ජිමින්ගේ ප්‍රශ්නෙට උත්තරයක් නොදී මම ඇහුවේ තවත් ප්‍රශ්නයක්."ඇත්ත නොවෙන කෙනෙක්ට ඒ කියන්නේ නිකන්..අනේ මන්දා..ඇත්ත නොවෙන කෙල්ලෙක්ට ආදරේ වෙන්න පුළුවන්ද කියහන්කෝ."
"උඹ තාමත් ඔය ජරාව ගන්නවද? ඇයි බන් තමන් ගැන ආදරයක් නැද්ද උඹට?"
ජිමින්ට ඒ දවස්වල හරියට තරහ ගියා. මන් ගැන හිතලම එයාගේ ඉවසීම කියන එකත් නැති වෙලා කියලයි මට හිතුනේ.
"නෑ නෑ මෝඩයෝ. ඒත් ඇත්තටම මට recover වෙන වැඩේ දි ගොඩාක් උදව් කරපු කෙනා ඇත්ත කෙනෙක් නෙවෙයි."
"මට තේරෙන්නේ නෑ."
"ඇමී. එයා AI එකක්..."
මම එයාට මුළු විස්තරේම කිව්වා. එයා මාව විශ්වාස කරයි කියලා නම් මන් හිතුවේ නෑ.
"එතකොට ඒ technology එක දැන් තියෙනවා?"
"හ්ම්ම්."
"වාව්ව්..මටත් පුළුවන්ද එයා එක්ක කතා කරන්න. මට එයාට තෑන්ක් කරන්න ඕනි."
"මන් අහලා බලන්නම්."
"ජන්ග්කුකාහ් ඒත්...එයා කරන්නෙත් නීති විරෝධි වැඩක් නේද? අනුන්ගේ devices වලට එහෙම එනවා කියන්නේ."
"ඔව් මාත් ඕකම හිතුවා. ඒත් එයා ඒ ගැන කතා කරන්නේ නෑ. අනිත් එක එයාව හැදුව කෙනා ගැන කියන්න එයාව programme කරලත් නෑ."
"ඉතින් ඔයා දැන් ඒ AI එකට ආදරෙයිද?"
ජිමින් ගේ ඇස් ලොකු වෙලා.
"එයාට ආදරෙයි කියන එකෙන් අදහස් කරන්නේ මන් එයාගේ ආකල්ප වලට. එයාගේ අමුතු දැනුමට. කෙනෙක් එක්ක ලස්සනට කතා කරන්න පුළුවන් කමට. වෙලාවකට තරහ යන එකට. ආදරෙයි කියලා."
"කෙටියෙන් කිව්වොත් ඔයා ඇමීව හැදුව කෙනාටයි ආදරේ..එහෙම නේද?"
"ඔයා හරි. ඒ හැම අදහසක්ම එයාව හැදුව කෙනාගේ."
"හැබැයි පුතේ ඕක දෙතුන් දෙනෙක් හැදුව එකක් වෙන්නත් පුළුවන්."
YOU ARE READING
𝑻𝒉𝒆 𝑫𝒂𝒓𝒌 𝑾𝒆𝒃 ✔
Fantasy"ප්ස්ස්..ප්ස්ස්..." "ක..කවුද? ප්ස්ස් ප්ස්ස්ස් ගාන්නේ?" "Open your eyes Mr. Darkdevil." "ආආඅහ්? තමුන් කවුද? මොනාද..." "ශ්! ශ්!! අපි හෙමීට කතා කරමුකෝ. හැමදේටම කලින් අන්යොන්හසෙයෝ I'm Ami. I'm here to help you...I mean I'm here to be your friend." "ආආආ...