මත්ද්‍රව්‍යවල බලෙන් චන්ඩියෙක් වෙලා හිටියත් ඒ වෙද්දිත් මගේ ඇතුළාන්තයේ හිටියේ මේ ලෝකේ දෙයක් නොදන්න අසරණ ජන්ග්කුක් නිසා මට යුන්ගි හ්‍යුන්ග් ඇර වෙනත් මත්ද්‍රව්‍ය දෙන කෙනෙක් සතියක් ගිහිල්ලත් හොයාගන්න බැරි වුණා.බෙහෙත් ඉතුරු වෙලා තියෙන්නේ තව ටිකයි...මන් දැන් මොකද කරන්නේ?
මත්ද්‍රව්‍ය ගන්න කෙනෙක්ගේ විදියට මගේ මුහුණත් ඒ වෙද්දි සුදුමැලි වෙලා තිබ්බා. අත්වල නහර ඉලිප්පෙන්න පටන් අරගෙනයි තිබ්බේ. මට මගේ පෙනුම ගැන ගානක් වුනේ නෑ. මට ඕනේ වුනේ බෙහෙත්.
අන්තිම බෙහෙත් ටික බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන ගමන් මම මගේ බෙහෙත හොයන්න උත්සහා කරන අතරතුර ජිමින් ආයිමත් මාව ඇදගෙන යන්න හැදුවේ තෙරපිස්ට් කෙනෙක් ළඟට.
එදා මන් ජිමින්ට ගැහුවා. එයාට කවදාවත් මන් අත උස්සලා නෑ. එදා එයා මම ගහපු පාරට වැටුණු තැනටම වෙලා හැඬුම් ස්වරයෙන් කිව්වේ,
"මන් උඹව කොහොමහරි බේරගන්නවා." කියලා.
ඒ වගේ යාළුවෙක් ලබන්න පිං කරන්න ඕනේ.
මම එයා කිව්ව දේ නෑසුනා වගේ එතනින් ආවේ මගේ අත්වලට වෙලා තියෙන අපරාධය දිහා බල බල. ලාවට ඉලිප්පිලා තිබුනු නිල් නහර තිබුනු මගේ අත් නොනවත්වා වෙව්ලන්න ගත්තා.
ඒකට හේතුව මන් ගන්න බෙහෙත් ප්‍රමාණය අඩු වීම. මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරද්දි මුලින් ගන්න මාත්‍රාවට වඩා ඊළඟට ගන්න මාත්‍රා ටික ටික වැඩි කරන්න වෙනවා. ඒ අර කලින් මාත්‍රාවට මොළය හුරු වෙනවා නිසා මත් වීමක් නොවෙන නිසා.
"ඔව් බන් යුන්ගියා නැතුව මෙහෙ හැමෝටම ඔහොමයි. කියන විදියට පළාතෙම ඩ්‍රග් ඩීලර්ස් ලා ව අල්ලලා."
"බලපන් මාව ගැහෙනවා...මේක අල්ලලා දුන්න එකාව මරන්න ඕනේ...මට ඒවා නැතුව බෑ."
"කොහෙන්වත් නැත්තම් ඔන්ලයින් ඕඩර් කරන්න බැරි වෙයිද?"
"ඒ කොහොමද? උඹ කියන්නේ Dark Web එකෙන්ද?"
"ඔව් ඔව්..ඒත් ඕවා හරියටම වැඩද දන්නේ නෑ නේ..."
මම කල්පනා කරමින් ඇවිදන් ගිය පාරේ කොනේම බිත්තියක හේත්තු වෙලා හිටිය කොල්ලෝ තුන්දෙනාගේ කතාව මට ඇහුනේ අහම්බෙන්.
මොකක්ද මේ Dark Web කියන්නේ?
" Excuse me!? මට ඔයාලා කියන දේවල් ඇහුනා. මොකක්ද මේ Dark Web කියන්නේ.?"
"තමුසේ කවුද පොඩි එකෝ අපේ කතා අහන් ඉන්න!??"
මට එහෙම කියාගෙන ගහන්න ආව හැඩිදැඩි කොල්ලාට මම ඒ වෙලාවේ බෙහෙත් නැති නිසා හිතේ හැංගිලා තිබුනු ආවේගෙත් අරගෙනම නහයෙන් ලේ එන්නම අත මිට මොලවලා ඇන්නා.
" ප්‍රශ්නයක් ඇහුවම තවත් ප්‍රශ්නයක් අහන්නේ නැතුව උත්තරයක් දුන්නොත් තමයි හොඳ." මම ගැහුව අතේ මැණික්කටුව අනිත් අතේ ඇඟිලි වලින් පිරිමදිමින් කිව්වා.
නහයෙන් ලේ එන මනුස්සයා ඒ පොඩි සද්දේට බය වුනා.
" Dark Web දන්නේ නැද්ද? ඒකට යන විදිය මන් කියන්නම්. හැබැයි ඒකේ illegal products එහෙමත් විකුණනවා."
"තමුසෙට පේන්නේ නැද්ද මන් ඉන්නෙත් තමුසෙට ඕන වෙලා තියෙන දේවල් නැතිව හාමත් වෙලා කියලා?"
"ඕහ්..දෙයියනේ ඔව්මයි...මේ අහපන් Dark web එකෙන් එක සැරයක් මන් බඩු අරගෙන තියෙනවා. මහ රෑට කියන තැනකට ගෙනල්ලා දාලා යන්නේ. වැඩේ සාමන්‍යයෙන් සේෆ්."
"ඕකේ ඔයාලා ගන්නකොට මටත් එක්ක ඕඩර් කරන්න."
"ආහ්? සොරි ඒක නම් කරන්න බෑ. අපි කාවවත් විශ්වාස කරන්නේ නෑ. ඔයා ඕක තනියෙන් කරගත්තොත් තමයින් හොඳ."
පැත්තක හිටිය වෙන කොල්ලෙක් මට එහෙම කියලා අනිත් කොල්ලො දෙන්නවම ඇදගෙන එතනින් ඉක්මනින් පිටත් වුනා.
මම මොනවත් නොකියා ටිකක් බලන් ඉඳලා එක පාරටම පණ ගැන්නුව එන්ජිමක් වගේ අඩිය ඉක්මන් කරලා ගෙදරට දිව්වේ Dark Web ගැන දැනගන්න.
YOU ARE READING
𝑻𝒉𝒆 𝑫𝒂𝒓𝒌 𝑾𝒆𝒃 ✔
Fantasy"ප්ස්ස්..ප්ස්ස්..." "ක..කවුද? ප්ස්ස් ප්ස්ස්ස් ගාන්නේ?" "Open your eyes Mr. Darkdevil." "ආආඅහ්? තමුන් කවුද? මොනාද..." "ශ්! ශ්!! අපි හෙමීට කතා කරමුකෝ. හැමදේටම කලින් අන්‍යොන්හසෙයෝ I'm Ami. I'm here to help you...I mean I'm here to be your friend." "ආආආ...