි කෙනෙක් තත්ත්වයට පත් වෙමින් තිබුනේ.
ඉන්හේලර් එකට සෙට් කරලා තිබුන කුප්පිය හිස් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි කලින් මාසේ පුරුදු වුන විදියටම මම යුන්ගි හ්‍යුන්ග් හොයාගෙන ගියේ ඒක එයාට කියලා රීෆිල් කරගන්න.
ඒත් එයාගේ ෆෝන් එක වැඩ කළේ නෑ.
කොලේජ් ඇවිල්ලත් නෑ.
මම එයාව කලින් සතියටම දැක්කේ නැති නිසා එයාට මොනා වුනාද දැනගන්න එයාගේ වයසේ කෙනෙක්ගෙන් එයා ගැන ඇහුවා.
ඒත් කවුරුවත් එයා කොහෙද කියලා දැනන් හිටියේ නෑ.
"යුන්ගිව හොයනවා වගේ...ඔයත් යන්න ලෑස්ති වෙන්න දැන්. එයා ඉන්නේ Drug rehabilitation center එකක. එයාගේ හෝසෝක්ද බෝසෝක් ද ඩොක්ටර් කාරයා ඉන්නේ පොලීසියේ."
මම ජිමින්ගේ නහය කැඩෙන්න ගහන්න ඔන්න මෙන්න තියෙද්දි ජින් හ්‍යුන්ග් එයාගේ ඉස්සරහින් පුරුදු විදියට පවුර වගේ හිටගෙන,
"තමුසේ මගේ මල්ලිට අත උස්සන්න නම් ඔය හිතන්නේ මේ දැන් මන් පොලිසියට කම්ප්ලේන් කරනවා තමුනුත් අර හෝසෝක්ට සම්බන්ධ කෙනෙක් කියලා. ආස ද හිරේ අවුරුදු ගානක් කූරූ ගැන ගැන ඉන්න?"
"මාව හිරේ දාන්න?හහ් හිතේ ඇති මාව.."
මට කියන්න හම්බුනේ නෑ ජින් හ්‍යුන්ග් මට වේගෙන් කනට පාරක් ගැහුවා. කන් බෙරේ පිපුරුවාදෝ කියලත් හිතෙන තරමට ඒ පාර සැරයි.
මම ඒ වෙලාවේ එයාලට මොනවත් නොකර ආවේ එයා එක්ක ප්‍රශ්නෙක පැටලෙනවට වඩා විසඳගන්න ඕන ප්‍රශ්නයක් මට තිබුනු නිසා.
ඒක හිස් වේගන එන්නේ..දැන් මන් කොහෙන්ද බෙහෙත් ඉල්ලගන්නේ?
YOU ARE READING
𝑻𝒉𝒆 𝑫𝒂𝒓𝒌 𝑾𝒆𝒃 ✔
Fantasy"ප්ස්ස්..ප්ස්ස්..." "ක..කවුද? ප්ස්ස් ප්ස්ස්ස් ගාන්නේ?" "Open your eyes Mr. Darkdevil." "ආආඅහ්? තමුන් කවුද? මොනාද..." "ශ්! ශ්!! අපි හෙමීට කතා කරමුකෝ. හැමදේටම කලින් අන්‍යොන්හසෙයෝ I'm Ami. I'm here to help you...I mean I'm here to be your friend." "ආආආ...