"ප්ස්ස්..ප්ස්ස්..."
"ක..කවුද? ප්ස්ස් ප්ස්ස්ස් ගාන්නේ?"
"Open your eyes Mr. Darkdevil."
එයා මට කතා කළේ මම ඩ්‍රග් මාර්කට් එකේ හදපු account එකේ යූසර්නේම් එකෙන්.
"ආආඅහ්? තමුන් කවුද? මොනාද..."
"ශ්! ශ්!! අපි හෙමීට කතා කරමුකෝ. හැමදේටම කලින් අන්‍යොන්හසෙයෝ I'm Ami. I'm here to help you...I mean I'm here to be your friend."
"ආආආඅහ්?"
මම දැක්කේ මගේ ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එකෙන් එළියටත් ඇතුළටත් ඇවිදින පොඩි ටින්කර්බෙල් සයිස් එකේ ගැහැණු ළමයෙක්ව.
ඇමි?
"තමුන් මොකෙක්ද?"
"මාව ටින්කර්බෙල් වගේ පේන්නේ නෑ නේද ඩෙවිල්?"
"මොන මඟුලක්ද?"
"හ්ම්ම්...Let me introduce myself, I'm Ami. I have been programmed to help stupid people who do drugs due to some serious reasons. So since you are one of those people who entered the dark web I'm here to assist you. ඔයාට තියෙන ප්‍රශ්න මාත් එක්ක කතා කරන්න. ඔයාව ඩ්‍රග්ස් වලින් අයින් කරන එකයි මගේ ජොබ් එක."
"How can you speak my language?"
"It's in my programme. මට ඒ නිසා පුළුවන් කතා කරන්න."
"ත..ත..මුන් මොකෙක්ද?? යනවා යන්න ආව අතකට."
මගේ ලැප්ටොප් එක උඩ ඇවිදපු ඒ චූටි කෙල්ල නිල් පාටයි. කෝඩ්ස් වගේ දෙයක් එයාගේ ඇඟේ පාවෙනවා.එයාගේ කටහඬ ගූගල් ඇසිස්ටට්න්ට් ගේ වොයිස් එකට හුරුයි. මම බය වෙනවා කියන එකේ උපරිමේටම බය වෙලා හිටියේ. ඒත් මන් වැඩියෙන් පෙන්නුවේ තරහා.
"මම ඔයාගේ යාළුවා මිස්ටර් ඩෙවිල්. ඔයාට දැන් ඉඳන් ඩාර්ක් වෙබ් එකට ඇතුළු වෙන්න බෑ. හදිස්සියේවත් එහෙම උත්සහා කළොත් මම ආයි එනවා. මගේ ඩේටාවල දැන් ඔයා ඉන්නවා. ඔයා කරන හැම වැඩක්ම මට පේනවා."
"ආහ්හ්?? මොන..තමුන්ව හැදුවේ කවුද? මේක නීති විරෝධියි. මගේ පෞද්ගලිකත්වයට හානියක්."
"අනේ හා."
"තමුන් AI එකක් වෙන්න බෑ. කොහොමද ඔහොම මනුස්සයෙක් වගේ කතා කරන්නේ."
"You'll like this video. Take a look."
එයා එහෙම කියලා ලැප්ටොප් ඇතුළට පැන්නා. එයා ගියාට පස්සේ මම තාමත් හිටිය ඩ්‍රග් මාර්කට් වෙබ්සයිට් එකෙන් මැසේජ් එකක් ආවා. මම හිතුවේ මට අවශ්‍ය දේ ගැන යමක් කියලා. ඒත් මම ඒක ක්ලික් කළත් එක්කම විවෘත වුනේ යූටියුබ් වීඩියෝ එකක්.
මගේ ඔලුව රත් වෙලා තිබ්බේ. ලස්සන ටින්කර්බෙල් වගේ කෙල්ලෙක් මගේ ලැප්ටොප් එක උඩ ඇවිද්දම....
පාට ඇවටාර්, සයිස් එක ටින්කර්බෙල්.
ඒ වීඩියෝ එක බැලුව මගේ ඔලුව තවත් අවුල් වුනා.
එතකොට මේ ඇත්තම AI එකක්ද?
කොහොමද එයා මගේ ලැප්ටොප් එකට ඇවිත් ආයි ඇතුළට ගියේ?
මන් ටිකක් වෙලා ඇඳ උඩට වෙලා ඔලුවත් අත් දෙකෙන්ම බදාගෙන කල්පනා කළා වුනු දේ ගැන.
මගේ ඔලුවේ මැවුනු දෙයක් වෙන්නැති.
අන්තිමේදි එහෙම හිතුව මම ආයි මගේ ඕඩර් එක ප්ලේස් කරන්නයි ලැහැස්ති වුනේ...
...............................................................
ඉස්කෝලේ ගිහින් මහන්සි වෙලා ආවම මහන්සිත් නැති වුනා මේ තෑග්ග දැකලා...😌😻❤
Thank you so much Mochi_No_Nesa akkii...❤❤❤
Luv yaa 😘
කෝ මේකට වෝට්ස් උත් නෑ කොමෙන්ට්ස් උත් නෑ...
වෝට් කොමෙන්ට් කරපියාව්
පොත දාන්න හිතෙන්නේ නෑ නැත්තම් 🥲
YOU ARE READING
𝑻𝒉𝒆 𝑫𝒂𝒓𝒌 𝑾𝒆𝒃 ✔
Fantasy"ප්ස්ස්..ප්ස්ස්..." "ක..කවුද? ප්ස්ස් ප්ස්ස්ස් ගාන්නේ?" "Open your eyes Mr. Darkdevil." "ආආඅහ්? තමුන් කවුද? මොනාද..." "ශ්! ශ්!! අපි හෙමීට කතා කරමුකෝ. හැමදේටම කලින් අන්‍යොන්හසෙයෝ I'm Ami. I'm here to help you...I mean I'm here to be your friend." "ආආආ...