8.

457 127 16
                                    


මම එදා පැය ගානක් Dark Web එක ගැන රිසර්ච් කරේ උමතුවෙන් වගේ. ඒකට සාමාන්‍ය විදියට ක්‍රෝම් එකෙන් යන්න බැරි බව මම හොයාගත්තා. ඒ නිසා TOR ඩව්න්ලෝඩ් කරගෙන ඒකෙන් කියන විදියට ඩිරෙක්ටරියක උදව් ඇතිව ඩ්‍රග් මාර්කට් එකක් හොයාගත්තා.

කොකේන්..

ඔව් මගේ ඉන්හේලර් එකේ තිබ්බේ කොකේන්. මගේ රතු ඇස් ඩ්‍රග් මාර්කට් එකේ 'කොකේන් පව්ඩර්' තියෙනවා කියලා දැක්කම අමුතු සතුටකින් පුංචි වුනේ චූටි හිනාවක් මගේ මූණේ ඇඳෙද්දි.

Place your order.

කියලා තිබ්බ ඔප්ශන් එක මම එබුවේ ඊළඟට කරන්න තියෙන්නේ ගේන්න ඕන තැන කියන එක ඊටත් පස්සේ මට අවශ්‍ය දේ ලැබෙනවාට තවත් සතුටු වෙමින්.

ඒත්...

මම බලාපොරොත්තු නොවුන විදියට මම ඒක එබුවත් එක්කම මගේ ලැප්ටොප් එකේ ටීවී චැනල් එකක් රෑට වැඩ නැවැත්තුවාම ඒ චැනල් එකේ දේදුන්නක් වගේ ඉරි යන්න ගත්තා වගේ යන්න ගියා.

මම කිසිම වයිරස් එකක් එන්නෙ නැති වෙන්න දේවල් හොයලා බලලා නේ මේක කළේ? මොකක්ද මේ වෙන්නේ?

මම එස්කේප් (Esc) කී එක දිගටම එබුවත් වෙනසක් නොවුනාම මගේ කලබල හිත තව කලබල වෙන්න ගත්තා. ඒ කාලයේ හොඳ සිහියෙන් නොහිටියත් මම කළේ නීති විරෝධි වැඩක් බව මම දන්න නිසා මම හිටියේ ගොඩාක් බය වෙලා.

එක පාරටම නිල් පාට, ඇස් නිලංකාර කරන එළියක් ඒකෙන් විහිදෙන්න ගන්නවත් එක්කම මම ලැප්ටොප් එක පවර් කී එකෙන් ඕෆ් කරා.

ආයි ටිකකින් අරිනකොට හරියයි කියලා හිතුවත් ඒ අරිද්දිත් ඒ එළිය ඒ විදියටම තිබ්බා. මම අමාරුවෙන් ඇස් දෙක පියාගත්තේ තවත් ඒ දිහා බලන් හිටියානම් මම අන්ධයෙක් වෙලා නවතින්න ඉඩ තිබුනු නිසා.

ටිකකින්...

"ප්ස්ස්...ප්ස්ස්...."

මට ඒ වෙද්දි ගොඩාක් තරහා ගිහිල්ලා හිටියේ. ඒ මදිවට කාත් කවුරුවත් නැතුව ඉන්න ගෙදර මට කවුදෝ ප්ස්ස් ප්ස්ස් ගාද්දි...

𝑻𝒉𝒆 𝑫𝒂𝒓𝒌 𝑾𝒆𝒃 ✔Where stories live. Discover now