19.

376 106 34
                                    

'Yes jungkook you can do this. Keep faith in yourself. I can do this.'

මම මට ඇමී කිව්ව දේවල් මතක් කර කර හිතට හයිය අරන් ගිටාර් එක ප්ලේ කරන්න පටන් ගත්තා.

මම හිටියේ College ground එකේ. ජිමින්ගේ උදව්වෙන් මයික් එකකුත් සෙට් කරන් මම හිටියේ එතනින් ඉස්සරහම තිබුන music department එකේ main building එකට මුහුණ ලා.


මන් දිහා ගොඩාක් අය බල බල ගියා. සමහරු මගේ වටේ රැස් වුනා. මම ගොඩාක් බය වෙලා හිටියත් ඒක පෙන්නුවේ නෑ. පළවෙනි වතාවට මම මිනිස්සු ගොඩාක් ඉස්සරහ සින්දු කියන්න ගත්තා.

මට ඒ සින්දුව තෝරලා දුන්නේ ඇමී. එයාගේ තේරීම හොඳටම හොඳයි.

පටන් ගනිද්දි තිබුණ බය සින්දුව මැද හරියෙදි අඩු වෙන්න ගත්තේ හැමෝම මගේ සින්දුවේ තාලෙට ක්ලැප් කරන්න ගත්ත නිසා.

"Wow he's so talenetd."

"Jeez..i'm already in love with his voice."

"Look at his face..cute."

මට එහෙන් මෙහෙන් එහෙම දේවල් ඇහුනා.

දෙයියනේ...එයා එනවා...

සින්දුව ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි බිල්ඩින් එකෙන් එළියට ඇවිදන් ආවේ music department එකේ ප්‍රධානියා.

එයාගේ මූණෙන් කිසිම හැඟීමක් පෙනුනේ නෑ. ඒත් ටික ටික එයා මන් ළඟට එනවත් එක්කම මට එයාගේ මද හිනාව පෙනුනා.

"Come to my office mr. Jeon."

"Okay sir."

එයා මොනවා කියයිද?

කවුරුවත් මම සින්දු කියන්න හේතුව නොදැන හිටියත් මම එළියට එද්දි හැමෝම බලන් හිටියා. නිකන් එයාලගෙ department එකේ ප්‍රධානියා  මාව හම ගහලද බලන්න වගේ.

සෙනඟ අතරෙන් මන් ළඟට දුවන් ආවේ ජිමින්. එයා මුළු වෙලාවෙම බිල්ඩින් එක ළඟට වෙලා මගේ performance එක බලන් හිටියේ.

එයාගේ මූණ ආයි කලින් වගේ වුනා. හරිම ප්‍රසන්නයි. එයා එතන ඉඳන් මගේ බය නැති කරන්න වගේ මන් දිහාම බලන් හිනා වෙවී හිටියේ තමන්ගේ පුතා දිහා බලන් ඉන්න ආඩම්බර තාත්තා කෙනෙක් වගේ.

𝑻𝒉𝒆 𝑫𝒂𝒓𝒌 𝑾𝒆𝒃 ✔Where stories live. Discover now