11.

433 122 17
                                    


වේදනාව.

මට දැනුණේ එච්චරයි.

උදේ පාන්දර ඒ වේදනාව දරාගන්න බැරිව ඇඳේ මුල්ලකට පුළුවන් තරම් ගුලි වෙවී මම ඉන්නකොට ගෙදර දොර ගාව ඉඳන් කෙනෙක් කෑ ගහනවා මට ඇහුනා.

ඒ ජිමින්.

එයා නම් එදා ආවේ මගේ වාසනාවට.

මගේ යාළුවා නොහිටින්න එදා මම ඔලුවේ නහරයක් පිපිරිලා මැරිලා.

මම ඇඳෙන් වැටිලා එහෙමම බිම දිගේ ඇදි ඇදී දොර ළඟට ගිහින් දොර ඇරියත් ඒ වෙද්දිත් මම හිටියේ බාගෙට ක්ලාන්ත වෙලා.

බෙහෙත්...මට ඒවා ඕනේ.

"ජන්ග්කුක්!"

"ජිමින් එයාව අල්ලගන්න..අපි ඉක්මනට හොස්පිටල් එකට යමු."

ජින් හ්‍යුන්ග්ගේ කටහඬ මට ඇහුණේ දෝංකාරයක් වගේ.

ආයිමත් ඇහැරෙද්දි මම හිටියේ මගේ කාමරේමයි. ඒත් මගේ තනියට දෙන්නෙක්ම හිටියා. ඒ අතරේ වුනු කිසි දෙයක් මගේ මතකේ තිබ්බේ නෑ. තාමත් නෑ.

"දැන් කොහොමද ඔයාට?"

"දැන් ටිකක් ශේප්."

"හ්ම්ම්..ජන්ග්කුක් අද ඉඳන් ඔයා අපි එක්ක ඉන්න ඕනි. එක්කෝ අපේ ගෙදර ඔයා එන්න ඕනේ. නැත්තම් අපි මෙහෙ එනවා."

"ඒ මොකටද හ්‍යුන්ග්?"

"ඔයාව තනියෙන් තියන්න බෑ මෙහෙම."

"මට ඉන්න පුළුවන්."

"නෑ මෝඩයෝ ඔයාට පුළුවන් එක නෙවෙයි වැඩේ. අපි එනවා එච්චරයි."

ජිමින් කිව්වේ විහිළුවෙන් වුනත් ආයි මගේ ඇඟේ හිටිය යකා ඇහැරුනා එයාලාගේ වචනවලට.

"මහත්තයාට මතකද මාස ගානකට කලින් කොල්ලෙක් ඇවිත් හ්‍යුන්ග් මාත් එක්ක මගේ ගෙදර ඉන්න පුළුවන්ද? මට හරිම පාළුයි එහෙ. කියලා කිව්වා? එතකොට මහත්තයා ඒ කොල්ලට සවුත්තු කතා කිය කිය හිනා වුනා මතකද? දැන් මොකද මේ කොහෙවත් නැති සත්ව කරුණාවක්?"

"අහන්න ජන්ග්කුක්. මම දන්නවා මම වැරදියි. ඒ මම මේ ජීවිතේ කරපු නරකම වැරැද්ද. මට ඒ වැරැද්ද හදාගන්න දෙන්න ප්ලීස්."

𝑻𝒉𝒆 𝑫𝒂𝒓𝒌 𝑾𝒆𝒃 ✔Where stories live. Discover now